Friday, June 12, 2015

සයිබර් ලිංගිකත්වය හා තරුණ පරපුර [ගූගල්sexසොයා බැලූවන්ගේ පැටිකිරිය]


තාරුණ්‍ය නැතිනම් තරුණවිය යනු යැපුම් මානසිකත්වයක් සහිත වැඩිහිටි අවධිය දක්වා ඇති සංක‍්‍රාන්තික කාලයයිග මෙහිදී තරුණ ප‍්‍රජාව නිදහස අගය කරන අතර තමන්ට රිසිසේ කටයුතු කිරීමට අපේක්ෂා කරයිග මෙවන් නිදහසක් සොයන තරුණ ප‍්‍රජාව අන්තර්ජාලය වෙත යොමු වීමත් සමඟ විවිධ මානයන් වෙත යොමු වීම සුළභ කරුණකිග අද වන විට ලෝකය තුළ මෙන්ම ලංකාව තුළද සයිබර් ලිංගිකත්වය වෙත තරුණ ප‍්‍රජාව යොමු වීමේ නව ප‍්‍රවණතාවක් දැක ගත හැකියග මීට කදිම නිදසුන ලෙස 2012 හා 2013 වසරවල  ගූගල් වෙබ් අඩවියේ(Google search engine)ලිංගිකත්වයsex යන යෙදුම ඔස්සේ සොයා බැලූ රටවල් අතර පළමු ස්ථානයට පත් වූයේ ශී‍්‍ර ලංකාවයිග එමගින් එළඹිය හැකි නිගමනය නම් ලිංගිකත්වය හා අන්තර්ජාලය සමඟ ශී‍්‍ර ලාංකික තරුණ ප‍්‍රජාව බහුතරයක් බැදී ඇති බවයි.
            සයිබර් ලිංගිකත්වය(Cyber sex )යනු අන්තර්ජාලය ප‍්‍රචලිත වීමත් සමඟ ලොව පුරා ඉතා ශීඝ‍්‍රයෙන් ප‍්‍රචලිත වූ මාතෘකාවක් ලෙස හැදින්විය හැකිය. සයිබර් ලිංගිකත්වය හැදින්වීමට පරිගණක ලිංගිකත්වය(computer sex),අන්තර්ජාල ලිංගිකත්වය(Internet sex) ජාලගත ලිංගිකත්වය(Net sex)ආදී නම්ද භාවිත වේ. සයිබර් ලිංගිකත්වය යනු පුද්ගලයන් දෙදෙනෙකුට හෝ දෙදෙනෙකුට වැඩි ගණනක් පරිගණක මාර්ගයෙන් අන්තර්ජාලය ඔස්සේ ජාල ගතවීමෙන්  තමන් අත්විදි ලිංගික අත්දැකීමක් හෝ අත්දැකීම් කිහිපයක් සවිස්තරාත්මකව ලිංගිකමය පණිවිඩයක් වශයෙන් එකිනෙකාට යැවීමයි. සයිබර් ලිංගිකමය කි‍්‍රයා  ප‍්‍රධාන වශයෙන් අත් විදිනු ලබන්නේ ඉතා සමීප සබඳතා [කායික, ආදර] පවත්වන අය අතර වේ.එහිදී මූලිකවම භූගෝලීය වශයෙන් දුරස්ථ ආදර වන්තයින් අතර මෙන්ම සයිබර් අවකාශයේ පමණක් හමුවන සැබෑ ලෝකයේ මුහුණට මුහුණ හමු නොවන පුද්ගලයින්ද සයිබර් ලිංගිකත්වය වෙත යොමුව ඇත. සයිබර් ලිංගිකත්වය මූලික වශයෙන්ම කි‍්‍රයාවට නංවනුයේ Internet chat rooms (IRC/talkers/Web chats)  හා ක්ෂණික පණිවිඩ (instant massaging)පදධති මගිනි.
