ඕනෑම
නිර්මාණයකට වගකිව යුත්තෙක් ඇත. විටෙක ඔහු එහි හිමිකරු මෙන්ම නිර්මාණකරුද වේ. නිර්මාණකරුවෙකුට තම නිර්මාණ අභිමාණයකි, ශක්තියකි. විටෙක එය ඔහුගේ ජීවිතයද වේ. දරු පරපුරද ඒ ආකාරයෙන් දෙමාපියන් විසින් නිම කරන ලද
සුවිශේෂී නිර්මාණයකි. එම නිර්මාණයට වගකිව යුත්තේ ඔවුන්මය. වර්තමානය තුළ අසන්නට දකින්නට ඇති ළමා ජීවිත නිකරුනේ
විනාශ වීම් හා මිළින වීම් සඳහා වගකිව යුත්තේ කවුරුද? මේ එය විමසා බැලීමට කාලයයි.
මනුෂ්‍යයෙකු ලෙස ජන්මය ලැබීමට පෙර කුස තුළදීම
දරුවන් මරා දැමීම මෙන්ම ජන්මය ලැබී පැයක් ගත වීමටත් මත්තෙන් දරුවා වැසිකිලි වලකට හෝ
කුණු ගොඩක් වෙත විසි කරමින් ඔවුන්ගේ ජීවිත විනාශ කිරීම කලක පටන් අප රට තුළ
සිදුවන්නක්. ඊට බලපාන ලද ආර්ථික, සමාජීය, මානසික සාධකයන් ගණනාවකි. නමුත් මෑත ඉතිහාසයේ අපට අසන්න ලැබුනේ ඊට
හාත්පසින්ම වෙනස් සිද්ධීන් සමුදායකි. විටෙක තට්ටු නිවාසයක ඉහළ තට්ටුවක සිට මවගේ
අත්ල මතින් ගිලිහුන දියණිය බිම වැටී මිය යාමකි. තවත් විටෙක තම මිත්තණිය භාරයේ සිටි දරුවා ගඟට වැටීමෙන් මිය යාමකි. එපමණක් නොව මව පියා දෙදෙනාම නිවසේ සිටි
අවස්ථාවේදී දරුවා මෝටර් රථයෙහි දොර වැසී හුස්ම සිරවීමෙන් මිය යාමකි. මේ ආකාරයෙන් මෑත ඉතිහාසය තුළ අපරික්ෂාකාරී අන්දමින්
දරුවන් මිය යාම ශී‍්‍ර ලාංකික සමාජය තුළ කතා බහට ලක් වූ මාතෘකාවක් බවට පත් වී
හමාරය. ඇත්තෙන්ම කුමක්ද මෙයට හේතුව? රට තුළ පවතින ආර්ථික විශමතාවයද? නැතිනම් දෙමාපියන්ගේ නොසැළකිලිමත් භාවයද? එසේත් නැතිනම් ප‍්‍රත්‍යක්ෂයට භාජනය නොවන වෙනයම් කරුණක්ද?
මේ පිළිබඳව අදහස් දැනගැනීම සඳහා අප පියෙක් මෙන්ම විශ්වවිද්‍යාල
ආචාර්යවරයෙක් වන කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානී මහාචාර්ය මාපා
තිලකරත්න මහතාව සමිබන්ධ කරගත්තා. මේ ඔහු විසින් පල කල අදහස්
“වර්තමානයේ ශී‍්‍ර ලංකාව පිළිබඳ කතා කරද්දී බරපතල ප‍්‍රශ්න කීපයක්ම තියනවා. ඉන් ප‍්‍රධාන කරුණක් වන්නේ රිය අනතුරු වලින් ජීවිත හානි
සිදුවීම. අනෙක් කරුණ වන්නේ මෑත කාලයේදී වාර්තා වන
ඉතාමත් අවාසනාවන්ත ලෙස බිලිදු දරුවන් හා පාසල් වයසේ දරුවන් මිය යාම. මෙහිදී දරුවන් වලවල් වලට වැටීම, තට්ටු නිවාස වලින් වැටීම, වගා ළිං වලට වැටීම, ගඟවල් වලට වැටීම ආදියෙන් මරණයට පත්වීම් ජනමාධ්‍ය මගින් මෙම කාලය තුළ සුලභව
වාර්තා වනවා. මම දකින ආකාරයට මෙම මරණ සඳහා වගකිව යුතු මුල්ම පාර්ෂවය වන්නේ එම දරුවන්ගේ මව පියා හා පවුලේ
සමාජිකයන්ගේ නොසැළකිලිමත් භාවයයි.
