Friday, June 19, 2015

ජාත්‍යන්තර තලය තුල සිදු වූ ප‍්‍රධාන සයිබර් අපරාධ


   


   පසුගිය ලිපි ද්විත්වය මගින් අපි ඔබ වෙත සයිබර් අපරාධ පිළිබඳව මූලික හැදින්වීමක් ඉදිරිපත් කළෙමු. එමගින් එවන් ගණයේ අපරාධයන් පිළිබඳව ඔබ මේ වන විට නිශ්චිත අවබෝධයක්  ලබා ගන්නට ඇතැයි අපි සිතමු. නමුත් මෙම සයිබර් අපරාධයන් සම්බන්ධයෙන් පවතින ඔබගේ දැනුම තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙවර ලිපියෙන් ලොවතුල සිදු වූ ප‍්‍රධාන පෙළේ සයිබර් අපරාධ පිළිබඳව හා එම අපරාධ සඳහා භාවිතා කරන ලද පොදු ක‍්‍රමවේදය පිළිබඳව තොරතුරු සැපයීමට අපි බලාපොරොත්තු වෙමු.
     හැක් කිරීම පිළිබඳ ලෝකය තුල කතා බහට ලක්වන්නේ 1960 වසරේ සිටය. එහිදී හැකර්(Hacker)යන්නෙන් පරිගණක දක්ෂ ක‍්‍රමලේඛකයා හා පරිගණක පිළිබඳ දැඩි කුතුහලකින් පසුවන්නා යන්න හදුන්වන ලදී. නමුත් ක‍්‍රමයෙන් හැක් කිරීම නීති විරෝධී ක‍්‍රියාවක් බවට පත් වූ අතර දුරකථන පද්ධති වලට අනවසරයයෙන් පිවිසීම මුල් කාලයේ සිදුවිය. අනතුරුව පරිගණක පද්ධති තුලට අනවසරයයෙන් පිවිසීම ආරම්භ වූ අතර ලොවම කැළඹීමකට ලක් කරන ආකාරයේ සිදුවීම් පවා වාර්ථා විය. පහත දැක්වෙන්නේ එලෙස වාර්ථා වූ අවස්ථා කිහිපයකි.

Ø 1994 දී රුසියානු හැකර්කරුවන් විසින් රුසියානු බැංකුවකින් ඩොලර් මිලියන 10 මුදලක් හැක් කිරීම මගින් ලොව පුරා ඇති බැංකු කිහිපයකට හුවමාරු කරන ලදී. අවුරුදු 30ක් වූ වැලැඞ්මීර් ලෙනින් තම පරිගණකය යොදා ගනිමින් එම මුදල් ෆින්ලන්ත හා ඊස්රායල් බැංකු කිහිපයකට හුවමාරු කරන ලද බව සනාථ වූ අතර ඇමරිකානු අධිකරණයක් මගින් ඔහුට වසර 3ක සිර දඩුවමක් නියම කරන ලදී.

Ø 1996 දී අගෝස්තු මස ඇමරිකානු අධිකරණ දෙපාර්ථමේන්තුව, ඔක්තෝම්බර් මස CIA", දෙසැම්බර් මස ඇමරිකානු ගුවන් හමුදා යන ආයතන වල වෙබ් අඩවි  හැක් කිරීමට ලක් විය.තවද ඇමරිකානු ආරක්ෂක දෙපාර්ථමේන්තු වෙබ් අඩවිය  හැක් කිරීමට එම අවුරුද්දේ හැකර්කරුවන් විසින් අවස්ථා 250,000 උත්සාහ දරා ඇති අතර ඉන් අවස්ථා 65% සාර්ථක වී ඇත.

Ø 2001දී මයික්රොසොෆ්ට් ආයතනයේ domain name server වෙත සයිබර් ප‍්‍රහාරයක් එල්ල වූ අතර එමගින් මයික්රොසොෆ්ට් ආයතනයේ වෙබ් අඩවිය අවුල් ජාලයක් බවට පත් විය. තවද Code Red නම් පරිගණක වයිරසය මගින් 35,900 තරම් පරිගණක සර්වර(servers& අකී‍්‍රය කරන ලදී.

Ø 2002 දී ස්කොට්ලන්ත ජාතික හැකර්කරුවකු වූ Grey McKinnon විසින් ඇමරිකානු යුධ හමුදා වෙබ් අඩවි කිහිපයක් හැක් කිරීමට ලක් කල අතර එමගින් ඔහු අපේක්ෂා කරන ලද්දේ UFO පිළිබඳව රජය දන්නා කරුණු දැන ගැනීමයි. ඇමරිකානු යුධ හමුදා නිළධාරීන් ප‍්‍රකාෂ කරන ලද්දේ මෙම සයිබර් ප‍්‍රහාරයෙන් වැදගත් කරුණු රාශියක් මැකී ගොස් ඇති බවත්  ඇමරිකානු යුධ හමුදාවේ වොෂිංටන්හි ඇති පරිගණක 2000ක් පමණ පැය 24ක් වැනි කාලයක් අක‍්‍රීය වී තිබූ බවයි. එමගින් වූ හානිය ඇමරිකානු ඩොලර් 700,000 වඩා අධික බව ඔවුන් ප‍්‍රකාෂ කරන ලදී.

Ø 2010 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක දෙපාර්ථමේන්තු වෙබ් අඩවිය  හැක් කිරීමට තුර්කි හැකර්කරුවකුට හැකියාව ලැබුනි. තවද ඉරාන න්‍යෂ්ඨික බලාගාරයක පරිගණක පද්ධතිය වෙත Stuxnet නම් වයිරස ප‍්‍රහාරයක් එල්ල වූ අතර ඊට ඊස්රායලට චෝදනා එල්ල විය.

Ø 2011 දී ඇමරිකාවේ බැංකුවක් තුර්කි හැකර්කරුවෙකු වූ JeopRDY විසින් හැක් කිරීම මගින් ගැනුම්කරුවන් 8500ගේ ක්‍රෙඩිට් කාඞ් අංක හා ගිණුම් තොරතුරු ලබා ගත් අතර වෙබ් පිටුවේ බැංකු සේවා හා නිෂ්පාදන පිළිබඳව පමණක් තොරතුරු ඉතුරු විය. තවද Playstation ආයතනයේ පරිගණක පද්ධති තුලට බාහිර අනවසර පිවිසීමක් (external intrusion& මගින් එහි ගැණුම්කරුවන් මිලියන 77කගේ ක්‍රෙඩිට් කාඞ් අංක හා ගිණුම් තොරතුරු ලබා ගත්තේය. තවද බංගලාදේශ හැකර්කරුවෙකු වූ TIGER-M@TE විසින් එකවර වෙබ් අඩවි 700,000 හැක් කිරීම මගින් ලෝක වාර්ථාවක් තබන ලදී. එම වසරේම You Tube හි Sesame Street චැනලය  හැක් කිරීම මගින් විනාඩි 22 පුරාවට අසභ්‍ය ලිංගික ප‍්‍රකාෂන වීඩියෝ විකාශනය කරන ලදී.

