Wednesday, August 5, 2015

පොරොන්දුවලට වඩා ප‍්‍රතිපත්ති වැදගත් බව දැනෙන්න ජනතාව දැනුම්වත් විය යුතුයි




සමන් රාජපක්ෂ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය 


හඳෙන් හාල්, ධර්මිෂ්ඨ සමාජයක් උදා කරදෙන බවට මෙන්ම තවත් බොහෝ දේ ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙරට ජනතාව මුලාවට පත් කරමින් ඡන්දය කොල්ලකෑම කලක පටන් මෙරට තුළ කි‍්‍රයාත්මක වන සුලභ දේශපාලන න්‍යායකි. ඇත්තටම පොරොන්දුවලින් තොර දේශපාලනයක යෙදිය නොහැකි ද? ජනතාව එයට වහල් වී හමාර ද? මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා සමග කළ සංවාද සටහනයි.

මැතිවරණය හා පොරොන්දු යන වචන දෙක ලංකා දේශපාලනය තුළ එකම කාසියක දෙපැත්තක් බව වර්තමානයේ පිළිගැනීමයි. ඔබ සිතන ආකාරයට මැතිවරණය සමග පොරොන්දු කරලියට පැමිණෙන්නේ ඇයි?

මේ වනවිට මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කරල තියනවා. විවිධ දේශපාලන පක්ෂ තම මැතිවරණ ව්‍යාපාරය තුළ පාර්ලිමේන්තුවේ බහුතර ආසන ගණනක් දිනා ගැනීමේ අරමුණින් විවිධ මැතිවරණ පොරොන්දු මේ වන විටත් ඉදිරිපත් කර තිබෙනවා. දැන් ලංකාවේ ජනතාව මුහුණ දී තිබෙන්නේ බුදු සමයේ කාළාම ජනපදයේ මිනිසුන් මුහුණ දුන් ගැටළුවටයි. විවිධ පක්ෂවල විවිධ දේශපාලකයින් පැමිණ විවිධ පොරොන්දු එකල මෙන් අදත් ඉදිරිපත් කරනවා. ඒ අන් කවර හේතුවකටවත් නොවෙයි පොරොන්දු මගින් ජනතාවට සමීප වීම තුළින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන ගණනක් දිනා ගැනීම යි. මෙය ගමේ භාෂාවෙන් කියනවා නම් ”පැටියා අල්ලා එළදෙන අල්ලනවා වගේ” කි‍්‍රයාවක් මේ න්‍යාය තමයි දේශපාලකයන් පොරොන්දු මගින් සිදු කරන්නේ. පොරොන්දු ආකර්ෂණිය හා සංවේදී නිසා එමගින් ජනතාවගේ ඡුන්දය ඩැහැ ගැනීමට මෙය කරළියට පැමිණ තිබෙනවා කිව්වොත් එය නිවැරදියි.

මෙසේ ලබා දෙන පොරොන්දු කාලයට අනූකූල නොවන හුදෙක් ජනතාව මුලාවට පත් කරන දේවල් පමණක් යැයි මා යෝජනා කළොත් ඔබ ඊට එකග වනවා ද?

නැහැ. නමුත් එවැනි මතයක් වර්තමාන සමාජය තුළ නිර්මාණය වෙලා තියනවා. ඒ දේශපාලකයන් විසින් තම පොරොන්දු භාවිතා කළ ආකාරය මතයි. පොරොන්දු නරක නැහැ. මෙමගින් හැෙ`ගන්නේ සමාජයේ පවතින සහ සම්බන්ධයයි එනම් පොරොන්දු ලබා දීම හා ඉටු කිරීම මතයි එහි සාර්ථකත්වය රඳා පවතින්නේ. ඒවා පෞද්ගලික, වෘත්තීමය හෝ දේශපාලනික වනන්නට පුලූවන්. නමුත් මේවා සදාචාරය හා පැවැත්ම මත බැඳුන දේවල්. නමුත් මෙම පොරොන්දු සංකල්පය වර්තමානයේ පටු අරමුණු වෙනුවෙනු ජනතාව කොල්ලකෑමේ අරමුණින් යුතුව භාවිතා කරන නිසාවෙන් මේවා ”කඩවුණු පොරොන්දු” ලෙස ජනතාව තුළ මතයක් ඇති කර තිබෙනවා. අතීතයේ දුටුගැමුණු රජතුමා හා පරාක‍්‍රමබාහු රජතුමා වැනි අය මෙන්ම වර්තමානයේ බිහිි වූ යම් යම් පාලකයන් විසින් ලබා දුන් පොරොන්දු ඉටු කර තිබෙනවා. ඒ අතරින් ඉටු නොකළ පොරොන්දු ගණන සැළකිය යුතු ලෙස වර්තමානය තුළ වැඩිවීම මත මෙවැනි මත නිර්මාණය වීම සාධාරණයි.

