Wednesday, July 22, 2015

ලෙයින් කළ සටහන



වෙනසක් කළා                      අට
සිතමින් වෙනස් කරනට         රට
නමුත් මේ අප                       හට
වැදුන පාරක් කන පැලෙන්    නට


අඩුවුන කොත්ත                 මල්ලී
වැඩිවුණ පඩිය                    සල්ලී
එ්ත් අප                            හෙල්ලී
ගියේ හෙළි වී බැංකු            පිල්ලී


එහෙන් සංධා                        නේ
දෙකට බෙදු                      නානේ
දුන්නොත් ඡන්දෙ හා             නේ
කන්න වෙයි රට මලම        දානේ


දෙගොල්ලොම           හොරුනේ
කාටද ඡන්දෙ                දෙන්නේ
වෙනසක්                     කරන්නේ
ලෙයින් එය සටහන්     කරන්නේ

Monday, July 13, 2015

අකලට මිලින මල් වරද කාගේද ?


 ඕනෑම නිර්මාණයකට වගකිව යුත්තෙක් ඇත. විටෙක ඔහු එහි හිමිකරු මෙන්ම නිර්මාණකරුද වේ. නිර්මාණකරුවෙකුට තම නිර්මාණ අභිමාණයකි, ශක්තියකි. විටෙක එය ඔහුගේ ජීවිතයද වේ. දරු පරපුරද ඒ ආකාරයෙන් දෙමාපියන් විසින් නිම කරන ලද සුවිශේෂී නිර්මාණයකි. එම නිර්මාණයට වගකිව යුත්තේ ඔවුන්මය. වර්තමානය තුළ අසන්නට දකින්නට ඇති ළමා ජීවිත නිකරුනේ විනාශ වීම් හා මිළින වීම් සහා වගකිව යුත්තේ කවුරුද? මේ එය විමසා බැලීමට කාලයයි.

මනුෂ්‍යයෙකු ලෙස ජන්මය ලැබීමට පෙර කුස තුළදීම දරුවන් මරා දැමීම මෙන්ම ජන්මය ලැබී පැයක් ගත වීමටත් මත්තෙන් දරුවා වැසිකිලි වලකට හෝ කුණු ගොඩක් වෙත විසි කරමින් ඔවුන්ගේ ජීවිත විනාශ කිරීම කලක පටන් අප රට තුළ සිදුවන්නක්. ඊට බලපාන ලද ආර්ථික, සමාජීය, මානසික සාධකයන් ගණනාවකි.  නමුත් මෑත ඉතිහාසයේ අපට අසන්න ලැබුනේ ඊට හාත්පසින්ම වෙනස් සිද්ධීන් සමුදායකි. විටෙක තට්ටු නිවාසයක ඉහළ තට්ටුවක සිට මවගේ අත්ල මතින් ගිලිහුන දියණිය බිම වැටී මිය යාමකි. තවත් විටෙක තම මිත්තණිය භාරයේ සිටි දරුවා ගට වැටීමෙන් මිය යාමකි. එපමණක් නොව මව පියා දෙදෙනාම නිවසේ සිටි අවස්ථාවේදී දරුවා මෝටර් රථයෙහි දොර වැසී හුස්ම සිරවීමෙන් මිය යාමකි. මේ ආකාරයෙන් මෑත ඉතිහාසය තුළ අපරික්ෂාකාරී අන්දමින් දරුවන් මිය යාම ශී‍්‍ර ලාංකික සමාජය තුළ කතා බහට ලක් වූ මාතෘකාවක් බවට පත් වී හමාරය. ඇත්තෙන්ම කුමක්ද මෙයට හේතුව? රට තුළ පවතින ආර්ථික විශමතාවයද? නැතිනම් දෙමාපියන්ගේ නොසැළකිලිමත් භාවයද? එසේත් නැතිනම් ප‍්‍රත්‍යක්ෂයට භාජනය නොවන වෙනයම් කරුණක්ද?

මේ පිළිබව අදහස් දැනගැනීම සහා අප පියෙක් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වන කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානී මහාචාර්ය මාපා තිලකරත්න මහතාව සමිබන්ධ කරගත්තා. මේ ඔහු විසින් පල කල අදහස්

වර්තමානයේ ශී‍්‍ර ලංකාව පිළිබ කතා කරද්දී බරපතල ප‍්‍රශ්න කීපයක්ම තියනවා. ඉන් ප‍්‍රධාන කරුණක් වන්නේ රිය අනතුරු වලින් ජීවිත හානි සිදුවීම. අනෙක් කරුණ වන්නේ මෑත කාලයේදී වාර්තා වන ඉතාමත් අවාසනාවන්ත ලෙස බිලිදු දරුවන් හා පාසල් වයසේ දරුවන් මිය යාම. මෙහිදී දරුවන් වලවල් වලට වැටීම, තට්ටු නිවාස වලින් වැටීම, වගා ළිං වලට වැටීම, වල් වලට වැටීම ආදියෙන් මරණයට පත්වීම් ජනමාධ්‍ය මගින් මෙම කාලය තුළ සුලභව වාර්තා වනවා. මම දකින ආකාරයට මෙම මරණ සහා වගකිව යුතු මුල්ම පාර්ෂවය වන්නේ එම දරුවන්ගේ මව පියා හා පවුලේ සමාජිකයන්ගේ නොසැළකිලිමත් භාවයයි.
නිවසේ පවතින යම් යම් අපහසුතා නිසා දරුවන් පිළිබව සොයාබැලීමට අපහසුවුවත් ඒ කිසිවක් සමාවට කාරුණු නොවෙයි. දරුවන් පිළිබ අවධානය දෙමාපියන්ට තිබිය යුතුයි. එ වගේම එවැනි පුවත් ජනමාධ්‍ය තුළ බරපතල උණුසුමු පුවත් විය යුතු නැහැ. ජනමාධය මගින් මේවා පලවීම මත දෙමාපිය අවධානය ලැබීම පමණක් අරමුණ විය යුතුයි.