Ø ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එල්ල වූ පළමු සයිබර් ප‍්‍රහාරය ලෙස 1998 ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාල ඉලක්ක කොට එල්ල වූ සයිබර් ප‍්‍රහාරය හැදින්විය හැකිය. එහිදී LTTE සංවිධානය විසින් ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාල වෙත සති 2කට වඩා E-mail පණිවිඩ 800කට අධික ප‍්‍රමාණයක් යවමින් ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාල අතර පවතින සන්නිවේදන සබඳතාවය බිඳ දැමීමට උත්සාහ දරන ලදී. එහිදී එම පණිවිඩ වල මෙසේ සටහන් කර තිබුනි
               “We are the Internet Black Tigers and we're doing this to disrupt your communications”  ජාත්‍යන්තර බුද්ධි අංශ ප‍්‍රකාෂ කරන අන්දමට රටක තොරතුරු තාක්ෂණ පද්ධතිය ඉලක්ක කොට එල්ල වූ ප‍්‍රථම සයිබර් ප‍්‍රහාරය ලෙස මෙය හැදින්විය හැකිය.

ඉහත සඳහන් කළ අවස්ථාවන් මගින් පරිගණක හැකර්කරුවන් විසින් ලොවතුල සිදු කරන ලද ප‍්‍රධාන පෙළේ සයිබර් අපරාධ පිළිබඳව නිරූපණය වෙයි. එම සෑම අවස්ථාවක් සදහාම ඔවුන් විසින් පොදු ක‍්‍රමවේදයක් භාවිතා කර ඇත. ඒ අනුව  පරිගණක හැකර්කරුවන් විසින් පරිගණක පද්ධතියකට ඇතුල්වන ආකාරය හා දත්ත විනාශ කරන හෝ සොරකම් කරන ක‍්‍රමවේදය පහත සඳහන් පියවරයන්ට අනුවපැහැදිලි කරගත හැක.

මෙහිදී පළමු පියවරේදී හැකර්කරුවන් විසින් සමාජ යාන්ත‍්‍රණය යොදාගනිමින් වයිරස මුදාහැරීමට හෝ දත්ත සොරකම් කිරීමට අනාරක්ෂිත පරිගණක ජාල වෙත පිවිසීම සිදුකරනු ලබයි.
දෙවන පියවරේදී එම ප‍්‍රවේශය ලබාගත් ජාලය තුළ හදුනාගත නොහැකි අයුරින් රැඳෙමින් සාර්ථක ප‍්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය සැළසුම සකස්කරනු ලබයි.

තෙවන පියවරේදී සැලැස්මට අනුව අනාරක්ෂිත පද්ධති තුළට පිවිස දත්ත සොරා ගැනීම හෝ පද්ධතිය වෙත වයිරස මුදාහැර මෙහෙයුම් අඩපන කිරීම සිදු කරයි.

සිව්වන පියවරේදී එසේ සොරාගත් දත්ත හැකර්කරුවන්ගේ මධ්‍යස්ථාන වෙත පිටත්කර නැවත ප‍්‍රහාරයකට අවශ්‍ය විශ්ලේෂණය සිදු කරනු ලබයි.

ඉහත සඳහන් කරන ලද තත්ත්වයන් පිළිඳව විචාරාත්මකව බැලීමේදි හැගෙන දෙය නම් පොදුවේ අප සියළුම දෙනාගේ පරිගණක ජාලයන් වර්ථමානයේ අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවයි. මෙම තත්ත්වය හේතුකරගනිමින් අනවසරයෙන් පරිගණක ජාල වෙත පිවිසීම, දත්ත සොරකම් කිරීම හා පද්ධති විනාශ කිරීම අදවන විට නෛතික රාමුව යටතේ අපරාධයක් බවට පත්ව හමාරය.  ඒ අනුව එකී අපරාධයට එරෙහිව කටයුතු කිරීමට එම නෛතික රාමුව පිළිබදව නිසි අවබෝධයක් ජනතාව තුල තිබිය යුතුය. එම අවබෝධය ජනතාගත කිරීම සඳහා සයිබර් අපරාධ වෙනුවෙන් ශී‍්‍ර ලංකාව තුළ නිර්මාණය වූ නෛතික රාමුව හා ඒ ආශ‍්‍රිත කි‍්‍රයාපටිපාටිය පිළිබඳව මීලග ලිපියෙන් බලාපොරොත්තුවන්න.


අයේශ් මධුශංඛ විජයසිංහ

සයිබර් අපරාධ හා බැදුන පාරිභාෂික වචන




    
     සයිබර් අපරාධ පිළිබඳව කථා කරද්දී ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම් ඊට අදාල පාරිභාෂික වචන පිළිබඳව මෙන්ම ඉන් ගම්‍ය වන අර්ථයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. ඒ අනුව සයිබර් අපරාධ කේන්ද්‍ර කොට ගත් පාරිභාෂික වචනයන්හි අර්ථය පහත සඳහන් පරිදි විග‍්‍රහ කළ හැකිය.


Ø Hacker (හැකර්)
හැකර් යන්න විග‍්‍රහ කිරීම සඳහා අර්ථ දෙකක් පවතී. පළමුවැන්න නම් දක්ෂ ක‍්‍රමලේඛක (Clever Programmer)යන්න වන අතර දෙවැන්න නම් පරිගණක ජාල හා පද්ධති වෙත අනවසරයෙන් පිවිසෙන්නා යන්නයි.

Ø White hat (වයිට් හැට්)
පරිගණක ජාල හා පද්ධති තුල පවතින ආරක්ෂක දුර්වලතා හදුනාගනිමින් ඒ තුලට පිවිසෙන හැකර්වරුන් වයිට් හැට් නමින් හදුන්වයි. මොවුන් ද්වේෂ සහගත චේතනාවෙන් පරිගණක ජාල තුලට නොපිවිසෙන අතර එහි පවතින ආරක්ෂක දුර්වලතාවය අයිතිකරුවාට පෙන්වා දෙන අතර වෙනත් හැකර්වරුන්ට ඊට පිවිසීමට ඉඩ ලබා නොදෙයි.

