Monday, June 15, 2015

හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සමග කථා කළ ඇත්ත





2015 ජනාධිපතිවරණය අවසන් වීමත් සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය නව ජනපති මෛතී‍්‍රපාල සිරිසේනට හිමිවිය. මේ සමගම ඉතාමත් උණුසුම් දේශපාලන තත්ත්වයක් නිර්මාණය වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරය තුළ තුන් කොන් සටනක් ආරම්භ විය. මෙම තුන් කොන් සටන නිසාවෙන් පක්ෂය දෙකඩ වීමේ අවධානමක් නිතැතින්ම ඇති විය. එසේ පක්ෂය දෙකඩ වීමට ඉඩ නොදී පක්ෂය බේරා ගැනීමට පක්ෂ සාමාජිකයන් මහත් වූ පරිශ‍්‍රමයක් දැරූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස නොබෝදා සියළුම ශී‍්‍ර ලංකා නිදහස පක්ෂ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් නව නිළධාරී මණ්ඩලයක් පත්කරගනු ලැබින. මෙම පක්ෂය බේරාගැනීමේ මෙහෙයුමේ ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කළ හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර  මහින්ද අමරවීර මහතාගෙන් වර්තමාන දේශපාලන තත්ත්වය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මැතිවරණය ඉලක්ක පිළිබදව අප ඇත්ත තතු කථා කළා,

මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා, පෞද්ගලික පලිගැනීම් සමග ගෙවෙන මේ අලූත් ආණ්ඩුවේ දේශපාලන ගමන පිළිබදව ඔබ මොකද හිතන්නේ?

ඇත්තටම මෙය විකෘති ආණ්ඩුවක්. බහුතර බලයක් රහිතව පිහිටවපු අස්ථාවර ආණ්ඩුවක්. දින 100 වැඩපිළිවෙළ වෙනුවෙන් ජනතාව ලබා දුන් බලය මොවුන් අයුතු ලෙස පාවිච්ච් කරනවා විනා කරන වෙන දෙයක් නැහැ. ජනාධිපතිවරණයව ඉවර වූ දා ඉදන් අපේ පාක්ෂිකයන්ට අමානුෂික ලෙස පහර දෙනවා. රාජ්‍ය ආයතන වල දේශපාලන පලිගැනීම් ඒ විතරක් නෙවෙයි සමෘද්ධි සහනාධාරයත් කපා දමන්නයි වෙන්නේ. පක්ෂයක් ලෙස අප තවත් ඉවසන්නේ නැහැ. මේ කරන හිරිහැර තවත් වැඩි වුණොත් මේ සුළුතර ඹභඡු ආණ්ඩුව සතියකින් වට්ටන්න අපිට පුළුවන්. ආණ්ඩුවක් ලෙස ඔවුන් වැරදි තීරණ නම් ගන්නේ ඒවා වෙනස් කරන්න පුළුවන් අගමැතිවරයෙක් අපි පත් කර ගන්නවා.

මෑතකදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නව නිළධාරී මණ්ඩලය පත් කෙරුණා. එහි නව තනතුරක් ඔබටත් හිමි වුණා. මේ නව තනතුරත් සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කි‍්‍රයාමාර්ග මොනවාද?

වර්තමානයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා වන මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සමග එක්ව නව නිළධාරී මණ්ඩලය කිසිදු අර්බුධයකින් තොරව පත් කළා. එහිදී මට උප ලේකම් තනතුරක් හා පක්ෂයේ වෘත්තීය සමිති සභාපතිධූරය හිමි වුණා. ඉදිරියේදී අප පාක්ෂිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට, ඔවුන්ගේ ගැටළු විසදීමට  මෙන්ම අප වෘත්තීය සමිතිි ජාලය පුළුල් කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.

නව නිළධාරී මණ්ඩලය සමග ඉදිරි මැතිවරණ සූදානම කෙසේද?

දින 100 අවසන් වෙද්දී නැවත බලය ලබා ගැනීම අපේ අරමුණයි. එය ස්ථිරයිපක්ෂයක් ලෙස UNP යට තියෙන්නේ ලක්ෂ 40 පමණ ජන්ද පදනමක් පමණයි. අපට එය අභිබවා යෑමේ හැකියාව ඉතාම ඉහළ මට්ටමක තියනවා. එහිදී අපට ජනාධිපතිවරණයේදී අහිමි වූ දමිළ, මුස්ලිම් මෙන්ම හෙළ උරුමයේ ජන්ද පවා ලබා ගැනීමට නව නිළධාරී මණ්ඩලය සමගින් ඉදිරි මැතිවරණය වෙනුවෙන් අප කටයුතු කරනවා.

දෙකඩවීමේ ප‍්‍රවණතාවයක් තිබූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සමගිය වෙනුවෙන් ඔබ සුවිශේෂී මැදිහත්වීමක් සිදුකළා. ඒ ගැන කථා කළොත්?