ප‍්‍රධාන දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්ට පවා යම් යම් පොරෝන්දු ඇතුළත් කර තිබෙනවා. මෙය කෙතරම් වළංගුතාවකින් යුතු ද?

මැතිවරණ ප‍්‍රකාශයන්ට යම් කරුණු ඇතුළත් කළ යුත්තේ පොරොන්දු ලෙස නොවෙයි. අද මැතිවරණ ප‍්‍රකාශයන්, අලෙවිකරණ සැළසුම් බවට පත් වී තිබෙනවා. එමනිසා මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන් වෙනුවට දේශපාලන පක්ෂ විසින් පොරොන්දු පති‍්‍රකා ඉදිරිපත් කිරීමක් දක්නට තිබෙනවා. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙම පොරොන්දු අලෙවි කරන්නයි. මෙහිදී දැක්විය හැකි සුවිශෙෂි කරුණ නම් මෙම දේශපාලන පොරොන්දු දේශපාලකයින් ඉදිරිපත් කරනවා වෙනුවට ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයින් විසින් ඉදිරිපත් කිරීමයි. මෙමගින් සිදු වන්නේ රටක පවතින ආරක්ෂාව, ආර්ථිකය, අධ්‍යාපනය හා සෞඛ්‍ය ආදී වූ ක්ෂේත‍්‍ර තුළ ඇති සැබැ ගැටලූවලට  විසදුම් ඉදිරිපත් කරනවා වෙනුවට ජනතාවගේ සිත දිනා ගැනීමේ අරමුණින් ඔවුන්ට සංවේදී ආකර්ෂණීය පොරොන්දු ඉදිරිපත් කිරීමයි. වර්තමානයේ විවිධ ප‍්‍රදේශයන්ට අදලව පොරොන්දු ඉදිරිපත් කෙරෙනවා. නමුත් සිදු විය යුත්තේ ප‍්‍රදේශයකට අදාළව නොව සමස්ත රටටම අදාල වන ලෙස ප‍්‍රතිපත්ති සකස් කිරීමයි. නමුත් එලෙස සිදු නොවන විට විවිධ ආකාරයේ ජනපි‍්‍රය පොරොන්දු මැතිවරණ ප‍්‍රකාශවලට වර්තමානයේ ඇතුළත් කරනවා.

අතීතයේ ලංකා දේශපාලනය තුළ විවිධ ජනපි‍්‍රය පොරොන්දු ලබා දුන්නත් ඒවා ඉටු වුණේ නෑ. ඒ පිළිබදව ඉතා හොදින් දැන දැනත් ජනතාව තවමත් පොරොන්දු පිළිබදව විශ්වාසය තබන්නේ ඇයි?