Ø Black hat (බ්ලැක් හැට්)
පරිගණක ජාල හා පද්ධති තුලට ද්වේෂ සහගත චේතනාවෙන් පිවිසෙන හැකර්වරුන් බ්ලැක් හැට් නමින් හදුන්වයි. මොවුන් පිවිසෙන පරිගණක පද්ධති තුල පවතින ලිපි ගොනු විනාශ කිරීමක් හෝ දත්ත සොරකම් කිරීමක් සිදු කරයි. එපමණක් නොව එම අනාරක්ෂිත පද්ධති තුලට වෙනත් හැකර්වරුන්ට පිවිසීමට ඉඩ ලබා දෙන්නේ හැක් කිරීමට ලක් වූ අයිතිකරුවාට නොදැනෙන ආකාරයටයි.

Ø Grey hat ( ග්රේ හැට්)
පරිගණක ජාල හා පද්ධති තුල පවතින ආරක්ෂක දුර්වලතා හදුනාගනිමින් ඒ තුලට පිවිසෙන මොවුන් එහි පවතින ආරක්ෂක දුර්වලතාවය අයිතිකරුවාට පෙන්වාදීම මගින්  පරිගණක පද්ධති තුල පවතින ආරක්ෂක තත්වය උසස් කිරීම බලාපොරොත්තු වෙයි. මොවුන් ද්වේෂ සහගත චේතනාවෙන් පරිගණක ජාල තුලට නොපිවිසෙන නමුත් එම අනාරක්ෂිත පද්ධති තුලට වෙනත් හැකර්වරුන්ට පිවිසීමට ඉඩ ලබා දෙයි.


Ø Phishing (පිශින්)
නීත්‍යානුකූල යැයි හැගෙන ලෙස ග‍්‍රාහකයන් වෙත එවනු ලබන E – mail පණිවිඩ මගින් ඔවුන්ගේ පෞද්ගලික හා ආර්ථිකමය තොරතුරු රැස් කිරීම පිශින් ලෙස හැදින්වේ. මෙහිදී  එවනු ලබන E – mail පණිවිඩය නීත්‍යානුකූල පිළිගත් වෙබ්  අඩවියකින් පැමිනි පණිවිඩයක් ලෙස දිස්වේ (^Paypal, eBay, MSN, Yahoo, BestBuy, and America Online)  මෙහිදී ග‍්‍රාහකයන්ගෙන් මත්ස්‍යයන් අල්ලන ආකාරයෙන් ඇමක් භාවිතා කොට තොරතුරු ලබා ගන්නා නිසා මෙය මේ නමින් හැදින්වේ.



Ø Rootkit (රූට්කිට්)
පරිගණක ජාල හා පරිගණක (administrator level) මට්ටමෙන් අනවසරයෙන් පිවිසීමට භාවිතා කරනු ලබන පරිගණක වැඩසටහන් හා මෙවලම් රූට්කිට් නමින් හදුන්වයි. මෙහිදී හැකර්වරුන් විසින් පළමුවරට පරිගණක පද්ධති තුලට ඇතුල්වී එහි Rootkit ස්ථානගත කරනු ලබයි. අනතුරුව එම  Rootkit මගින් හැකර්වරුන් හට අයිතිකරුවාට නොපෙනෙන ලෙස පරිගණක පද්ධතිය තුලට ඇතුල්වීමට අවස්ථාව සළසා දෙයි.

Ø Spam (ස්පෑම්)
ස්වකැමැත්තෙන් තොග වශයෙන් විද්‍යුත් පණිවිඩ යැවීමේ පද්ධතියක් ස්පෑම් ලෙස හදුන්වයි. දැනට භාවිතා වන ප‍්‍රමුඛතම ස්පෑම් වර්ගය ලෙස E – mail spam  හැදින්විය හැකිය. මීට අමතරව විවිධ  ස්පෑම් වර්ග දැකිය හැකිය ඒවා නම් instant messaging spam, wiki spam, web search engine spam ලෙස හැදින්වේ.


Ø Spyware (ස්පයිවෙයාර්)
යම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක තොරතුරු අනවසරයෙන් රැස්කිරීමේ අරමුණෙන් තිබෙන  ඕනෑම තාක්ෂණයක් Spyware ලෙස හැදින්වේ. මෙහිදී එම පුද්ගලයාගේ හෝ ආයතනයේ තොරතුරු ලබා ගැනීම සඳහා පරිගණකයේ ස්ථානගත කරනු ලබන වැඩසටහන Spyware ලෙස හැදින්වේ.




Ø Trojan horse (ට්‍රෝජන් හෝර්ස්)
පිටතින් පරිගණක වයිරසයක් ආකාරයෙන් නොපෙනෙන මෙය පරිගණක පද්ධති තුලට පිවිසීමෙන් පසු  පරිගණක වයිරසයක් ආකාරයෙන්  කි‍්‍රයාත්මක වී  පරිගණක පද්ධතිය ක‍්‍රමයෙන් විනාශ කර දමයි.


අයේශ් මධුශංඛ විජයසිංහ

Tuesday, June 16, 2015

ලංකාවේ දේශපාලනය ඇමරිකානු ඇසින්










නිව්යෝර්ක් ටයිමිස් පුවත්පතෙහි ජනතා මත පිටුව වෙනුවෙන් 2015. 01.19 දින රේ ගොඞ්මන් (Ray Godman)විසින් සම්පාදනය කරන ලද Helping Sri Lanka’s New Democracy නම් ලිපියෙහි සිංහල පරිවර්තනය මෙසේ ගෙන එන්නෙමු. රේ ගොඞ්මන් යනු නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ නීතිය, දේශපාලනය හා සමාජවිද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකි. තවද ඔහු Just Security නම් බ්ලොග් අඩවියේ සම සංස්කාරකවරයාය.

උදා වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ශී‍්‍ර ලංකාවට සහය දැක්වීම

2009 වර්ෂයේදී ගොඩනැගී තිබූ දමිළ කැරැල්ල මැඩපැවැත් වූ මෙන්ම තම සොහොයුරු වූ ආරක්ෂක ලේකම්වරයා සමගින් ඒකධිපතිවාදයේ පෙනෙන මානය තෙක් තම රට මෙහෙය වූ ජනාධිපතිවරයාව බලයෙන් පහ කරමින්, ශී‍්‍ර ලංකා ජන්දදායකයන් තමන් පමණක් නොව මුළු මහත් ලෝකවාසියාවම විශ්මයට පත් කරන ලදී.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින්ද මෙම අවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නව පරිච්ජේදයක් ඇරඹීම සඳහා දශකයකට පමණ පසුව රටට උදා වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස ප‍්‍රකාෂ කරන ලදී.