අනෙක් කරුණනම් වර්තමාන පර්යේෂණයන්ට අනුව ගෙදර රාතී‍්‍ර කාලය තුළ රූපවාහිනිය සමග දෙමාපියන් රැඳෙනවිට දරුවන් පිළිබව සැළකිල්ලක් උනන්දුවක් නොදක්වන බව සොයාගෙන තිබෙනවා. එපමණක් නොවෙයි රැකියා තත්ත්වයන් මතද මෙය උද්ගතවීමට අවස්ථාව ඇත. මෑතකදී වාර්තා වූ දැදුරු ඔයට පැන සියදිවි නසා ගත් පාසැල් සිසුවිය තම දෙමාපියන් විදේශ ගතවීම මත ඔවුන් සමග සබතාවයක් නොදක්වන බවට කරුණු අනාවරණය විය. මෙමගින් පෙනී යන්නේ දෙමාපිය දරු සබතා වර්තමානයේ ගිලිහී ගොස් ඇති බවයි. එමෙන්ම දරුවන් පිළිබව ඇති අවධානයද දෙමාපියන් තුලින් ඈත්වී ඇති බවයි. මා සිතන ආකාරයට දරුවා පිළිබ අවධානය කුඩා කල පමණක් නොව දරුවන් වර්ධනය වූ පසුවද පැවතිය යුතුයි යන්නයි.

මෙහිදී අවධානය යොමු කළයුතු අනෙක් කරුණ වන්නේ මෙම සිද්ධි දාමයට රටක පවතින ආර්ථිකයද යම් බලපෑමක් එලල කළ හැකි බවයි. එනම් ගෙදර කටයුතු, යැපීම, දරුවා ජීවත් කිරීමට රැකියා කිරීම වැනි තත්ත්වයන් මත දරුවා පිළිබව පවතින අවධානය අඩුවිය හැකිය. එහිදී රටක පවතින දුර්වල ආර්ථිකයද යම් ආකාරයක බලපෑමක් එල්ල කළ හැකිය

මහාචාර්ය මාපා තිලකරත්නයන්ට අනුව මෙම දරුවන් අකාලයේ මියයාම් සහා බලපාන ලද ප‍්‍රධාන හේතුව වන්නෙ, රටක පවතින දුර්වල ආර්ථික තත්ත්වය මත දෙමාපියන් දරුවන් වෙනුවෙන් සාර්ථක අනාගතයක් උදාකිරීම උදෙසා තරකාරී ලෙස රැකි රක්ෂාවල නිරතවීම මත  ඇතිව තිබෙන නොසැලකිලිමත් භාවයයි. තවද මෙම තරකාරීත්වය තුළ දවස පුරා වෙහෙසෙන දෙමාපියන් රාතී‍්‍ර කාලයේ නිවසට පැමිණීමෙන් පසු තම වෙහෙස නිවාගැනීම සහා රූපවාහිනිය වෙත යොමුවීම මත දෙමාපිය දරු සබදතා ගිලිහීයාමද මෙම මරණවලට තවත් හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙයි.

මෙම සංකීර්ණ තත්ත්වය පිළිබව තවදුරටත් සාකච්ජා කිරීම සහා අප සම්බන්ධ කරගත්තා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ කථිකාචාරිනී සමන්තිකා පි‍්‍රයදර්ශණී මහත්මියව. ඇය මවක් මෙන්ම වර්තමාන සමාජය පිළිබව ගවේෂණාත්මකව විමසන්නෙකු වශයෙන් මෙම දරුවන් මිය යාමේ පරිසරයක් උදා වූයේ කෙසෙද? යන්න පිළිබ ව මෙසේ ප‍්‍රකාෂ කරන ලදී,

අද එකල තිබූ සරල සමාජය වෙනුවට සංකීරණ සමාජයක් බිහිව තිබෙනවා. න්‍යෂ්ඨික පවුලක් වටා සෑම දෙයම නිර්මාණය වී තිබුනත් මෙය සංකීරණ තත්ත්වයක් වී තිබෙනවා. අපට මෙය තුළ පැටලූන නූල් බෝලයක් හමුවනවා. මෙම පටලැවිල්ල නිසාවෙන් කලින් හදුනාගත් මව පියා දරුවන් යන භූමිකාවන් තුළ විශාල තිගැස්මක් ඇති වී තිබෙනවා. ඊට හේතුව මෙහි පුපුරායාමක් ඇති වීමයි. මෙම පුපුරා යාමත් සම දෙමාපිය දූ දරු සබතාවය සාමකාමී නොවන පරිසරයක් තුළ ගොඩනැගී ඇති අතර ඒ තුළින් සියළු දෙනා තාක්ෂණයේ දියුණුවේ මහිමයෙන් ආර්ථිකය පසුපස දිව යන තත්ත්වයක් උදාවීම මත අනතුර දරුවාගේ අසලටම පැමිණ තිබෙනවා. එවැනි අනාරක්ෂිත, මුදල් පසුපස දුවන සමාජයක සමාජගතවී පමණක් නොව කලින් සහන් කළ නූල් බෝලය තුළ දරුවා සිරවීම මත මෙම මරණ සිදුවන බව මාගේ හැගීමයි. එහිදී විවෘත ආර්ථිකය හදුන්වාදීමත් සම ජනතාව තුළ අනවශ්‍ය අවශ්‍යතා රාශියක් නිර්මාණය කිරීම නිසාවෙන් එම අවශ්‍යතා පසුපස හඹායාම මත දරුවාව මගහැරී යාම ස්වභාවික සාමාණ්‍යකරණයක් බවට අද පත්වී තිබෙනවා.
ලාංකීය සමාජය මගින් කුඩා කළ දරුවාව යම් යම් දේ කිරීම සහා වළක්වාලීමෙ ක‍්‍රමවේදයද දරුවා වෙත අනාරක්ෂිතභාවය රැගෙන එන්නක්. එනම් දරුවා යමක් කිරීමට උත්සාහ දරන වට එපා කීම මගින් දරුවා ඊට නිරායාසයෙන්ම පෙළඹීමයි. දෙමාපියන් තම දරුවා කීකරු කර ගැනීම මගින් අනතුරින් වළක්වා ගැනීමට උත්සාහ දැරුවත් එමගින් දරුවා එම කි‍්‍රයාවන් සහා පෙළඹවීම පමණක් සිදුවේ. මෙම අවාසනාවන්ත තත්ත්වය නිර්මාණය වීමට මෙයද එක් හේතුවකි
ඇය මෙම උදා වී ඇති තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය විසදුම්ද සාකච්ජා කරන ලදී. එහිදී ඇය මෙසේ ප‍්‍රකාෂ කරන ලදී,

