Thursday, July 2, 2015

අභයාරාම වන්දනාව හා භික්ෂුවගේ කාර්යභාරය (එදා සහ අද)


ලංකාවේ දේශපාලනය හා භික්ෂූන් වහන්සේ යනු එකම කාසියක දෙපැත්තක් වැනිය. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව මෙරට ප‍්‍රධාන ආගම මෙන්ම 70%ක් තරම් වූ ජනකායක් බෞද්ධයන් වීමයි. එමනිසා ඡන්දයකදී  මෙරට ප‍්‍රධාන බලවේගය බවට බෞද්ධ ජනයා පත්වෙද්දී දේශපාලනමය තීන්දු තීරණ ගැනීමෙහිලා භික්ෂූන් වහන්සේට ප‍්‍රධාන තැනක් හිමිවිය. ලංකාවේ දේශපාලනය හා භික්ෂූන් වහන්සේ අතර සබඳතාවය වසර ගණනක් ඈතට දිව යන සබඳතාවයකි. එය මෙසේ පැහැදිලි කළ හැකිය.

බුද්ධ වර්ෂ 236 දී මිහිදු මහ රහතන් වහන්සේ විසින් ශී‍්‍ර ලංකාවට බුදු දහම හදුන්වාදෙන ලදී. එවකට රාජ්‍ය නායකයා වූ දේවානම්පියතිස්ස රජු විසින් බුද්ධාගම වැළඳ ගැනීමත් සමඟ මෙරට රාජ්‍ය ආගම බවට එය පත් විය. ඒ ආකාරයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ බුද්ධාගම කාලය ගත වීමත් සමඟ මෙරට බහුතර ජන ප‍්‍රසාදිත ආගම බවට පත් විය. එමනිසා බුද්ධාගමේ සම්ප‍්‍රාප්තියෙන් පසු ක‍්‍රමයෙන් වරධනය වු ලාංකික සමාජය රටේ හා පාලන තන්ත‍්‍රයේ කටයුතු කෙරෙහි කිනම් ආකාරයෙන් බලපැමක් ඇතිව සිටියේද යන වග හතර වන මිහිදු රජුගේ ශිලා ලිපියකින් දැක් වේ. බුද්ධ ශාසනයේ ආරම්භ කිරීම පිණිස මහා සංඝයා විසින් සිංහල බෞද්ධ රටේ රජකම ලබා ගන්නා බවයි.” ඒ අනුව ලක්දිව රජ වීමට මහා සංඝයාගේ ආශිර්වාදය හා අනුමැතිය අනිවාර්යෙන්ම අවශ්‍යව තිබූ බව ඓතිහාසික කරුණු වලින් පැහැඳිලි වේ.
මෙම තත්ත්වය නිසාවෙන් මෙරට ආක‍්‍රමණය කළ ආක‍්‍රමණිකයින් පවා ලක්දිව ජනයාගේ ප‍්‍රසාදය දිනා ගැනීම වෙනුවෙන් බුද්ධාගම වැළඳගැනීම සිදු විය. කි‍්‍රස්තු පූර්ව දෙවන සියවසේ දී රජරට රජකම් කළ එළාර මෙන්ම 05 වන සියවසේ රජ වූ ඛුද්ධපාරිංග නම් වූ ද්‍රවිඩයන් බෞද්ධ රජවරුන් බවට පත් වීම නිදසුන් ලෙස දැක්විය හැක.
ශී‍්‍ර මහා බෝධින් වහන්සේ ධන්ත දාතූන් වහන්සේපාත‍්‍රා ධාතූන් වහන්සේකේෂ දාතූන් වහන්සේ වැනි සියලූම බෞද්ධ පූජනීය වස්තු බෞද්ධයන්ට අයත් ජාතික පූජ්‍ය වස්තු ලෙස රජය විසින් ආරක්ෂා කරන ලදි. සෑම රජෙක්ම දන්ත ධාතුව දිවි හිමියෙන් ආරක්ෂා කළේය. ලංකාවේ රජු ලෙස පත්වෙන පුද්ගලයා දන්ත ධාතුවත්පාත‍්‍ර දාතුවත් තමන් සතු කර ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළේය. මේ තත්ත්වය යටතේ භික්ෂුවට විශේෂ ස්ථානයක් හිමි විය. මහජනතාවත් රජයත් අතර සිටිමින් මහජන මතය ප‍්‍රකාශකරන මහජන නියෝජියොගේ තත්ත්වයට භික්ෂුව පත් විය. රටේ සාමයටත් සමගියටත් මහා සංඝයා වහන්සේ අවශ්‍යම  පුද්ගලයෙක් විය. එමනිසා භික්ෂු සංඝයාගේ සිත දිනා ගැනීමට රජු නිතරම උත්සහා ගත්තේය. සංඝයාගේ අනුමැතිය නැතිව ජනයාගේ සහය ලබා ගැනීම දුශ්කර විය. සංඝයාගේ අනුමැතිය ලබා ගැනීම ජනතාවගේ අනුමැතිය ලබා ගැනිමට සමාන බව රජු සිතුවේය.