නමුත් මෙම බලයෙන් පහ කරන ලද රෙජීමය නැවත වරක් බලයට පත් නොකිරීමෙන්, පත් වූ  නව රජයෙහි බල අධිකාරිය ආරක්ෂා වන ලෙස කටයුතු කිරීමටත් රටක් වශයෙන් වග බලා ගත යුතුයි. මෙම කාර්ය සාර්ථක කර ගැනීමේදී ඇමරිකානු එක්සත් ජනපදය, ඇත්තවශයෙන්ම ඇමරිකානු එක්සත් ජනපදයට පමණක් මෙය සිදුකළ හැකිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරා වූ ගෝඨාභය රාජපක්ෂ තවමත් දේශපාලනික වශයෙන් මිය ගොස් නොමැත. ඒ අතරතුර තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිතය. තවද අභිනව ජනාධිපති වශයෙන් පත් වූ මෛතී‍්‍රපාල සිරිසේන තම ජයග‍්‍රහණය විවිධ පක්ෂවල සහයෝගයන් මත ලබාගත් නිසාවෙන් ඔහුගේ බලය තහවුරු කරගැනීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ මත පිහිටා කටයුතු කළ යුතුයි.

මෙම සංකීරණ තත්ත්වය තුළ ඇමරිකානු එක්සත් ජනපදය විසින් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලබා දිය හැකි සහය කුමක්ද?
දිගුකාලීනව මානව හිමිකම් පිළිබඳව සළකා බැලීම සඳහා නව රජයත් සමග ඇමරිකානු එක්සත් ජනපදයට කටයුතු කළ හැකි බව කෙරී මහතා ප‍්‍රකාෂ කරන ලදී. එහිදී රාජපක්ෂ රෙජීමය විසින් 1983-2009 අතර කාලය තුළ පැවති සිවිල් යුද්ධයේ අවසන් භාගයේ සිදු කළ යුධ අපරාධ පිළිබඳව සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරම්භ කළ පරීක්ෂණය සඳහා ප‍්‍රමුඛත්වය ලබා දිමට ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ.

මෙම අවස්ථාව වන විට මෙම පරීක්ෂණය දැඩි අවධානයක් යොමු කළ යුතු මෙන්ම එතරම් අවධානයක් යොමු කළ යුතු නොවන වශයෙන් කරුණු දෙකක් මතු කර ඇත. දැඩි අවධානයක් යොමු කළ යුතු කරුණ වන්නේ, ශී‍්‍ර ලංකාව තුළ පත් වූ නව රජය මෙම පරීක්ෂණය වෙත තල්ලූ කළ හොත්, ඒ මත ඇතිවන වගකීම් සහගතභාවය තුළ නව රජය මෙම සංක‍්‍රාන්තික කාල පරිච්ජේදය නිමවීමට ප‍්‍රථම අස්ථාවර වීමට ඉඩ කඩක් පැවතීම නිසාවෙන් අලූතින් ගොඩනැගුණු ඇමරිකානු සබඳතා සඳහා තර්ජනයක් එල්ල වීමේ අවස්ථාවක් පැවතීමයි. තවද මෙම එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුව වෙත අපරාධකරුවන් සඳහා අධිකරණමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට හෝ ආර්ථිකමය සම්බාධක පැනවීමට හෝ බලයක් නොමැති වීම එතරම් අවධානයක් යොමු කළ යුතු නොවන කරුණ ලෙස දැක්විය හැකිය.

මෙම ගොඩනැගී ඇති අවස්ථාව තුළ වොෂිංටනය වෙත ප‍්‍රයෝජනවත් භූමිකාවක් නිරූපණය කිරීමේ වගකීමක් නිර්මාණය වී ඇත.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිවිල් යුද්ධයේ අවසාන කාල පරිච්ජේදය තුළ ශී‍්‍ර ලාංකික හමුදාවන් කුරිරු කටයුතු සඳහා මෙහෙයවනු ලැබීය. මෙම සිදුවීම වන අවස්ථාව වන විටත් ඔහු ඇමරිකානු පුරවැසිභාවය දරන්නෙකි ( ඇත්තවශයෙන්ම ඔහු ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වූ අතර ලොයලා නීතවිද්‍යාලයේ පරිගණක කි‍්‍රයාකරුවෙකු වශයෙන් සේවයේ නියුතුව කටයුතු කරන ලදී )
ඇමරිකාව තුළ කි‍්‍රයත්මක වන නෛතික තත්ත්වයට අනුව ඇමරිකානු පුරවැසිභාවය දරන්නෙකු වූ ගෝඨාභය රාජපක්ෂ 1996 යුධ අපරාධ පනතට යටත් විය යුතුය. එම පනත මගින් ලොව කුමන ස්ථානයක හෝ ජීවත් වන ඇමරිකානු පුරවැසියෙකු විසින් යුධ අපරාධයක් සිදු කළ තැනැත්තෙකු හෝ එහි ගොදුරක් බවට පත් වූවෙකු වන්නේනම් ඇමරිකානු අධිකරණයේ අධිකරණමය බලයට යටත් විය යුතුයි. එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෞද්ගලික යුද අපරාධ චෝදනාවක් ගොණුකරන්නේ නම් එම ගොණුකිරීමේ බලය ඇමරිකානු අධිකරණය වෙත හිමි වේ.

ස්වාධීන නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණයන්ට අනුව ශී‍්‍ර ලංකාව තුළ ඇති වූ නව දේශපාලනික සංක‍්‍රාන්තියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නොව ගෝඨාභය රාජපක්ෂ මහත් වූ බාධාවක් වී ඇත. ඔහු හා ඔහුගේ සොහොයුරා විසින් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රතිඵල හමුදා කුමන්ත‍්‍රණයක් මගින් වෙනස් කිරීමට උත්සාහ දැරුවා යැයි චෝදනාවක්ද පවතින අතර එය වත්මන් රජය විසින්  පරීක්ෂණයට ලක් කිරීමේ අවධානම මත ඔහු වත්මන් රජයට ගරු කිරීමේ පරිසරයක්ද ගොඩනැගී ඇත.