වර්තමාන දරුවා තම අරගලය තමන් මවගේ ගර්භාෂය තුළ සිටින අවධියේම ආරම්භ කරන අතර එම අරගලයම තමන් සමාජයට පැමිණීමෙන් අනතුරුව දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුල, සෙල්ලම් කිරීමට අවකාෂය හි වීම තුළ මෙන්ම ස්වභාවික පරිසරය අත්විදීමට නොහැකි වීම තුළද දියත් කරනවා. දෙමව්පියන් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් තාප්ප, මෙහෙකරුවන් ආදිය සපයා දී තිබුනත් එය ආරක්ෂාවට ප‍්‍රමාණවත් නොවේ. මෙසේ දරුවාව ආරක්ෂා කිරීමට කටයුතු කරන දෙමාපියන් දරුවාට තමන් පිළිබව වගකීම ලබා නොදීම මත මෙම තත්වය තවත් උග‍්‍රවනවා. අප කුඩා කාලයේ අප විසින්ම ආරක්ෂාව සපයා ගත්තත්, වර්තමාන දරුවාට දෙමාපිය ආරක්ෂාව මත කොටු වීමට නැතිනම් ආකෘතිගතවීමට සිදුව තිබෙනවා. මෙමගින් දරුවා අනතුරකට පත්වීමේ ඉඩකඩ වැඩිව තිබෙනවා.

දෙවනුව ජනමාධ්‍ය මගින් දරුවාට පෙන්වන දේ මගින් ඔවුන්ව අනතුරු වෙත පෙළඹවීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මෙහිදී දරුවා අත කිසිදු වරදක් නැහැ. මෙම ළමා වැඩසටහන් යැයි කියා ගන්නා දේවල් හා කාටූන් වලට එරෙහිව පියවර නොගන්නා වැඩිහිටි සමාජයයි වරද කරන්නේ. ඉස්සර ටාසන් කාටූනයට එරෙහිව කතා කළත් අද ඒ තත්ත්වය දක්නට නහැ. මෙය විශාල අඩුපාඩුවක්.  එමගින් දරුවා අන්තරාකාරී කි‍්‍රයා සහා පෙළඹෙනවා. එපමක් නොවෙයි ආර්ථික තරයේ නිරත දෙමාපියන්ගේ විවේකය රාත‍්‍රී රූපවාහිනිය වෙනුවෙන් වැයවීම මතද දරුවා පිළිබ වගකීම අද සීමා වෙලා. ඔවුන් තම දරුවන් වෙනුවෙන් බැංකු ගිණුම්, ඉඩම් හා අධ්‍යාපනය වෙනුවෙන් කාලය වෙන් කරද්දී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවරයන්ගෙන් දෙමාපියන් ඈත් වෙලා. මෙහි පුපුරායාමයි අප මේ පසුගිය කාලය තුළ අත්වින්දේ.

30 වසරක යුද්ධය තුළ මිලිටරිකරණය වූ සමාජයක් තුළ දරුවා, ආරක්ෂාව නිසාවෙන් සීමාවීමකට ලක්වෙලා. මෙම සීමා වීම මත දරුවා ජනමාධ්‍ය මගින් පෙන්වන ප‍්‍රචන්ඩත්වය, විප්ලවය හා අත්හදාබැලීම් වෙත යෙමුව තම ජීවිතය විනාශ කරගනු ලබනවා. මව පියාගේ ගැටුම් මෙන්ම සමාජයේ පි‍්‍රයාකාරකම් මත දරුවා හුදකලා වෙලා. මෙම හුදකලා වීමේ ප‍්‍රතිපලය මත මෙම අනතුරු සිදුවීම ඉහළ යාම සිදුවනවා. මෙහිදී වැඩිහිටියන් ලෙස අපට විශාල වගකීමක් තිබෙනවා. එමෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මගින් නීතියෙන් නොව දරුවා පිළිබව සිතා තීරණ ගැනීම මගින් මෙම තත්ත්වය අවම කර ගත හැකි බව මාගේ අදහසයි

මෙලෙස වර්තමාන සමාජය දරුවාට අන්තරාකාරී සමාජයක් බවට පත්වීම හා ඊට ගත යුතු පියවර පිළිබව එසේ අදහස් ප‍්‍රකාෂ වන වට, මෙම මරණ වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී  පොලිස් මාධ්‍ය ප‍්‍රකාෂවරයා ප‍්‍රකාෂ කර සිටියේ මෙසේ දරුවන් නොසැළකිලිමත් ලෙස අනතුරේ හෙලන දෙමාපියන් වෙනුවෙන් ඉදිරියේදී දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදනයන් සකස් කරන බවයි. නමුත් දරුවෙකුගේ ජීවිතයක් විනාශවීමෙන් පසු ඊට විරුද්ධව පියවරයන් ගැනීමෙන් ඇති ඵලය කුමක්ද? වැදගත් වන්නේ දරුවා රැක ගැනීම නෙවේද? කල යුත්තේ ඉහත විද්වතුන් සහන් කල හේතු සහා ප‍්‍ර‍්‍රතිකර්ම සෙවීම නොවේද? ප‍්‍රතිපත්ති සෑදිය යුත්තේ එය සහා නොවේද? තීරණය ඔබට භාරයි ! 