අපට කියන්න බෑහැ, සමහර පොරොන්දු ඉෂ්ට වුණේ නැහැයි කියලා. ඒක මැන බලන්න පුලූවන් නිදහස් ශී‍්‍ර ලංකාව විවිධ පාලකයින්ගේ ලැයිස්තුවක් ගෙන ඔවුන් ලබා දුන් පොරොන්දු හා ඉටු කළ පොරොන්දු සලකුණු කළ හොත් පැහැදිලිව දක්නට ලැබෙයි ඔවුන් යම් පොරොන්දු ඉටු කළ බවට. එහිදී සිරිමාවෝ මැතිනිය 1972දී ස්වයංපෝෂීත ආර්ථිකයක් වෙනුවෙන් ජනතාවට ලබා දුන් පොරොන්දුව පරාජයට පත් වන්නේ 1977 දී ජේ ආර් ජයවර්ධන විසින් ලබා දුන් කුසගිනි නිවීමේ ජනපි‍්‍රය සංවේදී පොරොන්දුවටයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂය වෙත 5/6ක බලයක් ලැබුණු අතර ජේ ආර් ජයවර්ධන විසින් එම පොරොන්දු ඉටු කරන්නේ 80 දශකය පුරාවටම ලේ වැගිරීම් මාලාවක් දියත් කරමිනි. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පවා ත‍්‍රස්තවාදය නිමාවට පත් කිරීමේ පොරොන්දුව ඉටු කළ නායකයෙක්. එමෙන්ම  මෛති‍්‍රපාල ජනාධිපතිතුමා පවා තමා පොරොන්දු වූ යහපාලනය පිළිබද පොරොන්දුව ඉටු කිරිමට දැඩි ප‍්‍රයත්නයක යෙදෙනවා. එමනිසා පොරොන්දු ඉදිරිපත් කිරීම අතීතයේ සිට වර්තමානය දක්වාම සිදු වු අතර යම් යම් පොරොන්දු විවිධාකාරයෙන් ඉටු වීම මත ජනතාව තවමත් පොරොන්දු පිළිබද විශ්වාසය තබනවා යැයි සිතීමට පුලූවන්.

මෙම පොරොන්දු දේශපාලනය යම් ආකාරයකට ජනතාවගේ සිතුම් පැතුම් වෙන්දේසියේ තබන්නක් යැයි කිවහොත් ඔබ ඊට එකග වනවා ද?

එය මේ ආකාරයට පැහැදිලි කරන්න පුලූවන්. විවිධ පක්ෂ විවිධ පොරොන්දු ලබා දෙනවා. යම් පක්ෂයක් විසින් පොරොන්දුවක් ලබා දෙනවා රැුකියා දස ලක්ෂයක් ලබා දෙනවා කියා. නමුත් එය ලබා දෙන්නේ කොතනින් ද? කුමන ආකාරයට ද? ආදී වශයෙන් වූ කි‍්‍රයාදාමය සඳහන් වන්නේ නෑ. ඔවුන්ට ඒ පිළිබදව අවබෝධයක් නෑ. හුදෙක් ජනතාවගේ සංවේදී කරුණු වූ රැුකියා, ආහාර, මිල මුදල් වැනි කරුණු පමණක් පදනම් කර ගනිමින් ජනතාවගේ සිතුම් පැතුම් සම`ග මේ පොරොන්දු ගණුදෙනු කරනවා කියා කියන්න පුලූවන්. මෙය මේ ආකාරයෙන්ද පැහැදිලි කරන්න පුලූවන්. ශී‍්‍ර ලංකාව කියන්නේ ආහාර ජාවාරම ඉතා ඉහළින් සිදු වන රටක්. නමුත් කිසිදු අපේක්ෂකයෙක් තමා විසින් බලයට පත් වූ පසු ජනතාව වෙනුවෙන් වස විෂ වලින් තොර කාබයිට්වලින් තොර හොඳ කැම වේලක් ලබා දෙන්නට පොරොන්දු වන්නේ නෑ. එවැන් පොරොන්දු ලබා දෙනවා වෙනුවට ඔවුන්ගේ සිතුම් පැතුම් සම`ග ගණුදෙනු කරන පඩි වැඩි කිරීම්, රැුකියා, මොටර් සයිකල් වැනි මනෝරාජික සිහින පිළිබද චිත‍්‍රයක් මවනවා. එමනිසා මෙම පොරොන්දු ම`ගින් ජනතාවගේ සිතුම් පැතුම් වෙන්දේසියේ තබනවා විනා අන් කාර්යයක් අපේක්ෂකයන් සිදු කරන්නේ නෑ.