වත්මන් රජය තමන් වෙත ලැබුනු ප‍්‍රජාතාන්ති‍්‍රක ජයග‍්‍රහණය ආරක්ෂා කර ගැනීමට නම් මෙම අවස්ථාවේ තීරණාත්මක ලෙස සැළකිලිමත්ව කටයුතු කළ යුතුයි. එහිදී නැවතවරක් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමේ තර්ජනය මුලිනුපුටා දැමිය යුතුයි. මන්ද ඔහුගේ සොහොයුරු මහින්ද නැවත වරක් ප‍්‍රභල විපක්ෂයේ ආධාරයෙන් පාලන බලය තම සියතට ගතහොත් ගෝඨාභය රාජපක්ෂට නැවත් බලයට පැමිණීමේ අවස්ථාව ඇති බැවිනි.
මෙම හේතුව නිසාවෙන් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනික වශයෙන්  මුළුගැන්වීම නැතහොත් කොන්කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. මේ අතරතුර නව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන විදේශීය මැදිහත්වීම් වලින් තොර අභ්‍යන්තර යුධ අපරාධ පරීක්ෂණයක් සඳහා ඉඩකඩ වෙන් කරන බව ප‍්‍රකාෂ කර සිටියේය. මෙහිදී ජනාධිපති ලේකම්වරයා ප‍්‍රකාෂ කර සිටියේ නිශ්චිත යුධ අපරාධ සම්බන්ධයෙන් අධිචෝදනා ගොණුකරන බවයි.  එහිදී ඊනියා සුදු කොඩි සිද්ධිය මූලික වේ. එනම් යුද්ධය පැවති අවසාන දිනයේ රජයේ හමුදාවන්ට සුදු කොඩි සහිතව භාර වීමට පැමිණි දෙමළ නායකයින් වරදකාරී ලෙස ඝාතනය කිරීමයි. මෙය ඉතා ඉහළින් සැළකිය යුතු දරුණු ගණයේ ප‍්‍රකාෂයකි. මන්ද ශී‍්‍ර ලාංකිකයින් මෙන්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව       සඳහන් කළ පරිදි එවකට හමුදා ප‍්‍රධානියා ප‍්‍රකාෂ කරන ලද්දේ සියළුම දෙනා මරා දමන්නයනුවෙන්  ගෝඨාභය රාජපක්ෂ හමුදාවන්ට අණ ලබා දුන් බවයිතවද ඔහු මෙම ප‍්‍රකාෂය  ඕනෑම යුධ අපරාධ සම්බන්ධ පරීක්ෂණයකදී සිදුකිරීමට සූදානම් බවද ප‍්‍රකාෂ කළේය.
නමුත් පත්වූ නව රජය ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තනිව කි‍්‍රයා පටිපාටියකට යොමුවීම, තවමත් දේශපාලනික වශයෙන් අවදානම් සහගත කි‍්‍රයාවකි. මෙහිදී නව රජයට සහයෝගයක් ලෙස ඇමරිකා එක්සත් ජනපද රජය මගින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යුධ අපරාධ සම්බන්ධ චෝදනා යටතේ අධිකරණමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය. මෙමගින් නව රජයට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවස්ථාවක් ලැබෙනවා මෙන්ම පාර්ලිමේන්තුව තුළ යුක්තිසහගත ලෙස කටයුතු කිරීමේ හැකියාවක්ද ලැබේ. මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය නිසාවෙන් අන්‍ය ජාතීන්ගේ ගැටළු වෙත ඇ`ගිලි ගැසීමේ චෝදනාවන්ට ඇමරිකාව ලක්වන්නේද නැත.

ශී‍්‍ර ලංකාව වෙත උදාවූ මෙම නව ප‍්‍රතිස්ථාපන අවස්ථාව තුළ මේ පිළිබඳව තීරණයක් නොගෙන ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යුධ අපරාධ සම්බන්ධ චෝදනා ගොණු කළ යුතුයි යන්න මෙම අවස්ථාවේ ඔබාමා පාලනය විසින් පොදුවේ ප‍්‍රකාෂ කළ හැකිය. මෙම සංඥාව මගින් රට තුළ උදාව ඇති මෙම තීරණාත්මක අවස්ථාවේ රාජපක්ෂවරුන් ඊට බාධා නොවන ලෙස දේශපාලනිකව මුළුගැන්විය හැකිය. එපමණක් නොව ජනපති සිරිසේන පාලනය යටතේ, විනාශ වූ අතීතය වෙනුවට ගෞරවයෙන් පිරි සෞභාග්‍යයක් උදාකර ගැනීමේ අවස්ථාවක්ද ජනතාවට ලැබෙනු ඇත. නමුත් මේ අවස්ථාවේදී ඇමරිකානු එක්සත් ජනපදය තම වගකීම නිසි ලෙස ඉටුකළ යුතුය. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව හුදෙක් ශී‍්‍ර ලාංකිකයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පමණක්ම සඳහාය

පරිවර්තනය - අයේශ් මධුශංඛ විජයසිංහ

මෙම ලිපිය 2015.03.01 දින "ඇත්ත" පුවත් පතේ පළ වූවකි

සයිබර් අපරාධ යනු ?



