Saturday, July 4, 2015


කාගේත් කථාව



සින්දුවක් නැති
Photo shop නැති
කවියකුත් නැති ආදරේ
නිසදසක් නැති
වදනකුත් නැති
කථාවක් නැති ආදරේ

Wish එකක් නැති
Kiss එකක් නැති
Trip එකක් නැති ආදරේ
තියාගත්තේ කොහොමදැයි ඔබ
දන්නවද මගෙ ආදරේ

වැලන්ටයිමට අහුවුණේ නැති
හරිම පිවිතුරු ආදරේ
ඌට කැපකළ නැතිම හින්දා
තරහ ඇයි මගෙ ආදරේ

එක දවසකට රණ්ඩුවන්නේ
ඇයිද මගෙ පණ ආදරේ
අදට පමණක් නොවෙයි මා තුළ
ඇත්තෙ ඔබ වෙත ආදරේ

සිහිනෙකින් නොව හැබැහින්ම මම
පතන්නෙමි ඔබ ආදරේ
මතු සසරෙ මම වසන හැම දින
ඔබට පමණයි
ආදරේ  !!!!!!!!!!!!!!!!!!!


අයේශ් මධුශංඛ

2 comments:

  1. උඹේ දුක මට තේරෙනවා මලේ
    මේ ජිවිතේම ඔහොම තමයි

    ReplyDelete
  2. පාලූ මං පෙත
    එළිය කරනුව
    ආදරේ නිති
    ළග ඇතී
    ඉවසනා සිත
    විදී රහසින්
    ආදරේ සුව

    ReplyDelete