Sunday, July 5, 2015

කවුද මේ කැමරන් ?





Box Office වාර්තා පිට වාර්තා තබන ලද සම්භාවනීය සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස ජේම්ස් කැමරන් හැඳින්විය හැකිය. කුඩා කල සිටම විද්‍යා ප‍්‍රබන්ධයන්ට දැඩි ඇල්මක් දැක්වූ ඔහු Terminator, Aliens, Avatar යන චිත‍්‍රපට නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලදී එපමණක් නොව ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද මහා පරිමාණ චිත‍්‍රපට බොහොමයක් සඳහා ඇකඩමි සම්මානයන් හිමි විය.1997 දී ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ සිවිශේෂීම චිත‍්‍රපටය වූ Titanic චිත‍්‍රපටය ආදායම් වාර්තා බිඳ දමමින් ප‍්‍රථම වරට ඩොලර් බිලියනයක් වාර්තා කළ චිත‍්‍රපටය බවට පත්විය තවද Titanic චිත‍්‍රපටය ඇකඩමි සම්මාන 14 ක් සඳහා නිර්දේශ වූ අතර එයින් හොඳම අධ්‍යක්ෂණය හොඳම සංස්කරණය හා හොඳම චිත‍්‍රපටයට හිමි ඔස්කාර් සිනමා සම්මාන ත‍්‍රිත්වය තමා සන්තක කර ගැනීමට කැමරන් සමත් විය.

මුල් ජීවිතය
1956 අගෝස්තු 16 දින කැනඩාවේ කාපුස්කාසින්ග් (Kapuskasing) නුවර උපත ලබන ජේම්ස් කැමරන් කුඩා කළ සිටම විද්‍යා ප‍්‍රබන්ධ කියවීමෙහිලා දැඩි උන්නදුවක් දැක්වූ අයෙකි. තරුණයෙකු වශයෙන් ගත කල කාලයේදී කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පිහිටි ෆුලර්ටන් විශ්වවිද්‍යාලයට බැඳුණු ඔහු එහිදී භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන්නට විය. නමුත් අතර මැද එම තීරණය වෙනස් කල ඔහු උපාධිය අතහැර දමා ට‍්‍රක් රථ රියදුරෙකු ලෙස මුදල් ඉපයීමටත් ඒ ඔස්සේ තම සිනමාකරණ සිහිනය සැබෑ කරගන්නටත් වෙර දැරූවෙකු ලෙස හඳහන් කල හැකිය.

සිනමාකරණයට පිවිසීම
1987 දි කැමරන් තම ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙස “Xenogeness” නම් විද්‍යා ප‍්‍රබන්ධයන් පදනම් කොටගත් කෙටි චිත‍්‍රපටය නිපද වූ අතර එය ඒ ශ්‍රේණියේ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වූ රොජර් කෝර්මන්ගේ New World Picture”නම් ආයතනයේ රැකියාවක් ලබා ගැනීමට ඔහුට අවස්ථාවක් සලසා දෙන ලදී. මෙම ආයතනය තුල කැමරන් විසින් විවිධ භූමිකාවන් නිරූපණය කරන ලදී. එහිදී 1980 දී තිරගත වූ  “Battle Beyond The Star” චිත‍්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයා ලෙසත් 1981 දී තරගත වූ   “Piranha II: The Spawning” චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කරන ලදී.