මෙලෙස රාජ්‍ය පාලනය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා සෘජුව මහා සංඝයාගේ සහය ලබා ගත් සුවිශේෂී අවස්ථාවක් ලෙස එළාර දුටුගැමුණු යුද්ධය හැදින්විය හැකිය. මෙහිදී රජය කෙරෙහි මහජන සහයෝගය ලබා ගැනීමට භික්ෂු අනුමැතිය රජයට ඇති බව එකළ ජනතාවට අවබෝධකර දිය යුතු විය. මේ බව දත් ගැමුණු කුමරුගේ ආරාධනයෙන් මහා සංඝයා යුද්ධ හමුදාවත් සමඟ ඉදිරියට ගමන් කළහ. මෙසේ සංඝයාගේ සහය දුටුගැමුණු කුමරුට ඇති බව වටහා ගත් රට වැසියෝ රජු ගේ හමුදාවට වඩ වඩාත් එක් වූහ. තවද දෙවන රාජසිංහ රජු යුද්ධයට ගිය අවස්තාවේද මහා සංඝයා වැඩමකරගෙන ගිය බව මහා වංශයේ සඳහන් වේ. එපමණක් නොව වලගම්බා රජතුමන්ටමුගලන්දෙවන මිහදු සහ ධාතුසේන රජතුුමන්ට රාජ්‍යත්වය ලබා ගැනිම සඳහා අවශ්‍ය සහය භික්ෂූන් වහන්සේ විසින් ලබා දෙන ලදී.
මෙලෙස අතීතයේදී දේශපාලනික වශයෙන් භික්ෂුන් වහන්සේ තීරණාත්මක  කාර්යය භාර්යක් ඉටු කළ බව සඳහන් කළ හැකිය.
අතීතයේ භික්ෂුව එලෙස දේශපාලනයට සම්බන්ධ වූවා සේම නුතනයේ භික්ෂුව තිරණාත්මක ලෙස දේශපාලනයට සම්බන්ද වේ. එහිදී 1815දී ඉංගී‍්‍රසින් විසින් ශී‍්‍ර ලංකාව යටත් කර ගැනිමෙන් අනතුරුව එම පාලනය බිද දැමීම සඳහා 1919දී ජාතික සංගමය පිහිටු වීමෙහිලා භික්ෂූන් සකී‍්‍රයව කටයුතු කළෝය. මේ අනුව සමාජීය කටයුතු වෙනුවෙන් ඉඳිරියෙන් සිටි ලාංකික භික්ෂුව 1946 පටන් දේශපාලනයට යොමු වීමට පටන් ගත්තේය.1947 මැතිවරණයේදී පළමුවරට මෙය සිදු විය. භික්ෂු දේශපාලනය” හා දේශපාලන භික්ෂුව” යන වචන පවා සිංහල සාහිත්‍යයට එකතු වූයේ මේ යුගයේදීය. භික්ෂූන් වහන්සේ ධර්ම විරෝධීන් නොවී විනය විරෝධින් නොවී මෙම දේශපාලන කටයුතු ඉතා ක‍්‍රමවත් ලෙස රටේ ජාතියේ සංස්කෘතියේ හා ආගමේ දියුණුව පැවැත්ම හා සංරක්ෂණය සඳහා කරගෙන ගියහ.
