Tuesday, July 7, 2015

ශ‍්‍රී ලංකාවේ පරිගණක අපරාධ පිළිබඳ නෛතික රාමුව



පසුගිය සතියේදී ලොව තුල සිදු වූ ප‍්‍රධාන සයිබර් අපරාධ පිළිබඳව අපි ඔබ දැනුවත් කළෙමු.  ශ‍්‍රී ලංකාවද සයිබර් අපරාධ වලට ගොදුරු වන්නේ කලක පටන්ය. එනම් ශ‍්‍රී ලංකාවේ පරිගණක ආශි‍්‍රත අපරාධවල ද වර්ධනයක්‌ පසුගිය කාල වකවානුව තුළ දී දක්‌නට ලැබිණි. මේ සඳහා පිළියමක්‌ ලෙසට 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත සම්මත කිරීමට ව්‍යවස්‌ථාදායකයට සිදු විය. මේ පනත පැනවීමේ අරමුණ ලෙස එහි පූර්විකාවේ සඳහන් වන්නේ ,පරිගණක අපරාධ හඳුනා ගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැළැක්‌වීම සඳහා නෛතික කි‍්‍රයාමාර්ගයන් සැලසීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්‌වීම සඳහා වූ පනතක්‌ වශයෙනි
මූලික වශයෙන් මෙහි දී පරිගණක අපරාධයක්‌ යනු කුමක්‌ ද යන්න පිළිබඳව නීතිමය දෘෂ්ටිකෝණයෙන් විමසා බැලිය යුතුය. මේ පිළිබඳව පනතේ 3 වැනි වගන්තියේ සිට 13 වැනි වගන්තිය දක්‌වා විස්‌තර කර තිබෙනු දක්‌නට ලැබේ. එනම් පනතේ

3 වැනි වගන්තියෙන්
          කිසියම් තැනැත්තකු විසින් හිතාමතාම තමා උදෙසා හෝ වෙනත් යම් තැනැත්තකු උදෙසා යම් පරිගණකයකට හෝ යම් පරිගණකයක්‌ තුළ ගබඩා කර තිබෙන යම් තොරතුරුවලට  ප‍්‍රවේශය අත් කර ගැනීමේ අරමුණින් ඒ ප‍්‍රරවේශය අත් කර ගැනීමට ඔහුට නීත්‍යානුකූල බලයක්‌ නොමැති බවට දැනුවත්ව හෝ එසේ විශ්වාස කිරීමට කරුණු තිබිය දී යම් රියාවක්‌ කරනු ලබයි නම් එය වරදක්‌ බව දක්‌වා තිබේග 3 වැනි වගන්තිය යටතේ වූ මේ වරද සම්පූර්ණ වීම සඳහා මූලික වශයෙන් කරුණු දෙකක්‌ ඔප්පු කළ යුතුය. එනම් එම තැනැත්තාට අදාළ පරිගණකයට ප‍්‍රවේශ වීමට නීත්‍යානුකූල බලයක්‌ නො තිබූ බව සහ තමන්ට එවැනි බලයක්‌ නොමැති බවට අදාළ පුද්ගලයා දැනුවත් ව සිටි බව හෝ එසේ විශ්වාස කිරීමට කරුණු තිබූ බවය. මේ වගන්තිය යටතේ යමකු වරදකරුවකු වුව හොත් රුපියල් ලක්ෂශයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු පහකට නොවැඩි සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකට ම යටත් විය යුතු බව තුන්වැනි වගන්තියේ වැඩිදුරටත් සඳහන් වේ.

