Tuesday, June 16, 2015

ලංකාවේ දේශපාලනය ඇමරිකානු ඇසින්










නිව්යෝර්ක් ටයිමිස් පුවත්පතෙහි ජනතා මත පිටුව වෙනුවෙන් 2015. 01.19 දින රේ ගොඞ්මන් (Ray Godman)විසින් සම්පාදනය කරන ලද Helping Sri Lanka’s New Democracy නම් ලිපියෙහි සිංහල පරිවර්තනය මෙසේ ගෙන එන්නෙමු. රේ ගොඞ්මන් යනු නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ නීතිය, දේශපාලනය හා සමාජවිද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකි. තවද ඔහු Just Security නම් බ්ලොග් අඩවියේ සම සංස්කාරකවරයාය.

උදා වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ශී‍්‍ර ලංකාවට සහය දැක්වීම

2009 වර්ෂයේදී ගොඩනැගී තිබූ දමිළ කැරැල්ල මැඩපැවැත් වූ මෙන්ම තම සොහොයුරු වූ ආරක්ෂක ලේකම්වරයා සමගින් ඒකධිපතිවාදයේ පෙනෙන මානය තෙක් තම රට මෙහෙය වූ ජනාධිපතිවරයාව බලයෙන් පහ කරමින්, ශී‍්‍ර ලංකා ජන්දදායකයන් තමන් පමණක් නොව මුළු මහත් ලෝකවාසියාවම විශ්මයට පත් කරන ලදී.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින්ද මෙම අවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නව පරිච්ජේදයක් ඇරඹීම සඳහා දශකයකට පමණ පසුව රටට උදා වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස ප‍්‍රකාෂ කරන ලදී.

නමුත් මෙම බලයෙන් පහ කරන ලද රෙජීමය නැවත වරක් බලයට පත් නොකිරීමෙන්, පත් වූ  නව රජයෙහි බල අධිකාරිය ආරක්ෂා වන ලෙස කටයුතු කිරීමටත් රටක් වශයෙන් වග බලා ගත යුතුයි. මෙම කාර්ය සාර්ථක කර ගැනීමේදී ඇමරිකානු එක්සත් ජනපදය, ඇත්තවශයෙන්ම ඇමරිකානු එක්සත් ජනපදයට පමණක් මෙය සිදුකළ හැකිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරා වූ ගෝඨාභය රාජපක්ෂ තවමත් දේශපාලනික වශයෙන් මිය ගොස් නොමැත. ඒ අතරතුර තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිතය. තවද අභිනව ජනාධිපති වශයෙන් පත් වූ මෛතී‍්‍රපාල සිරිසේන තම ජයග‍්‍රහණය විවිධ පක්ෂවල සහයෝගයන් මත ලබාගත් නිසාවෙන් ඔහුගේ බලය තහවුරු කරගැනීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ මත පිහිටා කටයුතු කළ යුතුයි.

මෙම සංකීරණ තත්ත්වය තුළ ඇමරිකානු එක්සත් ජනපදය විසින් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලබා දිය හැකි සහය කුමක්ද?
දිගුකාලීනව මානව හිමිකම් පිළිබඳව සළකා බැලීම සඳහා නව රජයත් සමග ඇමරිකානු එක්සත් ජනපදයට කටයුතු කළ හැකි බව කෙරී මහතා ප‍්‍රකාෂ කරන ලදී. එහිදී රාජපක්ෂ රෙජීමය විසින් 1983-2009 අතර කාලය තුළ පැවති සිවිල් යුද්ධයේ අවසන් භාගයේ සිදු කළ යුධ අපරාධ පිළිබඳව සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරම්භ කළ පරීක්ෂණය සඳහා ප‍්‍රමුඛත්වය ලබා දිමට ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ.