1947 මැතිවරණ සමයේ ලංකාවේ ප‍්‍රධාන දේහපාලන ධාරවක් වූ වාමාශික පක්ෂ පරදවා එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරන්නේ වාමාංශිකයන් දැරූ බෞද්ධ විරෝදී ආකල්පයන් පදනම් කොටගෙනය. 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී  බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් මහජන එක්සත් පෙරමුණ ජයග‍්‍රහණය කරන්නේ ද බෞද්ධ භික්ෂුවගේ සහයෝගය මතිනි. 1960 ජූලි මහ මැතිවරණය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණ කරන්නේ ද 1956 මෙන් බෞද්ධ සහනදායි පිළිවෙතක් මෙවර ආණ්ඩුව කි‍්‍රයාත්මක කරයි යන විශ්වාසය මතය. 1965 දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පරදවා එක්සත් ජාතික පක්ෂ ජයග‍්‍රහනය කරන්නේ ඉතා ප‍්‍රබල බෞද්ධ ප‍්‍රතිපතති මාලාවක් ඉඳරිපත් කරමින්ය. 1970 මහා මැතිවරණයෙන් සමගි පෙරමුණ 2/3ක අතිමහත් බහුතරයකින් ජයග‍්‍රහණය ලබන්නේ එක්සත් ජාතික පක්ෂ රජයේ අගමැති ඩඞ්ලි සේනානායක මහතා කළ බෞද්ධයන්ට වැඩි සැලකිලි බෑ” යන ප‍්‍රකාශය පදනම් කර ගනිමින්ය. තවද එම රජයේම පළාත් පාලන ඇමතිවරයා වූ ආර් පේ‍්‍රමදාස මහතා විසින් සිංහලයන්ට කියලා විශේෂ සැලකිලි අපි කරන්නේ නෑ.  නොයෙකුුත් ආගම් ආදියත් තියෙනවා.  ඒ ආගම් වලින් වැඩි දෙනා බෞද්ධයින් කියලා බෞද්ධයින්ට විශේෂ සැලකිලි දක්වන්නත් අපි සූදානම් නෑ. ” මෙම ප‍්‍රකාශ පදනම් කර ගනිමින් රට තුළ ඇති වු විරෝදය සමගි පෙරමුණු රජයක් පිහිටු වීමට උපකාරී විය.
එපමණක් නොව වර්තමානයේ ඇති වූ දේශපාලනමය පෙරළියටද භික්ෂූන් වහන්සේගේ සහාය නොමදව ලැබින. එහිදී සෝභිත හිමියන් කැපී පෙනෙන කාර්යයක් බටු කළ අතර අනෙක් ප‍්‍රසිද්ධ හිමිවරුද ඊට සහය ලබා දෙන ලදී. පරාජිතයා වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂද තම ජන්ද ව්‍යාපාරය තුළ භික්ෂූන්ගේ සහාය නොමඳව ලබා ගත් අතර මේ වන විට අභයාරාමය කේන්ද්‍ර කරගත් දේශපාලනයක් ඔහු ගෙන යන්නේද භික්ෂුවගේ කර මතින් නැවත වරක් පාර්ලිමේන්තුවටත් අගමැතිකමටත් පත් වීමටය. මෙරට ජඩ වැඩ මැරකම් කර ප‍්‍රසිද්ධියට පත් හිටපු ඇමති වරුන් පවා හදිස්සියේ මහා නායක හිමි වරුන් හමු වීමට යන්නේ අතීතයේ පටන් පැවති භික්ෂු බලය මගින් තමන් සුදනන් වීමටය. මෙවන් අවස්ථා තුල භික්ෂුවගේ කාර්ය කුමක්දඑම පුද්ගලයන්ට සෙත් පතා ජනතාව මුලා කිරීමදනැතිනම් තමන්ට රට තුළ හිමි බලය පදනම් කරගෙන නිවැරදි පාලකයෙකු තෝරා ගැනීමට අවශ්‍ය සහාය ජනතාවට ලබා දීමදඅද සිදු වන්නේ කුමක්දතීරණය ඔබට භාරය

අයේශ් විජයසිංහ





1 comment:

  1. Lucky Club - Las Vegas, NV - Lucky Club - Live Casino and
    Lucky Club - Las Vegas, NV is the most popular casino on the Strip. Experience luckyclub a world class Vegas casino and entertainment experience.

    ReplyDelete