4 වැනි වගන්තියෙන්
එනම් කිසියම් තැනැත්තකු විසින් හිතාමතාම තමා උදෙසා හෝ වෙනත් යම් තැනැත්තකු උදෙසා යම් පරිගණකයකට හෝ යම් පරිගණකයක්‌ තුළ ගබඩා කර තිබෙන යම් තොරතුරුවලට ප‍්‍රවේශය අත්පත් කර ගැනීමේ අරමුණින් ඒ ප‍්‍රවේශය අත්පත් කර ගැනීමට නීත්‍යානුකූල බලයක්‌ නොමැති බවට දැනුවත්ව හෝ එසේ විශ්වාස කිරීමට කරුණු තිබිය දී සහ මේ පනත යටතේ වෙනත් වරදක්‌ හෝ තත්කාලයේ බල පවත්නා වෙනත් යම් නීතියක්‌ යටතේ යම් වරදක්‌ කිරීමේ අදහසක්‌ යම් කි‍්‍රයාවක් ‌ සිදු කිරීම වරදක්‌ බව දක්‌වා තිබේ.
මෙහි දී පනතේ 3 වැනි වගන්තිය සහ 4 වැනි වගන්තිය සංසන්දනාත්මකව බැලීම වැදගත් වේ. එනම් 3 වැනි වගන්තිය යටතේ දී යමකු පරිගණකය වෙත හෝ පරිගණක තොරතුරු වෙත ප‍්‍රවේශය ලබා ගන්නේ වෙනත් වරදක්‌ සිදුකිරීමේ අදහසින් බව ඔප්පු කිරීම අවශ්යය නොවේ. එනම් පනතේ 4 වැනි වගන්තියේ දක්‌වා ඇති වරද ඔප්පු කිරීමට ඉහත 3 වැනි වගන්තිය යටතේ වූ වරදක්‌ සඳහා ඔප්පු කළ කරුණු දෙකට අමතරව එකී ප‍්‍රවේශය ලබා ගත්තේ 2007 අංක 27 දරන පනතේ හෝ වෙනත් යම් නීතියක්‌ යටතේ වරදක්‌ සිදු කිරීමේ අරමුණ උදෙසා බව ඔප්පු කළ යුතු යග පනතේ 4 වැනි වගන්තිය තුළ දැක්‌වෙන වරද සඳහා වරදකරුවකු වුවහොත් රුපියල් දෙ ලක්ෂමයකට වැඩි නො වන දඩයකට හෝ අවුරුදු 05 දක්‌වා දීර්ඝ විය හැකි සිරදඬුවමකට හෝ යටත් කළ හැකි බව දක්‌වා තිබේ.

5 වැනි වගන්තියෙන්
අධිකාරී බලය නොමැති ව පරිගණකයකට කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීම වරදක්‌ බව පනතේ දක්‌වා තිබේ. එම වගන්තියේ වැඩිදුරටත් දක්‌වා ඇත්තේ පරිගණකයකට යම් කර්තව්‍යයක් ඉටු කිරීමට සැලැස්‌වීම සඳහා තමාට අධිකාරී බලයක්‌ නොමැති බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව හිතාමතා ම යම් පරිගණකයකට හෝ පරිගණක පද්ධතියකට අනවසර වෙනස්‌ කිරීමක්‌ හෝ අලාභයක්‌ හෝ අලාභයක්‌ සිදු විය හැකි යම් කි‍්‍රයාවක් හෝ කරන යම් තැනැත්තකු වරදකට වරදකරු වන බවය.
මේ වගන්තිය යටතේ යමකු වරදකරුවකු කිරීම සඳහා පහත සඳහන් කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුය. එනම් අදාළ විත්තිකරු පරිගණකයකට හෝ පරිගණක පද්ධතියක ඇති දත්ත හා තොරතුරු වෙනස්‌ කරන්නා වූ අලාභයක්‌, අලාභයක්‌ සිදුවිය හැකි යම් කි‍්‍රයාවක් කළ බව, එම කි‍්‍රයාවක් කිරීමට විත්තිකරුට නෛතික බලයක්‌ නො තිබූ බව හා ඒ බව විත්තිකරු දැන සිටි බව හෝ ඒ බව විශ්වාස කිරීමට හේතු තිබූ බව යන කරුණු ය. මේ වගන්තිය යටතේ වරදකට වරදකරු වූ විට රුපියල් තුන් ලක්ෂයකට වැඩි නො වන දඩයකට හෝ අවුරුදු පහ දක්‌වා දීර්ඝ විය හැකි බන්ධනාගාරගත වීමකට හෝ එම දඬුවම් දෙකට ම යටත් විය හැකි බව දක්‌වා තිබේ.

6 (1 )වගන්තියෙන්
යම් පරිගණකයකට හිතාමතා ම යම් කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීමෙන් සහ එයින් යම් හානියක්‌ වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව එයින්
) ජාතික ආරක්ෂාවවට
) ජාතික ආර්ථිකයට
) මහජන ආරක්ෂාවට
හානි සිදු කිරීම හෝ ආසන්න ම හානියක්‌ සිදු කිරීමට සලස්‌වන්නා වූ යම් තැනැත්තකුට අවුරුදු පහකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු බව සඳහන් කර තිබේ. මේ වගන්තිය යටතේ වූ නඩුවක දී වඩාත් වැදගත් කරුණ වන්නේ අන් අවස්‌ථාවල මෙන් විත්තිකරුට අදාළ පරිගණකයට පිවිසීමට නීත්‍යානුකූල බලයක්‌ තිබුණේ ද නැද්ද යන්න සලකා නො බැලීමයි.