අයේශ් මධුශංඛ විජයසිංහ

මෙම ලිපිය 2015.03.01 දින "ඇත්ත" පුවත් පතේ පළ වූවකි

Tuesday, July 7, 2015

ශ‍්‍රී ලංකාවේ පරිගණක අපරාධ පිළිබඳ නෛතික රාමුව



පසුගිය සතියේදී ලොව තුල සිදු වූ ප‍්‍රධාන සයිබර් අපරාධ පිළිබඳව අපි ඔබ දැනුවත් කළෙමු.  ශ‍්‍රී ලංකාවද සයිබර් අපරාධ වලට ගොදුරු වන්නේ කලක පටන්ය. එනම් ශ‍්‍රී ලංකාවේ පරිගණක ආශි‍්‍රත අපරාධවල ද වර්ධනයක්‌ පසුගිය කාල වකවානුව තුළ දී දක්‌නට ලැබිණි. මේ සඳහා පිළියමක්‌ ලෙසට 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත සම්මත කිරීමට ව්‍යවස්‌ථාදායකයට සිදු විය. මේ පනත පැනවීමේ අරමුණ ලෙස එහි පූර්විකාවේ සඳහන් වන්නේ ,පරිගණක අපරාධ හඳුනා ගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැළැක්‌වීම සඳහා නෛතික කි‍්‍රයාමාර්ගයන් සැලසීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්‌වීම සඳහා වූ පනතක්‌ වශයෙනි
මූලික වශයෙන් මෙහි දී පරිගණක අපරාධයක්‌ යනු කුමක්‌ ද යන්න පිළිබඳව නීතිමය දෘෂ්ටිකෝණයෙන් විමසා බැලිය යුතුය. මේ පිළිබඳව පනතේ 3 වැනි වගන්තියේ සිට 13 වැනි වගන්තිය දක්‌වා විස්‌තර කර තිබෙනු දක්‌නට ලැබේ. එනම් පනතේ

3 වැනි වගන්තියෙන්
          කිසියම් තැනැත්තකු විසින් හිතාමතාම තමා උදෙසා හෝ වෙනත් යම් තැනැත්තකු උදෙසා යම් පරිගණකයකට හෝ යම් පරිගණකයක්‌ තුළ ගබඩා කර තිබෙන යම් තොරතුරුවලට  ප‍්‍රවේශය අත් කර ගැනීමේ අරමුණින් ඒ ප‍්‍රරවේශය අත් කර ගැනීමට ඔහුට නීත්‍යානුකූල බලයක්‌ නොමැති බවට දැනුවත්ව හෝ එසේ විශ්වාස කිරීමට කරුණු තිබිය දී යම් රියාවක්‌ කරනු ලබයි නම් එය වරදක්‌ බව දක්‌වා තිබේග 3 වැනි වගන්තිය යටතේ වූ මේ වරද සම්පූර්ණ වීම සඳහා මූලික වශයෙන් කරුණු දෙකක්‌ ඔප්පු කළ යුතුය. එනම් එම තැනැත්තාට අදාළ පරිගණකයට ප‍්‍රවේශ වීමට නීත්‍යානුකූල බලයක්‌ නො තිබූ බව සහ තමන්ට එවැනි බලයක්‌ නොමැති බවට අදාළ පුද්ගලයා දැනුවත් ව සිටි බව හෝ එසේ විශ්වාස කිරීමට කරුණු තිබූ බවය. මේ වගන්තිය යටතේ යමකු වරදකරුවකු වුව හොත් රුපියල් ලක්ෂශයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු පහකට නොවැඩි සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකට ම යටත් විය යුතු බව තුන්වැනි වගන්තියේ වැඩිදුරටත් සඳහන් වේ.

4 වැනි වගන්තියෙන්
එනම් කිසියම් තැනැත්තකු විසින් හිතාමතාම තමා උදෙසා හෝ වෙනත් යම් තැනැත්තකු උදෙසා යම් පරිගණකයකට හෝ යම් පරිගණකයක්‌ තුළ ගබඩා කර තිබෙන යම් තොරතුරුවලට ප‍්‍රවේශය අත්පත් කර ගැනීමේ අරමුණින් ඒ ප‍්‍රවේශය අත්පත් කර ගැනීමට නීත්‍යානුකූල බලයක්‌ නොමැති බවට දැනුවත්ව හෝ එසේ විශ්වාස කිරීමට කරුණු තිබිය දී සහ මේ පනත යටතේ වෙනත් වරදක්‌ හෝ තත්කාලයේ බල පවත්නා වෙනත් යම් නීතියක්‌ යටතේ යම් වරදක්‌ කිරීමේ අදහසක්‌ යම් කි‍්‍රයාවක් ‌ සිදු කිරීම වරදක්‌ බව දක්‌වා තිබේ.
මෙහි දී පනතේ 3 වැනි වගන්තිය සහ 4 වැනි වගන්තිය සංසන්දනාත්මකව බැලීම වැදගත් වේ. එනම් 3 වැනි වගන්තිය යටතේ දී යමකු පරිගණකය වෙත හෝ පරිගණක තොරතුරු වෙත ප‍්‍රවේශය ලබා ගන්නේ වෙනත් වරදක්‌ සිදුකිරීමේ අදහසින් බව ඔප්පු කිරීම අවශ්යය නොවේ. එනම් පනතේ 4 වැනි වගන්තියේ දක්‌වා ඇති වරද ඔප්පු කිරීමට ඉහත 3 වැනි වගන්තිය යටතේ වූ වරදක්‌ සඳහා ඔප්පු කළ කරුණු දෙකට අමතරව එකී ප‍්‍රවේශය ලබා ගත්තේ 2007 අංක 27 දරන පනතේ හෝ වෙනත් යම් නීතියක්‌ යටතේ වරදක්‌ සිදු කිරීමේ අරමුණ උදෙසා බව ඔප්පු කළ යුතු යග පනතේ 4 වැනි වගන්තිය තුළ දැක්‌වෙන වරද සඳහා වරදකරුවකු වුවහොත් රුපියල් දෙ ලක්ෂමයකට වැඩි නො වන දඩයකට හෝ අවුරුදු 05 දක්‌වා දීර්ඝ විය හැකි සිරදඬුවමකට හෝ යටත් කළ හැකි බව දක්‌වා තිබේ.