ඔව් මේ වනවිට තිබෙන ප‍්‍රධාන පක්ෂ පිළිබදව සළකා බැලූවහොත් සියළුම පක්ෂ කුමන හෝ බෙදීමකට ලක්ව තිබෙනවා. UNP 7 වතාවක් න්‍ඪඡු 3 වතාවක් මුස්ලිම් කොංග‍්‍රසය 4 වතාවක්  ඔභ්  එක් වතාවක් ලෙස බෙදී තිබෙනවා. ඒ තත්ත්වය මගේ පක්ෂයට නොවන්නට අප සැම කටයුතු කළා. එහිදී වර්තමාන ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරුන් දෙදනාව එකම වේදිකාවකට ගෙන එන්න අපට හැකියාව ලැබුනා. මේ වන විට අපි සියළුම ප‍්‍රධාන පක්ෂ වල නායකයන් සමග සාකච්ජා කරලයි තියෙන්නේ. ඉදිරියේදී සරත් ෆොන්සේකා සමගත් සාකච්ජා කරන්න නියමිතයි. ඒ අන් කවර හේතුවක් නිසාවත් නෙවෙයි මේ රටට ආදරය කරන ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන් වෙනුවෙන්. මේ කාර්ය අප සිදුකරන්නේ කිසිදු වරප‍්‍රසාදයකින් තොරවයි.

සුළුතරයක් වුවත් වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය බලවත් වෙලා නේද?

බලවත් වීමක් නැහැ එයාලගේ බොරු රගපෑම විතරයි. බලය තියෙන්නේ අපිටයි. අපිට  ඕනෑම අවස්ථාවක මේ ආන්ඩුව පෙරළාදැමීමේ හැකියාවක් තියනවා. ඉතින් ආණ්ඩුව බලවත් කියන්නේ කොහොමද?
දින 100 වැඩපිළිවෙළ තුළ ජනපි‍්‍රය කරුණක් වූ වංචා, ඒවගේම දුෂකයන් පිළිබද කතා බහ පිළිබද ඔබේ අදහස කුමක්ද?
මේවා දේශපාලන වාසිය සදහා කරන මාධ්‍ය සංදර්ෂණ පමණයි. නමුත් මම පෞද්ගලිකවම වැරදි කරපු අයට දඩුවම් දෙනවාට කැමතියි. කවුරු වුනත් ජනතාවගේ මුදල් ගසාකාලා තියනවා නම් ඔවුන්ට දඩුවම් ලබා දිය යුතුයි. කුමන පාර්ෂවයක සිටියත් එය අනිවාර්යයෙන්ම විය යුතුයි. නමුත් බොරුවට මාධ්‍ය මගින් වංචා කරලා තියනවා කියනවා විතරයි. වැරදිකරුවන්ව අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒකයි මේවා හුදෙක්ම දේශපාලන වාසිය සදහා කරන මාධ්‍ය සංදර්ෂණ පමණක් වන්නේ.

ඉදිරි මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස තනිව තරග තිරීමේ සූදානමක් පවතිනවාද?

පක්ෂයක් ලෙස අප තවම එවැනි තීරණයක් ගෙන නැහැ. නමුත් තනිව වුවත් තරග කර බහුතර බලයක් ලබාගෙන ජයග‍්‍රහණය කිරීමේ හැකියාවක් අපට තිබෙනවා. පක්ෂයක් ලෙස අප තවමත් අප සමග සිටින අනෙක් පක්ෂ සමග සන්ධාන ගතව ඉදිරි මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වනවා. එපමණක් නොවෙයි ඉන් බහුතර ආසන සහිත විශිෂ්ඨ ජයග‍්‍රහණයක් නැවත වරක් ලබා ගන්නවා.
අපේ‍්‍රල් මහ මැතිවරණයට පක්ෂයක් ලෙස සූදානම කොහොමද?
අපේ‍්‍රල් මහ මැතිවරණයට අපි සූදානම්. මේ වන විටත් අපි පෞද්ගලික මට්ටමෙන් මෙන්ම ශාඛා සමිති, තරුණ සමිති, කාන්තා සමිති මගින් මේ වන වට දැනුවත් කිරීම් ආරම්භ කරලයි තියෙන්නේ.අපේ‍්‍රල් මහ මැතිවරණයේදී දිනා ගැනීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් පවතිනවා.

අගමැති අපේක්ෂකයා හිටපු ජනාධිපතිතුමාද?

තවමත් තීරණයක් නැහැ. එතුමා ඒ පිළිබදව කිසිම ඉල්ලීමක්වත් කර නැහැ. සුදුසු අපේක්ෂකයෙතු අප ඉදිරියේදී ප‍්‍රකාෂයට පත් කරනවා. කුමක් වුවත් හිටපු ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි ඒ වාගේම එතුමා පක්ෂය දිනවන්න එදා මෙන්ම අදත් හෙටත් කැපවෙන කෙනෙක්.

"දින 100 වැඩපිළිවෙළ" මෙන්  ජනපි‍්‍රය තේමා පාඨයක් ඉදිරි මැතිවරණයේදී භාවිතා කරනවා නේද?

ඔව් තේමා පාඨයක් තියනවා. එමගින් අප ස්ථීර වශයෙන්ම බහුතර බලයක් දිනා ගන්නවා. ජනතාවට දැනෙන ලෙස අපි එය ඉදිරිපත් කරනවා. එය ප‍්‍රසිද්ධ කරන්න දැන්ම කල් වැඩියි. මැතිවරණය ලං වුණාම එය බලාගනිමු.

සාකච්ජා කළේ

අයේශ් මධුශංඛ විජයසිංහ

මෙම ලිපිය 2015.02.22 දින ”ඇත්ත” පුවත් පතේ පළ වූවකි

http://www.aththa.lk/paper/22_02_2015/eBook/index.html

No comments:

Post a Comment