වර්තමානය වන විට මිනිසා තාක්ෂණික වශයෙන් ලබා ඇති දියුණුව අති මහත් යග එම තාක්‌ෂණික ලෝකයේ පෙරැළිකාර මෙන්ම විප්ලවීය සොයා ගැනීමක්‌ ලෙස පරිගණකය හඳුන්වා දීම වරදක්‌ නො වේග පරිගණකය අද වන විට සමස්‌ත මානව වර්ගයා ගේ ම ජීවිත සඳහා එල්ල කර ඇත්තේ දැවැන්ත බලපෑමකි. මේ සියල්ල මෙයාකාරයට සිදු වෙමින් පවතින අතරේ පරිගණක ආශි‍්‍රත අපරාධවල ද වර්ධනයක්‌ පසුගිය කාල වකවානුව තුළ දී දක්‌නට ලැබිණි.
        ලෝක මට්ටමෙන් පරිගණක ආශි‍්‍රත අපරාධ පිළිබ`දව කථා කරද්දී 1990 වසරින් පසුව මේ පිළිබදව අවධානයට ලක්කර ඇත. ඒ අනුව අන්තර්ජාතිකව පරිගණක ආශ්රිරත අපරාධ හැදින්වීම සදහා  “Cyber Terrorism” නැතිනම් සයිබර් ත‍්‍රස්ථවාදය යන යෙදුම භාවිතා කරයි. එහිදී 1996 මූලික වශයෙන් මෙම පදය හදුන්වා දුන් අතර ඒ Cyberspace හා Terrorism යන පද දෙක සංකලනය කිරීමෙනි. එහිදී සයිබර් ත‍්‍රස්ථවාදය යනු පරිගණක ජාලයක් භාවිතා කරමින් ජාතික යටිතල ව්‍යුහය (බල ශක්තිය, ප‍්‍ර‍්‍රවාහනය, රාජ්‍යය මෙහෙයුම්) නවතා දැමීමට අඩපන කිරීමට බලහත්කාරයෙන් රාජ්‍ය හෝ ජනතාව වෙත මැදිහත් වීමයි.
     Netscape ආයතනයේ හිටපු ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී Kevin Coleman විග‍්‍රහ කරන පරිදී සයිබර් ත‍්‍රස්ථවාදය යනු පරිගණක හෝ පරිගණක ජාල වලට එරෙහිව කලින් සැළසුම් කරන ලද කඩාකප්පල්කාරී කි‍්‍රයාකාරකම් මගින් තර්ජනාත්මක ලෙසින් සමාජමය දෘෂ්ඨිමය ආගමිකමය දේශපාලනිකමය ලෙසින් හානියක් කිරීම හෝ කිරීමේ අරමුණු මත පරිගණක භාවිතා කිරීමයි.    
    සයිබර් අපරාධ හැදින්වීම සදහා විවිධ නිර්වචන ඉහත ආකාරයට ඇති අතර ලොව ප‍්‍රකට ප‍්‍රධාන සයිබර්  අපරාධයක් ලෙස පරිගණක හැක් කිරීම (Computer Hacking) හැදින්විය හැකියහැක් කිරීම යනු හිතා මතා බලය නොලත් ආකාරයෙන් විද්‍යුත් දත්ත වෙත පිවිසීම, ලබා ගැනීම හෝ හෙළිදරව් කිරීමයි. නමුත් යම් පුද්ගලයෙකු විසින් ස්වකැමැත්තෙන්, දැනුවත්භාවයෙන්, අවසරයකින් තොරව හෝ අවසරයක් ඇති බවට පැහැදැලිව ගම්‍ය නොවන ලෙස පරිගණකයකට හෝ පරිගණකයක ජාලයකට පිවිසීම, පිවිසීමට උත්සාහ දැරීම, සන්නිවේදනය කිරීම, පරීක්ෂා කිරීම හෝ දත්ත සංශෝධනය කිරීම, පරිගණක වැඩසටහන් ප‍්‍රලේඛණය කිරීම නොහොත් හැක් කිරීම පරිගණක අපරාධයක් ලෙස හැදින්විය හැකිය.
           ඒ අනුව සයිබර් ප‍්‍රහාරයක් යනු හිතාමතාම පරිගණක ජාලයක ඇති තොරතුරු වෙනස් කිරීමල අවුල් කිරීම හෝ විනාශ කිරීමයි. එවැනි ප‍්‍රහාර එල්ල කරන්නේ පරිගණක පිළිබද හසල දැනුමක් ඇති පුද්ගලයන්(Hakers) විසිනුයි. ඔවුන් අයථා ලෙස වෙනත් අයගේ පරිගණක තුළට රිංගා එහි ඇති තොරතුරු තම පාලනයට නතු කරගනියිගඑලෙස යම් රටක තිබේන සියලූම සේවාවන් අඩාල කිරීමට පවා ඔවුන්ට හැකියිගඔවුන් යවන හානිකර පරිගණක කේතයන් මගින්
Ø  විනාඩි කිහිපයක් ඇතුළත එම රටේ යුධ මෙහෙයුම් මුල්යිමය හා ව්යාඩපාරික තොරතුරු ඇතුළත් ජාලවල කි‍්‍රයාකාරිත්වය අඩාල වෙයි.
Ø  ටේලර් යන්ත‍්‍ර හා දුරකථන පද්ධති මුලුමනින්ම අඩාල වෙයි.
Ø  ගුවන් ගමන් ඇණහිටියි.
Ø  න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව සදහා ඇති පරිගණක පද්දති පවා ඇණහිටියි.
Ø  ත‍්‍රස්තවාදීන් හා යම් රජයන් විසින් ඔවුන්ගේ එදිරිවාදීන්ගේ පරිගණක ජාලවලට ඇතුල් වි රහස් තොරතුරු හෝ යුධ උපකරණ පිළිබද තොරතුරු සොරා ගැනිමට හෝ ඒවාට හානි කිරීමට මෙම උපක‍්‍රමය යොදා ගනියි.


විදෙස් රටවල සතුරන් විසින් එක්සත් ජනපදයේ පරිගණක ජාලයෙන් අවි ආයුදවල රෑපසටහන්ල යුධ සැලසුම්ල ආරක්ෂක අංශවල තොරතුරු දහස් ගණනක් සොරාගත් බව 2010දී එක්සත් ජනපදයේ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් වන විලියම් ජෙලින් ප‍්‍රකාෂ කරන ලදී. මේ හා සමාන ක‍්‍රම උපයෝගී කරගෙන මෙම පුද්ගලයින් ගීත පොත් පත් පරිගණක මෘදුකාංග වැනි බුද්ධීමය දේපළ හා මුල්‍ය තොරතුරු සමාගම්වලින් හා පුද්ගලයන්ගෙන් හොරා ගනි.