5 වැනි වගන්තියෙන්
අධිකාරී බලය නොමැති ව පරිගණකයකට කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීම වරදක්‌ බව පනතේ දක්‌වා තිබේ. එම වගන්තියේ වැඩිදුරටත් දක්‌වා ඇත්තේ පරිගණකයකට යම් කර්තව්‍යයක් ඉටු කිරීමට සැලැස්‌වීම සඳහා තමාට අධිකාරී බලයක්‌ නොමැති බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව හිතාමතා ම යම් පරිගණකයකට හෝ පරිගණක පද්ධතියකට අනවසර වෙනස්‌ කිරීමක්‌ හෝ අලාභයක්‌ හෝ අලාභයක්‌ සිදු විය හැකි යම් කි‍්‍රයාවක් හෝ කරන යම් තැනැත්තකු වරදකට වරදකරු වන බවය.
මේ වගන්තිය යටතේ යමකු වරදකරුවකු කිරීම සඳහා පහත සඳහන් කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුය. එනම් අදාළ විත්තිකරු පරිගණකයකට හෝ පරිගණක පද්ධතියක ඇති දත්ත හා තොරතුරු වෙනස්‌ කරන්නා වූ අලාභයක්‌, අලාභයක්‌ සිදුවිය හැකි යම් කි‍්‍රයාවක් කළ බව, එම කි‍්‍රයාවක් කිරීමට විත්තිකරුට නෛතික බලයක්‌ නො තිබූ බව හා ඒ බව විත්තිකරු දැන සිටි බව හෝ ඒ බව විශ්වාස කිරීමට හේතු තිබූ බව යන කරුණු ය. මේ වගන්තිය යටතේ වරදකට වරදකරු වූ විට රුපියල් තුන් ලක්ෂයකට වැඩි නො වන දඩයකට හෝ අවුරුදු පහ දක්‌වා දීර්ඝ විය හැකි බන්ධනාගාරගත වීමකට හෝ එම දඬුවම් දෙකට ම යටත් විය හැකි බව දක්‌වා තිබේ.

6 (1 )වගන්තියෙන්
යම් පරිගණකයකට හිතාමතා ම යම් කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීමෙන් සහ එයින් යම් හානියක්‌ වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව එයින්
) ජාතික ආරක්ෂාවවට
) ජාතික ආර්ථිකයට
) මහජන ආරක්ෂාවට
හානි සිදු කිරීම හෝ ආසන්න ම හානියක්‌ සිදු කිරීමට සලස්‌වන්නා වූ යම් තැනැත්තකුට අවුරුදු පහකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු බව සඳහන් කර තිබේ. මේ වගන්තිය යටතේ වූ නඩුවක දී වඩාත් වැදගත් කරුණ වන්නේ අන් අවස්‌ථාවල මෙන් විත්තිකරුට අදාළ පරිගණකයට පිවිසීමට නීත්‍යානුකූල බලයක්‌ තිබුණේ ද නැද්ද යන්න සලකා නො බැලීමයි.


7 වැනි වගන්තියෙන්
වෙනත් යම් තැනැත්තකු විසින් නීත්‍යානුකූල අවසරයකින් තොර ව පරිගණකයකින් හෝ පරිගණක ආශි‍්‍රත මාධ්‍ය තොරතුරු ලබාගෙන ඇති බවට දැනුවත් ව හෝ එසේ විශ්වාස කිරීමට හේතු තිබිය දී එවැනි යම් තොරතුරු
) මිලයට ගැනීම, ලබාගැනීම, රඳවාගැනීම, විකිණීම හෝ ඕනෑ ම ආකාරයකින් කටයුතු කරන
) මිලයට ගැනීමට හෝ විකිණීමට ඉදිරිපත් කරන හෝ ඕනෑ ම ආකාරයකින් ගනුදෙනු කරන
) එක්‌ ආචයන උපක‍්‍රමයකින් වෙනත් එකකට මාරු කරන විශාල ආශි‍්‍රත උපක‍්‍රමයකින් මාරු කරන, පිටපත් කරන හෝ භාවාර්ථයෙන් හෝ තේරුම් කර ගන්නා යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව දක්‌වා තිබේ. මෙවැනි වරදක්‌ සඳහා රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් ලක්ෂ  3ට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොඅඩු සහ අවුරුදු තුනක්‌ නො ඉක්‌මවන කාලයක්‌ සඳහා බන්ධනාගාරගත කළ හැකි බව දක්‌වා තිබේ.

8 වැනි වගන්තියෙන්
) පරිගණකයක්‌ හෝ පරිගණකයක්‌ විසින් හෝ පරිගණකයක්‌ තුළ හෝ සිදු කරන හුවමාරු වන දත්ත හෝ සේවාදායක තොරතුරු හෝ
) පරිගණකයකින් යම් තොරතුරු ගෙන යන විද්යුත් චුම්බක විමෝචනල
යම් තාක්ෂයණික විධික‍්‍රම මගින් දැනුවත්ව හෝ නීත්‍යානුකූල අවසරයක්‌ නොමැති ව අත් කර ගන්නා යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර එවන් විටක දී රුපියල් ලක්ෂ යකට නොඅඩු හා රුපියල් ලක්ෂ තුනකට නොවැඩි දඩයකට හෝ මාස 06කට නොඅඩු සහ අවුරුදු තුනකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට නැතහොත් ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් කළ හැකිය. මෙහි දී අදාළ වරද ඔප්පු කිරීම සඳහා අත්පත් කරගත් බවල ඒ සඳහා තාක්ෂකණික විධික‍්‍රම උපයෝගී කරගත් බව, ඒ පිළිබඳව දැන්වත්ව කළ බව හා නීත්‍යානුකූල අවසරයක්‌ නොමැති ව කටයුතු කළ බව ඔප්පු කළ යුතු ය.