නිවසේ පවතින යම් යම් අපහසුතා නිසා දරුවන්
පිළිබඳව සොයාබැලීමට අපහසුවුවත් ඒ කිසිවක් සමාවට
කාරුණු නොවෙයි. දරුවන් පිළිබඳ අවධානය දෙමාපියන්ට තිබිය යුතුයි. එ වගේම එවැනි පුවත් ජනමාධ්‍ය තුළ බරපතල
උණුසුමු පුවත් විය යුතු නැහැ. ජනමාධය මගින් මේවා පලවීම මත දෙමාපිය අවධානය
ලැබීම පමණක් අරමුණ විය යුතුයි.
අනෙක් කරුණනම් වර්තමාන පර්යේෂණයන්ට අනුව ගෙදර
රාතී‍්‍ර කාලය තුළ රූපවාහිනිය සමග දෙමාපියන් රැඳෙනවිට දරුවන් පිළිබඳව සැළකිල්ලක් උනන්දුවක් නොදක්වන බව සොයාගෙන
තිබෙනවා. එපමණක් නොවෙයි රැකියා තත්ත්වයන් මතද මෙය
උද්ගතවීමට අවස්ථාව ඇත. මෑතකදී වාර්තා වූ දැදුරු ඔයට පැන සියදිවි නසා
ගත් පාසැල් සිසුවිය තම දෙමාපියන් විදේශ ගතවීම මත ඔවුන් සමග සබඳතාවයක් නොදක්වන බවට කරුණු අනාවරණය විය. මෙමගින් පෙනී යන්නේ දෙමාපිය දරු සබඳතා වර්තමානයේ ගිලිහී ගොස් ඇති බවයි. එමෙන්ම දරුවන් පිළිබඳව ඇති අවධානයද දෙමාපියන් තුලින් ඈත්වී ඇති බවයි. මා සිතන ආකාරයට දරුවා පිළිබඳ අවධානය කුඩා කල පමණක් නොව දරුවන් වර්ධනය වූ පසුවද පැවතිය යුතුයි යන්නයි.
මෙහිදී අවධානය යොමු කළයුතු අනෙක් කරුණ වන්නේ
මෙම සිද්ධි දාමයට රටක පවතින ආර්ථිකයද යම් බලපෑමක් එලල කළ හැකි බවයි. එනම් ගෙදර කටයුතු, යැපීම, දරුවා ජීවත් කිරීමට රැකියා කිරීම වැනි
තත්ත්වයන් මත දරුවා පිළිබඳව පවතින අවධානය අඩුවිය හැකිය. එහිදී රටක පවතින දුර්වල ආර්ථිකයද යම් ආකාරයක බලපෑමක්
එල්ල කළ හැකිය”
මහාචාර්ය මාපා තිලකරත්නයන්ට අනුව මෙම දරුවන්
අකාලයේ මියයාම් සඳහා බලපාන ලද ප‍්‍රධාන හේතුව වන්නෙ, රටක පවතින දුර්වල ආර්ථික තත්ත්වය මත දෙමාපියන් දරුවන් වෙනුවෙන් සාර්ථක
අනාගතයක් උදාකිරීම උදෙසා තරඟකාරී ලෙස රැකි රක්ෂාවල නිරතවීම මත ඇතිව තිබෙන නොසැලකිලිමත් භාවයයි. තවද මෙම තරඟකාරීත්වය තුළ දවස පුරා වෙහෙසෙන දෙමාපියන් රාතී‍්‍ර කාලයේ නිවසට පැමිණීමෙන්
පසු තම වෙහෙස නිවාගැනීම සඳහා රූපවාහිනිය වෙත යොමුවීම මත දෙමාපිය දරු සබදතා
ගිලිහීයාමද මෙම මරණවලට තවත් හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙයි.