අයේශ් මධුශංඛ

Monday, June 15, 2015

නංගිව පෙන්නා අක්කාව දීග දීම




දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම දෙමාපියන්ගේ වැදගත් බලාපොරොත්තුවකි. මේ නිසා බොහෝ දෙමාපියන් මහත් උනන්දුවකින් තම දරුවා හොද පාසලකට ඇතුළත් කිරීමට උත්සාහ දරයි. 1947 මැයි 27 දින එවකට රාජ්‍ය මණ්ත‍්‍රණ සභාව විසින් සම්මත කරන ලද අධ්‍යාපන පනත මගින් මෙරටේ සියළුම දරුවන්ගේ අධ්‍යාපන බලාපොරොත්තුව නිදහස් අධ්‍යපන වරප‍්‍රසාදය මගින් තහවුරු කරන ලද්දේය. මෙම වරප‍්‍රසාදය නිසාවෙන් ක‍්‍රමයෙන් ලංකාවේ අධ්‍යාපන තත්ත්වය දියුණු වූ අතර එමගින් තුන්වන ලෝකයේ රටක් ලෙස සළකන ලද ශී‍්‍ර ලංකාව සාක්ෂරතාවය අතින් 90% සීමාව පසුකල ආසියානු රටක් බවට පත්වීමට එතරම් කළක් ගතනොවීය. නමුත් 1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය විසින් හදුන්වා දුන් නව ලිබරල් ප‍්‍රතිසංස්කරණයන් මගින් මෙරට එතෙක් පැවති නිදහස් අධ්‍යාපනය වෙත කණකොක් බලපෑම එල්ලවන්නට විය. 1981 ධවල පති‍්‍රකාව ගෙනඒම මගින් නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදය රටේ සුළුතරයක් වූ ධනේෂ්වර ආර්ථිකයේ උරුමකරුවන්ගේ අනුප‍්‍රාප්තිකයන් වෙත පවරා දීමට ඔවුන් උත්සාහ දැරුවේ බහුතරය වූ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන බලාපොරොත්තු නොසලකා හරිමිනි. එම උත්සාහය මෙරට ශිෂ්‍ය ප‍්‍රජාවගේ මැදිහත්වීමෙන් ව්‍යාර්ථ කළද, මෙරට අධ්‍යාපනය තුළ ලිබරල් ධනේෂ්වර හස්තය නෛතික නොවන රාමුවක සිට එතැන්පටන් කි‍්‍රයාත්මක විය. 80 දශකයේ මුල් අවුරුදු තුන ඇතුළත එක්සත් ජාතික පක්ෂය විසින් පාසැල් තුළ නෛතිකව මුදල් අයකර ගැනීමේ පළමු නීතිය ශී‍්‍ර ලංකාවට හදුන්වා අතර එය වසරකට රුපියල් 3ක පහසුකම් ගාස්තුවකි. ක‍්‍රමයෙන් එය රුපියල් 50 සිට රුපියල් 600 දක්වා වැඩිවූ අතර වර්තමානයේ මෙම මුදලට අමතරව විවිධ නාමයන්ගෙන් විවිධ තරාතිරමෙන් පාසැල් තුළ මුදල් එකතු කිරීම දෙමාපියන්ට විශාල පීඩනයක් එල්ල කර තිබේ.

දින 100 වැඩ පිළිවෙළ ම`ගින් මෙරට දරුවන්ගේ  නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත තත්ත්වයකට පත් කිරීම හා එමගින් නව අභියෝග ජය ගැනීම, එවකට ජනාධිපති අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ ජනපි‍්‍රය පොරොන්දුවක් විය. 2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව එතුමා විසින් පත් කළ නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අතුරු අය වැය යෝජනා මගින් එකී බලාපොරොත්තු ඉටුවන ලකුණු ඇස් පනාපිටම දර්ශනය වන්නට වූයේ අය වැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන් කිරීමට යෝජනා කිරීමත් සමගය. එපමණක් නොව නව රජයේ අධ්‍යාපන ඇමතිවරයා වූ අකිල විරාජ් කාරියවසම් විසින් තම ධූරයේ වැඩ භාරගත් පළමු දිනයේදීම ප‍්‍රකාෂ කර සිටියේ ”පාසැල් වලින් අනවශ්‍ය ලෙස මුදල් අය කිරීම් ඉදිරියේදී නවත්තවා” යනුවෙනි. මෙම ප‍්‍රකාෂය වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය ම`ගින් ඉතා ඉහළ ප‍්‍රචාරයක් ලබා දුන් අතර මෙමගින් පැසැල් යන වයසේ දරුවන් පසුවන දෙමාපියන්ට සිතට සහනයක් ඉතා සුළු කළකට වුවද සපයන ලදී. පහසුකම්, සේවා, ආරක්ෂක, ගොඩනැගිලි, කී‍්‍රඩා, ඩෙස් බංක, භාෂා දින, වර්ණ ප‍්‍රධාන උත්සව ආදී වූ නානාවිධ මුදල් අය කිරීම් වලින් ඔවුන් නිදහස් වේය යන චේතනාව මතය. නමුත් එම චේතනාවන් මේවන විටත් පුපුරාගොස් හමාරය. 2015 ජනවාරි 29 වන දින පාර්ලිමේන්තුව තුළදී 2015 අංක 05 දරණ චක‍්‍රලේඛයක් ඉදිරිපත් කිරීමත් සමගය මෙම චක‍්‍රලේඛයේ මාතෘකාව වන්නේ ”පාසැල් වලින් අවිධිමත් ලෙස මුදල් අය කර ගැනීම තහනම් කිරීම” යනුවෙන්. නමුත් මෙහි අන්තර්ගත විධිවිධාන එකින් එකට විමර්ෂණය කිරීමේදී මෙහි පවතින යථා ස්වභාවය මැනවින් දර්ශනය වන්නට විය. මෙය කොළය වසා ගැසීමකි එසේත් නැතිනම් එජාපය පෙර කළාක් මෙන් මෙය නංගිව පෙන්වා අක්කාව දීග දීමකි.

මෙම චක‍්‍රලේඛය මගින් ඉතා පැහැදිලි ලෙසම විදුහල්පතිවරයාට ගුරුවරුන්ගේ හා අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් හැර පාසල තුළ සිදුවන සියළුම කටයුතු වෙනුවෙන් දරුවන්ගෙන් නැතිනම් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීමේ බලය පවරා දී තිබේ. රණසිංහ පේ‍්‍රමදාස යුගය තුළදී පාසල තුළින්ම මුදල් සපයා ගැනීම වෙනුවෙන් පිහිටුවීමට උත්සාහ දරන ලද සංවර්ධන සභා සංකල්පය නැවත පණගැන්වීමට දැරූ උත්සාහයක් ලෙසද මෙය හැදින්විය හැකි. මෙම පනතෙහි මුල් වගන්ති මගින් මෙම මුදල් අය කර ගැනීම පිළිබදව සදහන්ව ඇත්තේ මේ ආකාරයෙනි.

1 - රජයේ පාසැල්වල විවිධ කටයුතු හොවා දක්වමින් සිසුන්ගෙන් දෙමාපියන්ගෙන් මුදල් අය කිරීම බහුලව සිදුවන බවට පසුගිය කාලය පුරාවටම නිරීක්ෂණය විය. එමෙන්ම හම මුදල් එකතු කිරීමේ කි‍්‍රයාවලියේ විධිමත්භාවයක් ප‍්‍රදර්ශණය කිරීම සදහා පාසල් සංවර්ධන සමිති ආදි, ශිෂ්‍ය සංගම් වලට අමතරව පාන්තිකව සුභසාධක සංගම් ආදී වූ ව්‍යුහයන් නිර්මාණය කරගනිමින් මුදල් අය කර ගැනීමද සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත.