මෙසේ දේශපාලන වේදිකාවන් තුළ ලබා දෙන පොරොන්දු ඉටු කරවා ගැනීමට අවශ්‍ය යාන්ත‍්‍රණයක් සකස් වී නැහැ. එවන් තත්ත්වයක් තුළ මෙලෙස ලබා දෙන පොරොන්දු ඉටු කරවා ගන්නේ කෙසේද?

සමහර පොරොන්දු ඉටු කරන්න පුලූවන් සමහර ඒවා ඉටු කරන්න අමාරුයි. වටුප් වැඩි කිරීමට පොරොන්දු වූ පමණින් එය ඉටු කළ හොත් සමාජය තුළ විවිධ අසමබරතා සිදු වීමට පුලූවන්. ඒ ගැන පවා සැලකිලිමත් විය යුතුයි. මීට හොඳම උදාහරණය පසුගිය රජය පොරොන්දු ඉටු කිරීමට උපාධිධාරීන් වෙනුවෙන් ලබා දුන් සංවර්ධන සහකාර තනතුරු හඳුන්වන්නට පුලූවන්. මෙහිදී එම උපාධිධාරීන්ගේ අනාගතය රැුකියාවේ සුරක්ෂිතභාවය ආදී කරණු සැළකිල්ලට නොගෙන හුදෙක් පොරොන්දු පමණක් ඉටු කිරීම නිසා විවිධ ප‍්‍රශ්න ඇති වුණා. එමනිසා පොරොන්දු දීමට පෙර යාන්ත‍්‍රණය සකසා අනතුරුව පොරොන්දු ලබා දිය යුතුයි. මෙහිදී ජනතාව දැනුවත් විය යුතුයි. හුදෙක් පොරොන්දුවලට පමණක් තම ඡුන්දය ලබා නොදී ප‍්‍රතිපත්තිමය කරුණු වෙනුවෙන් තම ඡුන්දය භාවිතා කිරීමට ජනතාව දැනුවත් විය යුතුයි. එහිදී පාලකයන් පවා හුදෙක් පොරොන්දු ඉදිරිපත් නොකර ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙළගැසේවි.

ඔබ ප‍්‍රකාශ කරන ආකාරයට ලංකාව වැනි පොරොන්දු දේශපාලනයට නැඹුරු වූ රටක් ප‍්‍රතිපත්තිමය රාමුවකට ගෙන එ්මට ගත යුතු පියවර මොනවා ද? 

මූලික වශයෙන්ම ලංකාව තුළ පුළුල් දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුයි. එමගින් ජනතාවගේ ආකල්ප, දැනුම, ආධ්‍යාත්මය දියුණු කළ යුතුයි. ඊට රටේ පවතින සමාජ ආයතන ව්‍යුහය ඉතා සකී‍්‍රයව කි‍්‍රයාත්මක විය යුතුයි. එනම් රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන මෙන්ම ජනතාවට ඉතා සමීප ආගමික ආයතන පවා සකී‍්‍රයව කටයුතු කළ යුතුයි. වර්තමානයේ එම සකී‍්‍රයත්වය මා දකින්නේ නැහැ. මිනිසුන් දැනුවත්භාවයට පත්කිරීමට මෙම ආයතන උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට නැහැ. මෙහිදී කාළාම වැසියන්ට බුදුන් වදාළ ප‍්‍රකාශයෙන් ,එනම් තමන් දැක එය අත්විඳ එය පිළිගැනීමට අවබෝධ කර දීම එකළ ජනතාවගේ බුද්ධිය පුලූල් කිරීමක්. වර්තමානයේ එවැනි කි‍්‍රයාවන් සිදු නොවන තාක් කල් මුදල් වියදම් කළ හැකි, දේශපාලන දැනුමක් අවබෝධයන්, නැති අපචාර කරුවන් හොරුන් බලයට පත්වීම වළක්වාලිය නොහැකි කරුණක් ලෙස පෙන්වා දෙන්න පුලූවන්.


සංවාද සටහන
අයේශ් විජයසිංහ
[මෙම ලිපිය 2015.08.02 දින ඇත්ත පුවත්පතේ පළ වූවකි.]