7 වැනි වගන්තියෙන්
වෙනත් යම් තැනැත්තකු විසින් නීත්‍යානුකූල අවසරයකින් තොර ව පරිගණකයකින් හෝ පරිගණක ආශි‍්‍රත මාධ්‍ය තොරතුරු ලබාගෙන ඇති බවට දැනුවත් ව හෝ එසේ විශ්වාස කිරීමට හේතු තිබිය දී එවැනි යම් තොරතුරු
) මිලයට ගැනීම, ලබාගැනීම, රඳවාගැනීම, විකිණීම හෝ ඕනෑ ම ආකාරයකින් කටයුතු කරන
) මිලයට ගැනීමට හෝ විකිණීමට ඉදිරිපත් කරන හෝ ඕනෑ ම ආකාරයකින් ගනුදෙනු කරන
) එක්‌ ආචයන උපක‍්‍රමයකින් වෙනත් එකකට මාරු කරන විශාල ආශි‍්‍රත උපක‍්‍රමයකින් මාරු කරන, පිටපත් කරන හෝ භාවාර්ථයෙන් හෝ තේරුම් කර ගන්නා යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව දක්‌වා තිබේ. මෙවැනි වරදක්‌ සඳහා රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් ලක්ෂ  3ට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොඅඩු සහ අවුරුදු තුනක්‌ නො ඉක්‌මවන කාලයක්‌ සඳහා බන්ධනාගාරගත කළ හැකි බව දක්‌වා තිබේ.

8 වැනි වගන්තියෙන්
) පරිගණකයක්‌ හෝ පරිගණකයක්‌ විසින් හෝ පරිගණකයක්‌ තුළ හෝ සිදු කරන හුවමාරු වන දත්ත හෝ සේවාදායක තොරතුරු හෝ
) පරිගණකයකින් යම් තොරතුරු ගෙන යන විද්යුත් චුම්බක විමෝචනල
යම් තාක්ෂයණික විධික‍්‍රම මගින් දැනුවත්ව හෝ නීත්‍යානුකූල අවසරයක්‌ නොමැති ව අත් කර ගන්නා යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර එවන් විටක දී රුපියල් ලක්ෂ යකට නොඅඩු හා රුපියල් ලක්ෂ තුනකට නොවැඩි දඩයකට හෝ මාස 06කට නොඅඩු සහ අවුරුදු තුනකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට නැතහොත් ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් කළ හැකිය. මෙහි දී අදාළ වරද ඔප්පු කිරීම සඳහා අත්පත් කරගත් බවල ඒ සඳහා තාක්ෂකණික විධික‍්‍රම උපයෝගී කරගත් බව, ඒ පිළිබඳව දැන්වත්ව කළ බව හා නීත්‍යානුකූල අවසරයක්‌ නොමැති ව කටයුතු කළ බව ඔප්පු කළ යුතු ය.

9 වැනි වගන්තියෙන්
යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ වරදක්‌ සිදු කිරීම සඳහා භාවිත කරවීමේ අදහසින් පරිගණක හෝ පරිගණක වැඩසටහනක්‌ ඇතුළු යම් පරිගණක උපක්රභමයක්‌, පරිගණකයට හෝ එහි යම් කොටසකට ප‍්‍ර‍්‍රවේශ වීමේ හැකියාව ඇති පරිගණක මුරපදයක්‌, ප‍්‍ර‍්‍රවේශ කේතයක්‌ හෝ ඒ හා සමාන දත්ත නීත්‍යානුකූල අවසරයක්‌ නොමැති ව භාවිතය සඳහා ඉදිරිපත් කරන, විකුණන, නිෂ්පාදනය කරන, ආනයනය කරන, අපනයනය කරන, බෙදාහරින හෝ අන්යාමකාරයකින් සපයා දෙන යම් තැනැත්තෙක්‌ වරදකට වරදකරු වන බව සඳහන් ව තිබේ. එවැනි වරදක්‌ සඳහා රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් ලක්ෂ තුනකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොඅඩු හා අවුරුදු තුනකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකට නැත හොත් ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු බව සඳහන් වේ.

10 වැනි වගන්තියෙන්
පරිගණකයක්‌ මාර්ගයෙන් සපයනු ලබන යම් සේවාවකට ප‍්‍ර‍්‍රවේශ වීමට හැකි කරවමින් තමාට පවරා දෙනු ලැබූ තොරතුරු යම් ප‍්‍රකාෂිත අධිකාරී බලයක්‌ නොමැති ව හෝ යම් ප‍්‍රකාෂිත ව්‍යාජ ගිවිසුමක්‌ කඩ කරමින් හෝ අනාවරණය කරන්නා වූ යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව සඳහන් ව තිබේ, එවැනි වරදකට වරදකරු වීමේ දී රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් ලක්ෂ තුනකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොඅඩු අවුරුදු තුනකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකට නැත හොත් එම දඬුවම් දෙකට ම යටත් කළ හැකි බව දක්‌වා තිබේ.