මෙම සංකීර්ණ තත්ත්වය පිළිබඳව තවදුරටත් සාකච්ජා කිරීම සඳහා අප සම්බන්ධ කරගත්තා කැලණිය විශ්වවිද්‍යාලයේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ කථිකාචාරිනී සමන්තිකා පි‍්‍රයදර්ශණී මහත්මියව. ඇය මවක් මෙන්ම වර්තමාන සමාජය පිළිබඳව ගවේෂණාත්මකව විමසන්නෙකු වශයෙන් මෙම දරුවන් මිය යාමේ පරිසරයක් උදා වූයේ
කෙසෙද? යන්න පිළිබඳ ව මෙසේ ප‍්‍රකාෂ කරන ලදී,
“අද එකල තිබූ සරල සමාජය වෙනුවට සංකීරණ සමාජයක් බිහිව තිබෙනවා. න්‍යෂ්ඨික පවුලක් වටා සෑම දෙයම නිර්මාණය වී තිබුනත් මෙය
සංකීරණ තත්ත්වයක් වී තිබෙනවා. අපට මෙය තුළ පැටලූන නූල් බෝලයක් හමුවනවා. මෙම පටලැවිල්ල නිසාවෙන් කලින් හදුනාගත් මව පියා දරුවන්
යන භූමිකාවන් තුළ විශාල තිගැස්මක් ඇති වී තිබෙනවා. ඊට හේතුව මෙහි පුපුරායාමක් ඇති වීමයි. මෙම පුපුරා යාමත් සමඟ දෙමාපිය දූ දරු සබඳතාවය සාමකාමී නොවන පරිසරයක් තුළ ගොඩනැගී ඇති අතර ඒ තුළින් සියළු දෙනා
තාක්ෂණයේ දියුණුවේ මහිමයෙන් ආර්ථිකය පසුපස දිව යන තත්ත්වයක් උදාවීම මත අනතුර
දරුවාගේ අසලටම පැමිණ තිබෙනවා. එවැනි අනාරක්ෂිත, මුදල් පසුපස දුවන සමාජයක සමාජගතවී පමණක් නොව කලින් සඳහන් කළ නූල් බෝලය තුළ දරුවා සිරවීම මත මෙම මරණ සිදුවන බව මාගේ හැගීමයි. එහිදී විවෘත ආර්ථිකය හදුන්වාදීමත් සමඟ ජනතාව තුළ අනවශ්‍ය අවශ්‍යතා රාශියක් නිර්මාණය කිරීම නිසාවෙන් එම අවශ්‍යතා
පසුපස හඹායාම මත දරුවාව මගහැරී යාම ස්වභාවික සාමාණ්‍යකරණයක් බවට අද පත්වී තිබෙනවා.
ලාංකීය සමාජය මගින් කුඩා කළ දරුවාව යම් යම්
දේ කිරීම සඳහා වළක්වාලීමෙ ක‍්‍රමවේදයද දරුවා වෙත
අනාරක්ෂිතභාවය රැගෙන එන්නක්. එනම් දරුවා යමක් කිරීමට උත්සාහ දරන වට එපා
කීම මගින් දරුවා ඊට නිරායාසයෙන්ම පෙළඹීමයි. දෙමාපියන් තම දරුවා කීකරු කර ගැනීම මගින්
අනතුරින් වළක්වා ගැනීමට උත්සාහ දැරුවත් එමගින් දරුවා එම කි‍්‍රයාවන් සඳහා පෙළඹවීම පමණක් සිදුවේ. මෙම අවාසනාවන්ත තත්ත්වය නිර්මාණය වීමට මෙයද
එක් හේතුවකි”
ඇය මෙම උදා වී ඇති තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය
විසදුම්ද සාකච්ජා කරන ලදී. එහිදී ඇය මෙසේ ප‍්‍රකාෂ කරන ලදී,
“වර්තමාන දරුවා තම අරගලය තමන් මවගේ ගර්භාෂය තුළ සිටින අවධියේම ආරම්භ කරන අතර
එම අරගලයම තමන් සමාජයට පැමිණීමෙන් අනතුරුව දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුල, සෙල්ලම් කිරීමට අවකාෂය හිඟ වීම තුළ මෙන්ම ස්වභාවික පරිසරය අත්විදීමට නොහැකි වීම තුළද දියත් කරනවා. දෙමව්පියන් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් තාප්ප, මෙහෙකරුවන් ආදිය සපයා දී
තිබුනත් එය ආරක්ෂාවට ප‍්‍රමාණවත් නොවේ. මෙසේ දරුවාව ආරක්ෂා කිරීමට කටයුතු කරන දෙමාපියන් දරුවාට
තමන් පිළිබඳව වගකීම ලබා නොදීම මත මෙම තත්වය තවත් උග‍්‍රවනවා. අප කුඩා කාලයේ අප විසින්ම ආරක්ෂාව සපයා ගත්තත්, වර්තමාන දරුවාට දෙමාපිය
ආරක්ෂාව මත කොටු වීමට නැතිනම් ආකෘතිගතවීමට සිදුව තිබෙනවා. මෙමගින් දරුවා අනතුරකට පත්වීමේ ඉඩකඩ වැඩිව තිබෙනවා.