          එපමණක් නොව web cams, skype හෝ  online gamesආශ‍්‍රයෙන් පමණක් නොව  “second life”වැනි (virtual worlds)මගින්ද සයිබර් ලිංගිකත්වය ක‍්‍රියාවට නංවනු ලබය. web camතාක්ෂණය පැමිණීමට පෙර සයිබර් ලිංගිකත්වය ලිංගිකමය පාඨ(sexual texts)පාදක කොට ගනිමින් දශක ගණනාවකට පෙර සිටම භාවිතයේ තිබුණි. නමුත් මෙම තාක්ෂණයත්  සම`ග දෙතැනක සිටින හවුල් කරුවන්ට ජාලගත ද්වි මාර්ගික වීඩියෝ සබඳතාවන් ඔස්සේ  ලිංගිකත්වය දෘශ්‍යමය වශයෙන් අත් විදීමේ අවස්ථාව පුළුල් විය.එහිදී යන්ට ප‍්‍රසිද්ධියේ ස්වයං වින්දනයේ යෙදීමට හා එය අන්‍යයන්ට නැරඹීමේ අවස්ථාව ලබාදෙන වාණිජමය   පුද්ගල වෙබ් කැම් වෙබ් අඩවි (web cam web sites)බොහෝමයක් වර්ථමානය වන විට නිර්මාණය වී තිබේ.
           වර්තමාන ලෝකයේ මෙන්ම ශී‍්‍ර ලංකාව තුළද තරුණ තරුණියන් බහුල වශයෙන් සයිබර් ලිංගිකත්වයට යොමු වීමට බලපා ඇති ප‍්‍රධාන කරුණක් වන්නේ එහි ඇති ආරක්ෂාවයි.එනම් සැබෑ ලොවේ ලිංගික කි‍්‍රයාවන් හි යෙදීමෙන් බෝවන සමාජ රෝග හෝ අනවශ්‍ය ගර්භනී භාවයෙන් ආරක්ෂා වීම මෙයින් අදහස් කෙරේ. තවද සයිබර් ලිංගිකත්වය සඳහා පෙර සූදානමක් අවශ්‍ය නොවීමද මීට යොමු වීමට බලපා ඇති තවත් හේතුවකි.එනම් මීට නිශ්චිත  ලැගුම් හලක්,කාමරයක් හෝ ඇදක් අවශ්‍ය නොවේ.එපමනක් නොව භූගෝලීය වශයෙන් දුරස්ථ විවහක හෝ අවිවාහක යුවළ වල් තම ලිංගිකමය සන්තෘෂ්ඨිය ලබා ගැනීමේ ප‍්‍රධාන ක‍්‍රමවේදය බවටද මෙම සයිබර් ලිංගිකත්වය පත්ව ඇති අතර සැබෑ ලෝකයේ අත්හදා බැලිය නොහැකි නව ලිංගික චර්යාවන් අත්හදා බැලීමේ හොඳම අවස්ථා වලින් එකක් බවට මෙය පත්වීමද මෙයට යොමු වීමට බලපාන ලද හේතු ලෙස විග‍්‍රහ කළ හැක.එපමණක් නොව වාණිජමය හේතුමත පවා වර්තමානය වන විට සයිබර් ලිංගිකත්වයට යොමු වූවන් දක්නට ලැබේ.එනම් ආරක්ෂාකාරීව අනන්‍යතාවය හෙළිනොවන ලෙස නිර්මාණශීලීව ජාලගත ලිංගිකමය කාර්යයන්(online sex work)හී   යෙදීමට මෙමගින් අවස්ථාව උදා කර දීම හා ඒ ඔස්සේ කිසිදු හානියකින් තොරව මුදල් ඉපයීමේ අවස්ථාව ලගා කරදීමෙන් බහුතර තරුණ ප‍්‍රජාවක් මෙයට ආකර්ෂණය වීමට හේතු ලෙස දැක්විය හැක.
             සයිබර් ලිංගිකත්වයයේ යෙදෙන්නන් අන්තර්ජාලය තුළදී සිදු කරන ලිංගික චර්යාවන් මත විවිධ වර්ගීකරණයන්ට ලක් කළ හැකිය. ප‍්‍රැට්ටි‍්‍රක් කාන්ස් (Patrick Carnes)විසින් රචිත  In the shadows of the net:Breaking free of compulsive on line sexual behaviorනම් කෘතිය මගින් සයිබර් ලිංගිකත්වය යෙදෙන්නන් පස් වැදෑරුම් ලෙස වර්ගීකරණය කර තිබේ.