2 -  වත්මන් රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුව වහාම කි‍්‍රයාත්මකවන පරිදී පාසල්වල සිසුන්ගෙන් හා දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම සපුරා තහනම් කරමි. මෙය පැහැර හරිමින් ක‍්‍රියා කරන අවස්ථා වෙතොත් විදුහල්පති වගකිව යුතුය.
මෙම මුල් වගන්ති ද්විත්වය කියවීම තුළින් වත්මන් රජය පාසල් තුළ මුදල් අය කිරීම් වහා කි‍්‍රයාත්මක වන පරිදි තහනම් කිරීමට සැරසෙන බවක් පෙන්නුම් කරයි. නමුත් මෙම චක‍්‍රලේඛයෙහි මින් පසුව සදහන් වන කරුණු මගින් මෙම වගන්ති ද්විත්වයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරයි. එය පහත පරිදි දැක්විය හැකිය,

5 - පාසල් විදුහල්පතිවරයෙකුට නිසි පරිදි නිල කුවිතාන්සියක් නිකුත් කොට මුදල් අය කරගත හැකි   අවස්ථා පහත පරිදි වේ.

 5.1 - අනුමත පහසුකම් හා සේවා ගාස්තු
 5.2 - පාසලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට [ විදුලි බිල, දුරකථන      බිල, ආරක්ෂක කටයුතු වැනි මූල්‍ය අවශ්‍යතා]

6 - අංක 5.2 යටතේ මුදල් අය කර ගැනීමට පෙර සෑම විදුහල්පතිවරයෙකුම පහත කි‍්‍රයාවලිය අනුමත කළ යුතුය,
                ] පාසලේ අත්‍යාවශ්‍ය වියදම් ඇස්තමේන්තුවක් සකස් කිරීම.
                ] එම ඇස්තමේන්තුවට අනුව අම්‍යාපන අමාත්‍යංශයේ හෝ වෙනත් රාජ්‍ය ආයතන වලින් ලැබෙන මුදල් පුරෝකථනය කොට අ හා ආ අතර පරතරය ගණනය කිරීම.
                ]  එම පරතරය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවෙකුට අදාල වන මුදල ගණනය කිරීම.
                ] ඉහත පරිදි සකස් කළ වාර්ථාව අධ්‍යාපන අමාත්‍යංශයට එවා එක් සිසුවෙකුගෙන් පාසලේ වියදම පියවා ගැනීමට අවශ්‍ය මුදල් අය කිරීම සදහා අනුමැතිය ලබා ගැනීම.

7.2 නීත්‍යානුකූලව ගාස්තු ගෙවීමට අපහසු ශිෂ්‍යයින් ග‍්‍රාම නිළධාරීවරයාගේ සහතිකයක් රැගෙන ආ යුතුයි.
මෙම 5, 6, 7 යන විධිවිධාන වලින් පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කරුණ වන්නේ පාසල් තුළ මුදල් අය කිරීම නීතිගත කර ඇති බවයි. මේ වනවිටත් මෙම චක‍්‍රලේඛය සියළුම අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, ලේකම්වරු, කළාප අධ්‍යක්ෂකවරු හා විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව විශ්වාසවන්ත ආරංච් මාර්ග සදහන් කරයි. පාසල් තුළ මුදල් අය කිරීම  එදා පටන්ම සිදු වූවක් වුවද එයට නීතිමය භාවයක් ලැබී නොතිබුනු නිසා එම මුදල් අනිවාර්‍යයෙන්ම ගෙවිය යුත්තක් නොවීය. නමුත් මෙම චක‍්‍රලේඛය මගින් මෙයට නෛතික පිළිගැනීමක් ලබා දී තිබෙන නිසා දෙමාපියන් මෙම මුදල් ගෙවීම සදහා අනිවාර්‍යයෙන් බැදී සිටියි.  නංගී පෙන්වා අක්කා දීග දුන් කල මනමාලයාට අත් වූ ඉරණම මෙවර දින 100 තුළ හිමිවූයේ පාසල් දරුවාට හා ඔවුන්ගේ දෙමාපියන්ටය.


 2015 අතුරු අය වැය ඉදිරිපත් කරමින් මහා පුරාජේරු නගමින් අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියූ මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් යමක් ඇසීමට ඇත. එනම් වෙන් කරනවාය කියූ 6% න් එම පාසල් වියදම් ගෙවා දැමිය නොහැකිද? යන්නයි. සත්‍යවශයෙන්ම මෙම සිදුවන යහපාලනය දෙස බලාසිටීමෙන් තේරුම් යන කරුණ නම් අධ්‍යාපනය වෙනුවෙන්ද 6%ක් වෙන් වන්නේ නැති බවයි. මෙම චක‍්‍රලේඛය මගින් හුදෙක්ම මෙතෙක් කල් පැවති අවිධිමත්ව මුදල් අය කිරීම තහනම් කොට විධිමත්ව අහිංසක දරුවන්ගෙන් හා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් රිසිට් පතක් ගෙන මුදල් අය කිරීමට අවස්ථාව උදා කරදීම පිළිබදව, ඇත්තෙන්ම අධ්‍යාපන ඇමතිවරයාගේ බුද්ධිමහිමයට ස්තුති කළ යුතුය. මන්ද මෑත ඉතිහාසයේ පාසල් ගාස්තු ගෙවීමට නොහැකිව පොල් ගෙඩි සොරකම් කිරීමට පවා දරුවන්ට සිදු වූ පරිසරයක් තුළ පුංචි රිසිට් පතක් ලබා දීම මගින් එම තත්ත්වය මග හැරගත හැකි යැයි අධ්‍යාපන ඇමතිවරයා සිතූ නිසාවෙන්ය. මෙවැනි දරුවන් පිලිබදව සිතන අධ්‍යාපන ඇමතිවරුන් සිටින රටක් තුළ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබදව දෙමාපියන් කිසිදු බියක් ඇති කරගත යුතු නැත.  බියක් ඇතිකරගත යුත්තේ මෙවැනි තීරණ නිසාවෙන් අධ්‍යාපන වරප‍්‍රසාදය අහිමි වූ කලක ඔවුන් තම ජීවිතය පිළිබදව ගන්නා තීරණය පිළිබදවය.

අයේශ් මධුශංඛ විජයසිංහ