1984 වසර කැමරන්ට ඉතා සුවිශේෂී වසරක් වූ අතර ඒ ඔහු විසින්ම රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස   “Terminator” චිත‍්‍රපටය අති සාර්ථක ලෙස තිරගත වීමයි. විද්‍යා ප‍්‍රබන්ධ කථාවක් ආශ‍්‍රය කොට ගනිමින් නිෂ්පාදනය වූ මෙම චිත‍්‍රපටය වාණිජමය වශයෙන් සාර්ථකත්වයට පත් වූ අතර එය කැමරන්ගේ මීලඟ චිත‍්‍රපටය වූ Alines” චිත‍්‍රපටය සාර්ථකත්වයට පත්වීමට මහත් රුකුලක් විය. 1978 දි තිරගත වූ Alines” චිත‍්‍රපටය ඔස්සේ කැමරන් සයිගෝනී වීවර් (Sigourney Weaver) ගේ ප‍්‍රධාන චරිත ඔස්සේ කාන්තා ක‍්‍රියාදාම වීරවරියන් (Female Action Hero) සිනමාවට හඳුන්වා දෙන ලදී 1986 දී වීවර් විසින් මෙම චිත‍්‍රපටය සඳහා හොඳම නිළිය සඳහා වූ ඇකඩමි සම්මානය දිනා ගන්නා ලදී.

නමුත් කැමරන් විසින් 1989 දී අධ්‍යක්ෂණය කරන ලද ‘‘The Abyss’’ චිත‍්‍රපටය ඔහුගේ අසාර්ථක නිර්මාණයක් වූ අතර එය අධික වියදම් සහිත නිර්මාණයක් විය. චිත‍්‍රපටය තිරගත වීමෙන් පසු එහි කථා තේමාව විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක් විය. නමුත් මෙහි භාවිතා කරන ලද දෘෂ්‍ය ප‍්‍රයෝග (Visual effects) සඳහා ඇකඩමි සම්මානය හිමි විය.
1991 දී නැවත සාර්ථක සිනමා නිර්මාණයන් ඔස්සේ කරලියට පැමිණෙන කැමරන් Terminater 2: Judgment day චිත‍්‍රපට අධ්‍යක්ෂණය බොක්ස් ඔෆිස් වාර්තාවන්ටද හිමි කම් කීය. ඒ ඩොලර් මිලියන 200 කට අධික ආදායමක් ලබමිනිමෙහි ප‍්‍රධාන චරිතය නිරූපණය කළ ලින්ඩා හැමිල්ටන් (Linda Hamilton) සමඟ පසුව කැමරන් විවාහ වූ අතර එය ඔහුගේ සිව්වන විවාහය විය.

1994 දී කැමරන් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද "True Lies"  චිත‍්‍රපටයද ඩොලර් මිලියන 378 ක බොක්ස් ඔෆිස් වාර්ථාවක් තැබීමට සමත් විය. එපමණක් නොව එහි දෘෂ්‍ය ප‍්‍රයෝග වෙනුවෙන් ඔස්කාර් සම්මානයක්ද හිමි විය.

ඉන් අනතුරුව කැමරන් විසින් තම දැවැන්තම සිනමා නිර්මාණයක් වූ Titanic නැවෙහි කථාව සිනමාවට නැගීම ආරම්භ කරන ලද අතර ලියනාඩෝ ඞී  කැප්රියෝ (Leonardo de Caprio) හා කේට් වින්ස්ලට් (Kate Wincelet) ප‍්‍රධාන චරිත නිරූපනයට යොදා ගත් ඔහු මහා සාගරය මැද සිදු වූ දැවැන්තම ඛේදවාචකය මෙක්සිකෝවේ කෘතිමව නිර්මාණය කරන ලද චිත‍්‍රාගාරයක් තුල ප‍්‍රතිනිර්මාණය කරන ලදී. මෙම චිත‍්‍රාගාරය තුල කෘතීම සාරගයක් නිර්මාණය කල අතර ඊට වතුර ගැලූම් මිලියන 17 ක් යොදා ගත් අතර අඩි 775 ක ටයිටැනික් නැවෙහි අනුරුවක්ද භාවිතා කරන ලදී. මෙම චිත‍්‍රපටය නිර්මාණය කිරීමට ඩොලර් මිලියන 200ක් වියදම් වූ නමුත් මෙය තිරගත වීම ප‍්‍රමාද වීම මත සිනමා කර්මාන්තයේ සිටි බොහෝ දෙනාගේ මත වුයේ චිත‍්‍රපටයෙහි නම ලෙසින්ම චිත‍්‍රපටයද මුහුදුබත් වීමට ආසන්න බවයි. නමුත් එම සියලූ මතයන් බිඳ දමමින් 1997 දෙසැම්බර් මස තිරගත වූ Titanic චිත‍්‍රපටය පළමු සතියේ සිටම ඉහළ ආදායම් වාර්තා පිහිටුවීමට සමත් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක ආදායම් වාර්තා කළ ලොව පළමු චිත‍්‍රපටය ලෙස ඉතිහාස ගත වීමටද මෙයට හැකියාව ලැබිණි.