දෙවනුව ජනමාධ්‍ය මගින් දරුවාට පෙන්වන දේ මගින්
ඔවුන්ව අනතුරු වෙත පෙළඹවීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මෙහිදී දරුවා අත කිසිදු වරදක් නැහැ. මෙම ළමා වැඩසටහන් යැයි කියා
ගන්නා දේවල් හා කාටූන් වලට එරෙහිව පියවර නොගන්නා වැඩිහිටි සමාජයයි වරද කරන්නේ. ඉස්සර ටාසන් කාටූනයට එරෙහිව කතා කළත් අද ඒ තත්ත්වය දක්නට
නහැ. මෙය විශාල අඩුපාඩුවක්. එමගින් දරුවා අන්තරාකාරී කි‍්‍රයා සඳහා පෙළඹෙනවා. එපමක් නොවෙයි ආර්ථික තරඟයේ නිරත දෙමාපියන්ගේ විවේකය රාත‍්‍රී රූපවාහිනිය වෙනුවෙන් වැයවීම මතද දරුවා
පිළිබඳ වගකීම අද සීමා වෙලා. ඔවුන් තම දරුවන් වෙනුවෙන් බැංකු ගිණුම්, ඉඩම් හා අධ්‍යාපනය වෙනුවෙන් කාලය වෙන් කරද්දී ඔවුන්ගේ
ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවරයන්ගෙන් දෙමාපියන් ඈත් වෙලා. මෙහි පුපුරායාමයි අප මේ පසුගිය කාලය තුළ අත්වින්දේ.
30 වසරක යුද්ධය තුළ මිලිටරිකරණය වූ සමාජයක් තුළ දරුවා, ආරක්ෂාව නිසාවෙන් සීමාවීමකට ලක්වෙලා. මෙම සීමා වීම මත දරුවා ජනමාධ්‍ය මගින් පෙන්වන ප‍්‍රචන්ඩත්වය, විප්ලවය හා අත්හදාබැලීම් වෙත යෙමුව තම ජීවිතය විනාශ
කරගනු ලබනවා. මව පියාගේ ගැටුම් මෙන්ම සමාජයේ පි‍්‍රයාකාරකම්
මත දරුවා හුදකලා වෙලා. මෙම හුදකලා වීමේ ප‍්‍රතිපලය මත මෙම අනතුරු
සිදුවීම ඉහළ යාම සිදුවනවා. මෙහිදී වැඩිහිටියන් ලෙස අපට විශාල වගකීමක්
තිබෙනවා. එමෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මගින්
නීතියෙන් නොව දරුවා පිළිබඳව සිතා තීරණ ගැනීම මගින් මෙම තත්ත්වය අවම කර
ගත හැකි බව මාගේ අදහසයි”
මෙලෙස වර්තමාන සමාජය දරුවාට අන්තරාකාරී
සමාජයක් බවට පත්වීම හා ඊට ගත යුතු පියවර පිළිබඳව එසේ අදහස් ප‍්‍රකාෂ වන වට, මෙම මරණ වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාෂවරයා ප‍්‍රකාෂ කර සිටියේ
මෙසේ දරුවන් නොසැළකිලිමත් ලෙස අනතුරේ හෙලන දෙමාපියන් වෙනුවෙන් ඉදිරියේදී දැඩි කි‍්‍රයාමාර්ග
ගැනීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදනයන් සකස් කරන බවයි. නමුත් දරුවෙකුගේ ජීවිතයක් විනාශවීමෙන් පසු ඊට විරුද්ධව
පියවරයන් ගැනීමෙන් ඇති ඵලය කුමක්ද? වැදගත් වන්නේ දරුවා රැක ගැනීම නෙවේද? කල යුත්තේ ඉහත විද්වතුන් සඳහන් කල හේතු සඳහා ප‍්‍ර‍්‍රතිකර්ම සෙවීම නොවේද? ප‍්‍රතිපත්ති සෑදිය යුත්තේ එය සඳහා නොවේද? තීරණය ඔබට භාරයි !
අයේශ් මධුශංඛ විජයසිංහ
මෙම ලිපිය 2015.03.01 දින "ඇත්ත" පුවත් පතේ පළ වූවකි
No comments:
Post a Comment