9 වැනි වගන්තියෙන්
යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ වරදක්‌ සිදු කිරීම සඳහා භාවිත කරවීමේ අදහසින් පරිගණක හෝ පරිගණක වැඩසටහනක්‌ ඇතුළු යම් පරිගණක උපක්රභමයක්‌, පරිගණකයට හෝ එහි යම් කොටසකට ප‍්‍ර‍්‍රවේශ වීමේ හැකියාව ඇති පරිගණක මුරපදයක්‌, ප‍්‍ර‍්‍රවේශ කේතයක්‌ හෝ ඒ හා සමාන දත්ත නීත්‍යානුකූල අවසරයක්‌ නොමැති ව භාවිතය සඳහා ඉදිරිපත් කරන, විකුණන, නිෂ්පාදනය කරන, ආනයනය කරන, අපනයනය කරන, බෙදාහරින හෝ අන්යාමකාරයකින් සපයා දෙන යම් තැනැත්තෙක්‌ වරදකට වරදකරු වන බව සඳහන් ව තිබේ. එවැනි වරදක්‌ සඳහා රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් ලක්ෂ තුනකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොඅඩු හා අවුරුදු තුනකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකට නැත හොත් ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු බව සඳහන් වේ.

10 වැනි වගන්තියෙන්
පරිගණකයක්‌ මාර්ගයෙන් සපයනු ලබන යම් සේවාවකට ප‍්‍ර‍්‍රවේශ වීමට හැකි කරවමින් තමාට පවරා දෙනු ලැබූ තොරතුරු යම් ප‍්‍රකාෂිත අධිකාරී බලයක්‌ නොමැති ව හෝ යම් ප‍්‍රකාෂිත ව්‍යාජ ගිවිසුමක්‌ කඩ කරමින් හෝ අනාවරණය කරන්නා වූ යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව සඳහන් ව තිබේ, එවැනි වරදකට වරදකරු වීමේ දී රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් ලක්ෂ තුනකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොඅඩු අවුරුදු තුනකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකට නැත හොත් එම දඬුවම් දෙකට ම යටත් කළ හැකි බව දක්‌වා තිබේ.

11 වැනි වගන්තියෙන්
පනතේ 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, වැනි සහ 14 වැනි වගන්තිවල සඳහන් වැරැදිවලින් කිසිවක්‌ සිදු කිරීමට තැත් කරන හෝ එවැනි වරදක්‌ සිදු කරනු ලැබීමට සලස්‌වන යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව දක්‌වා තිබේ, එසේ වරදකරු කිරීමේ දී එක්‌ එක්‌ වරද සඳහා නියම කරන ලද උපරිම දඩයෙන් හරි අඩකට නොවැඩි දඩයකට හෝ එක්‌ එක්‌ වරද සඳහා නියම කරන ලද උපරිම කාලයෙන් හරි අඩකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයකට බන්ධනාගාරගත කිරීමට හෝ ඉහත දඬුවම් දෙකට ම යටත් කළ හැකි බව දක්‌වා තිබේ. මේ පනත යටතේ වරදක්‌ සිදු කිරීමට අනුබල දෙන යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව එහි 12 වැනි වගන්තියේ දක්‌වා තිබේ.

13 වැනි වගන්තියෙන්
මේ පනත යටතේ වරදක්‌ සිදු කිරීමට කුමණ්ත‍්‍රණය කරන යම් තැනැත්තකු වරදකට වරදකරු විය යුතු අතර, වරදකරු කරනු ලැබූ විට ඒ වරද සිදු කිරීමට අනුබල දීම සඳහා නියමිත දඬුවමින් දඬුවම් කරනු ලැබීමට යටත් විය යුතු බව සඳහන් වේ.

        මේ පිළිබඳ විධිවිධානයන් පනතේ 14 වැනි වගන්තිය යටතේ දක්‌වා තිබේ. එනම් යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු කරනු ලැබූ විට සහ ඒ වරද සිදුකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස
) යම් තැනැත්තකුට හෝ ආයතනයකට පාඩුවක්‌ හෝ අලාබයක්‌ සිදු වන හෝ
) වරදකරුට හෝ වෙනත් යම් තැනැත්තකුට මුදල් ලාභයක්‌ උපචිත වන අවස්‌ථාවක දී අධිකරණය විසින් වරදකරු වෙත පනවනු ලබන යම් දඬුවමකට අමතරව වරදකරුට අවස්‌ථාචෝචිත පරිදි
I) ඒ පාඩු හෝ අලාභ සිදු වූ තැනැත්තාට හෝ ආයතනයට වන්දියක්‌ හෝ
II) එසේ උපචිත වූ මුදල් ලාභයේ වටිනාකමට සමාන මුදලක්‌ රජයට ගෙවීමට නියෝගයක්‌ කරනු ලැබිය යුතුය.

මේ අනුව පෙනී යන්නේ ලංකාවේ පරිගණක ආශි‍්‍රත අපරාධ සම්බන්ධ නීතිය වඩාත් ශක්‌තිමත් තලයක පැවතුනත් ශී‍්‍ර ලාංකික ජනයා මෙම නීති පද්ධතීන් පිළිබව දක්වන නොදැනුවත්කම මත ඔවුන්ට පරිගණක ආශි‍්‍රතව සිදුවන අපරාධ වෙනුවෙන් පියවර ගැනීමට ඇති අවස්ථාවන් සීමිත වී ඇති බවයි. එපමණක් නොව Sri Lanka CERT ආයතනයට අනුව ශී‍්‍ර ලාංකික ජන සමාජය පරිගණක අපරාධ වලට ලක්වීමේ ප‍්‍රවණතාවය පසුගිය වසර කිහිපයේ ඉහළ මට්ටමකට පැමිණ ඇත්තේ මෙම තාක්ෂණික කාර්යයන් පිළිබව පවතින නොදැනුවත්භාවය නිසාවෙනි. පරිගණක අපරාධ වලින් වැළකීමට ජාතික මට්ටමෙන් හා පෞද්ගලික වශයෙන් ගත යුතු පියවර පිළිබව පුළුල් සාච්ජාවක් ශී‍්‍ර ලාංකික ජන සමාජය තුළ ඇතිකල යුතුයි. එම වගකීම ඉෂ්ඨ කිරීමට එනම්, පරිගණක අපරාධ වලින් වැළකීමට ජාතික මට්ටමෙන් හා පෞද්ගලික වශයෙන් පියවර රාශියක් ගත යුතුයි.