යෝග්‍ය ලෙස විනෝදාස්වාදය උදෙසා භාවිත කරන්නන් , (Recreational Users- Appropriate)
        මොවුන් අන්තර්ජාල ලිංගිකත්වය කෙරෙහි කලාතුරකින් යෙදෙන අය වන අතර මොවුන් සයිබර් ලිංගිකත්වය යොදා ගනු ලබන්නේ තමන්ගේ ලිංගික කි‍්‍රයාකාරකම් වල වර්ධනය සදහාය.

යෝග්‍ය නොවන ලෙස විනෝදාස්වාදය උදෙසා භාවිත කරන්නන් , (Recreational Users- Inappropriate)
        මොවුන් යෝග්‍ය නොවන කි‍්‍රයාකාරකම් උදෙසා සයිබර් ලිංගිකමය දර්ශන හා ජායාරූප අන්‍යයන්ට පෙන්වීම ඔස්සේ පුදුම කරවීමට ඔවුන් කැමැත්තක් දක්වයි.ඔවුන් තම ලිංගික චර්යාවන් රහස්‍ය වශයෙන්  තබා නොගනී.

ගවේෂණාත්මක ගැටළු සහගත භාවිතා කරන්නන් , (problematic Users-Discovery group)
         සැබෑ ජීවිතයේ අත්විදිය නොහැකි ලිංගික අත්දැකීම් අන්තරජාලය ම`ගින් ගවේශනය කිරීම මොවුන්ගේ අරමුණයි. මොවුන් ප‍්‍රධාන වශයෙන්ම(adult dating sites)වෙත පිවිස තමාට ගැලපෙන හවුල් කරුවෙකු සොයා ගැනීමට උත්සහා කරන නමුත් සැබෑ ජීවිතයේ හවුල් කරුවන් සොයා ගැනීම මඟහරී.මොවුන් බාල වයස් කාරයන්ගේ ලිංගික පහස අන්තර්ජාලය ඔස්සේ  අපේක්ෂා කරයි.

අනුගත වූ ගැටලූ සහගත භාවිත කරන්නන් , (problematic Users-predisposed group)
           මොවුන් ඉටුකරගත නොහැකි වූ ලිංගික කි‍්‍රයාකාරකම් පිළිබදව දවල් හීන දකින්නන් ලෙස හැදින්විය හැකිය.එම ඉටුකරගත නොහැකි වූ ලිංගික කි‍්‍රයාකාරකම් අන්තර්ජාලය ඔස්සේ සංතෘප්ත කර ගැනීම ඔවුන්ගේ කාර්යයයි.මොවුන් සැබෑ ලෝකයේ ගණිකාවන් ආශ‍්‍රයට හෝ ලිංගික කි‍්‍රයාවන් හි යෙදීමට ආශාවක් දැක්වුවත් එම`ගින් සමාජ නිගාවට ලක්වේය යන බිය මත සයිබර් ලිංගිකත්වයට යොමුවූවන් වේ.

අත්හල නොහැකි ලිංගික කි‍්‍රයාකාරකම් සහිත යාවජීව ගැටලූ සහගත භාවිත කරන්නන්, (problematic Users-Life long sexually compulsive group)
          මෙම කණ්ඩායම සිටින්නේ ලිංගිකමය ගැටලූ වලින් ඉහළ මට්ටමක සිටින්නන්ය.මොවුන්ගේ ලිංගික කි‍්‍රයාකාරකම් අන්තරජාලයට පිවිසීමෙන් හෝ පිවිස නොවීමෙන් සිදුවේ.මොවුන් සෑම විටම පාහේ අසභ්‍ය ලිංගික ප‍්‍රකාශන නැරඹීමට පෙළඹී ඇත.
           ඉහත සඳහන් ආකාරයට පෙනී යන්නේ ලාංකික තරුණ ප‍්‍රජාවෙන් සැලකිය යුතු බහුතරයක් වර්තමානය වන විට සයිබර් ලිංගිකත්වය වෙත නිරාවරණය වීමේ ප‍්‍රවනතාවයක් දක්නට ඇති බවත් එය අනාගතයේ යම් ගැටලු කාරී තත්ත්වයන්ට මඟ පාදන්නක් විය හැකි බවත්ය.


අයේශ් විජයසිංහ

1 comment:

  1. New Jersey Casino Reopens July 19 as New Jersey
    New 순천 출장샵 Jersey's casinos reopened July 19 속초 출장샵 as 동해 출장마사지 new Casinos.com was founded by Caesars Entertainment. The resort and 여주 출장샵 casino 충주 출장샵 has more than 1,400

    ReplyDelete