එපමණක් නොව මෙම චිත‍්‍රපටය ඇකඩමි සම්මාන 14 ක් සඳහා නිර්දේශ වූ අතර ඉන් හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත‍්‍රපට සංස්කරණය හා හොඳම චිත‍්‍රපටය සඳහා වූ ඔස්කාර් සම්මාන ත‍්‍රිත්වයම තමා සන්තක කරගැනීමට කැමරන්ට හැකි විය. 1999 දී ලින්ඩා හැමිලිටන්ගෙන් දික්කසාද වන කැමරන් තම පස්වන විවාහය ලෙස ටයිටැනික්හි රංගනයෙන් දැයක වූ සූසී ඒමිස් (Suzi Amis) සමඟ අතිනත ගත්තේය.
Titanic චිත‍්‍රපටයෙන් පසුව වාණිජ  චිත‍්‍රපට නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් තරමක් දුරට දුරස් වූ මොහු වාර්තා චිත‍්‍රපටකරණය සඳහා  වැඩි අවධානයක් යොමු කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉතා උසස් වාර්තා චිත‍්‍රපට රැසක් ලෝකවාසී ජනයාට තිලිණ කිරීමට ඔහුට හැකි විය. ඒවා පහත පරිදි වේ,
  •                                                  Bismark (2002)
  •                 Ghost of the Abyss (2003)
  •                 Volcanoes of the Deep Sea (2003)
  •                 Aliens of the Deep (2005)
  •                 Last Mysteries of the Titanic (2005)
  •                The Exodus Decoded (2006)
  •                The Lost Tomb of Jesus (2007)


වසර 12 කට පසුව නැවත වරක් 2009 දී Avatar චිත‍්‍රපටය ඔස්සේ වාණිජ සිනමාකරණයට පිවිසෙන මොහු අනාගතයේ ඇමරිකානු හමුදාවන් වෙනත් ග‍්‍රහලොවක් ආක‍්‍රමණය කිරීම පදනම් කර ගත් කථා තේමාවක් සිනමාවට නැඟුවේය. ඉතා කෙටි කලකින් Titanic චිත‍්‍රපටය වාර්තා කොට තිබූ සියළු ආදායම් වාර්තා බිඳ දමමින් ඩොලර් බිලියන 278ක බොක්ස් ඔෆිස් වාර්තාවන් තැබීමට Avatar චිත‍්‍රපටය සමත් විය. Avatar චිත‍්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය හා හොඳම චලන චිත‍්‍රපටය වෙනුවෙන් පිරිනැමෙන ‘‘zzGolden Globe’’ සම්මානය දිනා ගැනීමටද කැමරන් සමත් විය.
චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු පමණක් නොව සාගර ගවේෂකයෙකු ලෙසද කැමරන් දිනා ඇති ගෞරවය අතිමහත්ය. 2013 වසරේදී ඔහු විසින්ම වැඩි දියුණු කරන ලද සබ්මැරීනයක ආධාරයෙන් ලොව ගැඹුරුම ආගාධය වූ මරියානා ආගාධයෙහි ‘‘Challenger Deep’’ වෙත ගමන් කල මොහු එම ස්ථානයට ලඟා වූ ලොව පළමු හා එකම පුද්ගලයා ලෙසද වාර්තා පොත් අතරට එක් විය.

පරිවර්නය :- අයේශ් මධුශංඛ විජයසිංහ
WWW.biography .com/ james - cameron








No comments:

Post a Comment