අයේශ් මධුශංඛ විජයසිංහ

Sunday, July 5, 2015

කවුද මේ කැමරන් ?





Box Office වාර්තා පිට වාර්තා තබන ලද සම්භාවනීය සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස ජේම්ස් කැමරන් හැඳින්විය හැකිය. කුඩා කල සිටම විද්‍යා ප‍්‍රබන්ධයන්ට දැඩි ඇල්මක් දැක්වූ ඔහු Terminator, Aliens, Avatar යන චිත‍්‍රපට නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලදී එපමණක් නොව ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද මහා පරිමාණ චිත‍්‍රපට බොහොමයක් සඳහා ඇකඩමි සම්මානයන් හිමි විය.1997 දී ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ සිවිශේෂීම චිත‍්‍රපටය වූ Titanic චිත‍්‍රපටය ආදායම් වාර්තා බිඳ දමමින් ප‍්‍රථම වරට ඩොලර් බිලියනයක් වාර්තා කළ චිත‍්‍රපටය බවට පත්විය තවද Titanic චිත‍්‍රපටය ඇකඩමි සම්මාන 14 ක් සඳහා නිර්දේශ වූ අතර එයින් හොඳම අධ්‍යක්ෂණය හොඳම සංස්කරණය හා හොඳම චිත‍්‍රපටයට හිමි ඔස්කාර් සිනමා සම්මාන ත‍්‍රිත්වය තමා සන්තක කර ගැනීමට කැමරන් සමත් විය.

මුල් ජීවිතය
1956 අගෝස්තු 16 දින කැනඩාවේ කාපුස්කාසින්ග් (Kapuskasing) නුවර උපත ලබන ජේම්ස් කැමරන් කුඩා කළ සිටම විද්‍යා ප‍්‍රබන්ධ කියවීමෙහිලා දැඩි උන්නදුවක් දැක්වූ අයෙකි. තරුණයෙකු වශයෙන් ගත කල කාලයේදී කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පිහිටි ෆුලර්ටන් විශ්වවිද්‍යාලයට බැඳුණු ඔහු එහිදී භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන්නට විය. නමුත් අතර මැද එම තීරණය වෙනස් කල ඔහු උපාධිය අතහැර දමා ට‍්‍රක් රථ රියදුරෙකු ලෙස මුදල් ඉපයීමටත් ඒ ඔස්සේ තම සිනමාකරණ සිහිනය සැබෑ කරගන්නටත් වෙර දැරූවෙකු ලෙස හඳහන් කල හැකිය.

සිනමාකරණයට පිවිසීම
1987 දි කැමරන් තම ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙස “Xenogeness” නම් විද්‍යා ප‍්‍රබන්ධයන් පදනම් කොටගත් කෙටි චිත‍්‍රපටය නිපද වූ අතර එය ඒ ශ්‍රේණියේ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වූ රොජර් කෝර්මන්ගේ New World Picture”නම් ආයතනයේ රැකියාවක් ලබා ගැනීමට ඔහුට අවස්ථාවක් සලසා දෙන ලදී. මෙම ආයතනය තුල කැමරන් විසින් විවිධ භූමිකාවන් නිරූපණය කරන ලදී. එහිදී 1980 දී තිරගත වූ  “Battle Beyond The Star” චිත‍්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයා ලෙසත් 1981 දී තරගත වූ   “Piranha II: The Spawning” චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කරන ලදී.

1984 වසර කැමරන්ට ඉතා සුවිශේෂී වසරක් වූ අතර ඒ ඔහු විසින්ම රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස   “Terminator” චිත‍්‍රපටය අති සාර්ථක ලෙස තිරගත වීමයි. විද්‍යා ප‍්‍රබන්ධ කථාවක් ආශ‍්‍රය කොට ගනිමින් නිෂ්පාදනය වූ මෙම චිත‍්‍රපටය වාණිජමය වශයෙන් සාර්ථකත්වයට පත් වූ අතර එය කැමරන්ගේ මීලඟ චිත‍්‍රපටය වූ Alines” චිත‍්‍රපටය සාර්ථකත්වයට පත්වීමට මහත් රුකුලක් විය. 1978 දි තිරගත වූ Alines” චිත‍්‍රපටය ඔස්සේ කැමරන් සයිගෝනී වීවර් (Sigourney Weaver) ගේ ප‍්‍රධාන චරිත ඔස්සේ කාන්තා ක‍්‍රියාදාම වීරවරියන් (Female Action Hero) සිනමාවට හඳුන්වා දෙන ලදී 1986 දී වීවර් විසින් මෙම චිත‍්‍රපටය සඳහා හොඳම නිළිය සඳහා වූ ඇකඩමි සම්මානය දිනා ගන්නා ලදී.

නමුත් කැමරන් විසින් 1989 දී අධ්‍යක්ෂණය කරන ලද ‘‘The Abyss’’ චිත‍්‍රපටය ඔහුගේ අසාර්ථක නිර්මාණයක් වූ අතර එය අධික වියදම් සහිත නිර්මාණයක් විය. චිත‍්‍රපටය තිරගත වීමෙන් පසු එහි කථා තේමාව විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක් විය. නමුත් මෙහි භාවිතා කරන ලද දෘෂ්‍ය ප‍්‍රයෝග (Visual effects) සඳහා ඇකඩමි සම්මානය හිමි විය.
1991 දී නැවත සාර්ථක සිනමා නිර්මාණයන් ඔස්සේ කරලියට පැමිණෙන කැමරන් Terminater 2: Judgment day චිත‍්‍රපට අධ්‍යක්ෂණය බොක්ස් ඔෆිස් වාර්තාවන්ටද හිමි කම් කීය. ඒ ඩොලර් මිලියන 200 කට අධික ආදායමක් ලබමිනිමෙහි ප‍්‍රධාන චරිතය නිරූපණය කළ ලින්ඩා හැමිල්ටන් (Linda Hamilton) සමඟ පසුව කැමරන් විවාහ වූ අතර එය ඔහුගේ සිව්වන විවාහය විය.