11 වැනි වගන්තියෙන්
පනතේ 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, වැනි සහ 14 වැනි වගන්තිවල සඳහන් වැරැදිවලින් කිසිවක්‌ සිදු කිරීමට තැත් කරන හෝ එවැනි වරදක්‌ සිදු කරනු ලැබීමට සලස්‌වන යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව දක්‌වා තිබේ, එසේ වරදකරු කිරීමේ දී එක්‌ එක්‌ වරද සඳහා නියම කරන ලද උපරිම දඩයෙන් හරි අඩකට නොවැඩි දඩයකට හෝ එක්‌ එක්‌ වරද සඳහා නියම කරන ලද උපරිම කාලයෙන් හරි අඩකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයකට බන්ධනාගාරගත කිරීමට හෝ ඉහත දඬුවම් දෙකට ම යටත් කළ හැකි බව දක්‌වා තිබේ. මේ පනත යටතේ වරදක්‌ සිදු කිරීමට අනුබල දෙන යම් තැනැත්තකු වරදකට වරදකරු වන බව එහි 12 වැනි වගන්තියේ දක්‌වා තිබේ.

13 වැනි වගන්තියෙන්
මේ පනත යටතේ වරදක්‌ සිදු කිරීමට කුමණ්ත‍්‍රණය කරන යම් තැනැත්තකු වරදකට වරදකරු විය යුතු අතර, වරදකරු කරනු ලැබූ විට ඒ වරද සිදු කිරීමට අනුබල දීම සඳහා නියමිත දඬුවමින් දඬුවම් කරනු ලැබීමට යටත් විය යුතු බව සඳහන් වේ.

        මේ පිළිබඳ විධිවිධානයන් පනතේ 14 වැනි වගන්තිය යටතේ දක්‌වා තිබේ. එනම් යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු කරනු ලැබූ විට සහ ඒ වරද සිදුකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස
) යම් තැනැත්තකුට හෝ ආයතනයකට පාඩුවක්‌ හෝ අලාබයක්‌ සිදු වන හෝ
) වරදකරුට හෝ වෙනත් යම් තැනැත්තකුට මුදල් ලාභයක්‌ උපචිත වන අවස්‌ථාවක දී අධිකරණය විසින් වරදකරු වෙත පනවනු ලබන යම් දඬුවමකට අමතරව වරදකරුට අවස්‌ථාචෝචිත පරිදි
I) ඒ පාඩු හෝ අලාභ සිදු වූ තැනැත්තාට හෝ ආයතනයට වන්දියක්‌ හෝ
II) එසේ උපචිත වූ මුදල් ලාභයේ වටිනාකමට සමාන මුදලක්‌ රජයට ගෙවීමට නියෝගයක්‌ කරනු ලැබිය යුතුය.

මේ අනුව පෙනී යන්නේ ලංකාවේ පරිගණක ආශි‍්‍රත අපරාධ සම්බන්ධ නීතිය වඩාත් ශක්‌තිමත් තලයක පැවතුනත් ශී‍්‍ර ලාංකික ජනයා මෙම නීති පද්ධතීන් පිළිබව දක්වන නොදැනුවත්කම මත ඔවුන්ට පරිගණක ආශි‍්‍රතව සිදුවන අපරාධ වෙනුවෙන් පියවර ගැනීමට ඇති අවස්ථාවන් සීමිත වී ඇති බවයි. එපමණක් නොව Sri Lanka CERT ආයතනයට අනුව ශී‍්‍ර ලාංකික ජන සමාජය පරිගණක අපරාධ වලට ලක්වීමේ ප‍්‍රවණතාවය පසුගිය වසර කිහිපයේ ඉහළ මට්ටමකට පැමිණ ඇත්තේ මෙම තාක්ෂණික කාර්යයන් පිළිබව පවතින නොදැනුවත්භාවය නිසාවෙනි. පරිගණක අපරාධ වලින් වැළකීමට ජාතික මට්ටමෙන් හා පෞද්ගලික වශයෙන් ගත යුතු පියවර පිළිබව පුළුල් සාච්ජාවක් ශී‍්‍ර ලාංකික ජන සමාජය තුළ ඇතිකල යුතුයි. එම වගකීම ඉෂ්ඨ කිරීමට එනම්, පරිගණක අපරාධ වලින් වැළකීමට ජාතික මට්ටමෙන් හා පෞද්ගලික වශයෙන් පියවර රාශියක් ගත යුතුයි.


අයේශ් මධුශංඛ විජයසිංහ

1 comment:

  1. නීති පොතම අතාරිනවට වඩා පායෝගික උදාහරණ වලින් පැහැදිලි කරන්න තිබුනා නම් හොදයි..

    ReplyDelete