1994 දී කැමරන් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද "True Lies"  චිත‍්‍රපටයද ඩොලර් මිලියන 378 ක බොක්ස් ඔෆිස් වාර්ථාවක් තැබීමට සමත් විය. එපමණක් නොව එහි දෘෂ්‍ය ප‍්‍රයෝග වෙනුවෙන් ඔස්කාර් සම්මානයක්ද හිමි විය.

ඉන් අනතුරුව කැමරන් විසින් තම දැවැන්තම සිනමා නිර්මාණයක් වූ Titanic නැවෙහි කථාව සිනමාවට නැගීම ආරම්භ කරන ලද අතර ලියනාඩෝ ඞී  කැප්රියෝ (Leonardo de Caprio) හා කේට් වින්ස්ලට් (Kate Wincelet) ප‍්‍රධාන චරිත නිරූපනයට යොදා ගත් ඔහු මහා සාගරය මැද සිදු වූ දැවැන්තම ඛේදවාචකය මෙක්සිකෝවේ කෘතිමව නිර්මාණය කරන ලද චිත‍්‍රාගාරයක් තුල ප‍්‍රතිනිර්මාණය කරන ලදී. මෙම චිත‍්‍රාගාරය තුල කෘතීම සාරගයක් නිර්මාණය කල අතර ඊට වතුර ගැලූම් මිලියන 17 ක් යොදා ගත් අතර අඩි 775 ක ටයිටැනික් නැවෙහි අනුරුවක්ද භාවිතා කරන ලදී. මෙම චිත‍්‍රපටය නිර්මාණය කිරීමට ඩොලර් මිලියන 200ක් වියදම් වූ නමුත් මෙය තිරගත වීම ප‍්‍රමාද වීම මත සිනමා කර්මාන්තයේ සිටි බොහෝ දෙනාගේ මත වුයේ චිත‍්‍රපටයෙහි නම ලෙසින්ම චිත‍්‍රපටයද මුහුදුබත් වීමට ආසන්න බවයි. නමුත් එම සියලූ මතයන් බිඳ දමමින් 1997 දෙසැම්බර් මස තිරගත වූ Titanic චිත‍්‍රපටය පළමු සතියේ සිටම ඉහළ ආදායම් වාර්තා පිහිටුවීමට සමත් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක ආදායම් වාර්තා කළ ලොව පළමු චිත‍්‍රපටය ලෙස ඉතිහාස ගත වීමටද මෙයට හැකියාව ලැබිණි.

එපමණක් නොව මෙම චිත‍්‍රපටය ඇකඩමි සම්මාන 14 ක් සඳහා නිර්දේශ වූ අතර ඉන් හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත‍්‍රපට සංස්කරණය හා හොඳම චිත‍්‍රපටය සඳහා වූ ඔස්කාර් සම්මාන ත‍්‍රිත්වයම තමා සන්තක කරගැනීමට කැමරන්ට හැකි විය. 1999 දී ලින්ඩා හැමිලිටන්ගෙන් දික්කසාද වන කැමරන් තම පස්වන විවාහය ලෙස ටයිටැනික්හි රංගනයෙන් දැයක වූ සූසී ඒමිස් (Suzi Amis) සමඟ අතිනත ගත්තේය.
Titanic චිත‍්‍රපටයෙන් පසුව වාණිජ  චිත‍්‍රපට නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් තරමක් දුරට දුරස් වූ මොහු වාර්තා චිත‍්‍රපටකරණය සඳහා  වැඩි අවධානයක් යොමු කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉතා උසස් වාර්තා චිත‍්‍රපට රැසක් ලෝකවාසී ජනයාට තිලිණ කිරීමට ඔහුට හැකි විය. ඒවා පහත පරිදි වේ,
  •                                                  Bismark (2002)
  •                 Ghost of the Abyss (2003)
  •                 Volcanoes of the Deep Sea (2003)
  •                 Aliens of the Deep (2005)
  •                 Last Mysteries of the Titanic (2005)
  •                The Exodus Decoded (2006)
  •                The Lost Tomb of Jesus (2007)


වසර 12 කට පසුව නැවත වරක් 2009 දී Avatar චිත‍්‍රපටය ඔස්සේ වාණිජ සිනමාකරණයට පිවිසෙන මොහු අනාගතයේ ඇමරිකානු හමුදාවන් වෙනත් ග‍්‍රහලොවක් ආක‍්‍රමණය කිරීම පදනම් කර ගත් කථා තේමාවක් සිනමාවට නැඟුවේය. ඉතා කෙටි කලකින් Titanic චිත‍්‍රපටය වාර්තා කොට තිබූ සියළු ආදායම් වාර්තා බිඳ දමමින් ඩොලර් බිලියන 278ක බොක්ස් ඔෆිස් වාර්තාවන් තැබීමට Avatar චිත‍්‍රපටය සමත් විය. Avatar චිත‍්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය හා හොඳම චලන චිත‍්‍රපටය වෙනුවෙන් පිරිනැමෙන ‘‘zzGolden Globe’’ සම්මානය දිනා ගැනීමටද කැමරන් සමත් විය.
චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු පමණක් නොව සාගර ගවේෂකයෙකු ලෙසද කැමරන් දිනා ඇති ගෞරවය අතිමහත්ය. 2013 වසරේදී ඔහු විසින්ම වැඩි දියුණු කරන ලද සබ්මැරීනයක ආධාරයෙන් ලොව ගැඹුරුම ආගාධය වූ මරියානා ආගාධයෙහි ‘‘Challenger Deep’’ වෙත ගමන් කල මොහු එම ස්ථානයට ලඟා වූ ලොව පළමු හා එකම පුද්ගලයා ලෙසද වාර්තා පොත් අතරට එක් විය.

පරිවර්නය :- අයේශ් මධුශංඛ විජයසිංහ
WWW.biography .com/ james - cameron