මෙම අවස්ථාව වන විට මෙම පරීක්ෂණය දැඩි අවධානයක් යොමු කළ යුතු මෙන්ම එතරම් අවධානයක් යොමු කළ යුතු නොවන වශයෙන් කරුණු දෙකක් මතු කර ඇත. දැඩි අවධානයක් යොමු කළ යුතු කරුණ වන්නේ, ශී‍්‍ර ලංකාව තුළ පත් වූ නව රජය මෙම පරීක්ෂණය වෙත තල්ලූ කළ හොත්, ඒ මත ඇතිවන වගකීම් සහගතභාවය තුළ නව රජය මෙම සංක‍්‍රාන්තික කාල පරිච්ජේදය නිමවීමට ප‍්‍රථම අස්ථාවර වීමට ඉඩ කඩක් පැවතීම නිසාවෙන් අලූතින් ගොඩනැගුණු ඇමරිකානු සබඳතා සඳහා තර්ජනයක් එල්ල වීමේ අවස්ථාවක් පැවතීමයි. තවද මෙම එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුව වෙත අපරාධකරුවන් සඳහා අධිකරණමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට හෝ ආර්ථිකමය සම්බාධක පැනවීමට හෝ බලයක් නොමැති වීම එතරම් අවධානයක් යොමු කළ යුතු නොවන කරුණ ලෙස දැක්විය හැකිය.

මෙම ගොඩනැගී ඇති අවස්ථාව තුළ වොෂිංටනය වෙත ප‍්‍රයෝජනවත් භූමිකාවක් නිරූපණය කිරීමේ වගකීමක් නිර්මාණය වී ඇත.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිවිල් යුද්ධයේ අවසාන කාල පරිච්ජේදය තුළ ශී‍්‍ර ලාංකික හමුදාවන් කුරිරු කටයුතු සඳහා මෙහෙයවනු ලැබීය. මෙම සිදුවීම වන අවස්ථාව වන විටත් ඔහු ඇමරිකානු පුරවැසිභාවය දරන්නෙකි ( ඇත්තවශයෙන්ම ඔහු ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වූ අතර ලොයලා නීතවිද්‍යාලයේ පරිගණක කි‍්‍රයාකරුවෙකු වශයෙන් සේවයේ නියුතුව කටයුතු කරන ලදී )
ඇමරිකාව තුළ කි‍්‍රයත්මක වන නෛතික තත්ත්වයට අනුව ඇමරිකානු පුරවැසිභාවය දරන්නෙකු වූ ගෝඨාභය රාජපක්ෂ 1996 යුධ අපරාධ පනතට යටත් විය යුතුය. එම පනත මගින් ලොව කුමන ස්ථානයක හෝ ජීවත් වන ඇමරිකානු පුරවැසියෙකු විසින් යුධ අපරාධයක් සිදු කළ තැනැත්තෙකු හෝ එහි ගොදුරක් බවට පත් වූවෙකු වන්නේනම් ඇමරිකානු අධිකරණයේ අධිකරණමය බලයට යටත් විය යුතුයි. එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෞද්ගලික යුද අපරාධ චෝදනාවක් ගොණුකරන්නේ නම් එම ගොණුකිරීමේ බලය ඇමරිකානු අධිකරණය වෙත හිමි වේ.

ස්වාධීන නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණයන්ට අනුව ශී‍්‍ර ලංකාව තුළ ඇති වූ නව දේශපාලනික සංක‍්‍රාන්තියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නොව ගෝඨාභය රාජපක්ෂ මහත් වූ බාධාවක් වී ඇත. ඔහු හා ඔහුගේ සොහොයුරා විසින් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රතිඵල හමුදා කුමන්ත‍්‍රණයක් මගින් වෙනස් කිරීමට උත්සාහ දැරුවා යැයි චෝදනාවක්ද පවතින අතර එය වත්මන් රජය විසින්  පරීක්ෂණයට ලක් කිරීමේ අවධානම මත ඔහු වත්මන් රජයට ගරු කිරීමේ පරිසරයක්ද ගොඩනැගී ඇත.

වත්මන් රජය තමන් වෙත ලැබුනු ප‍්‍රජාතාන්ති‍්‍රක ජයග‍්‍රහණය ආරක්ෂා කර ගැනීමට නම් මෙම අවස්ථාවේ තීරණාත්මක ලෙස සැළකිලිමත්ව කටයුතු කළ යුතුයි. එහිදී නැවතවරක් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමේ තර්ජනය මුලිනුපුටා දැමිය යුතුයි. මන්ද ඔහුගේ සොහොයුරු මහින්ද නැවත වරක් ප‍්‍රභල විපක්ෂයේ ආධාරයෙන් පාලන බලය තම සියතට ගතහොත් ගෝඨාභය රාජපක්ෂට නැවත් බලයට පැමිණීමේ අවස්ථාව ඇති බැවිනි.
මෙම හේතුව නිසාවෙන් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනික වශයෙන්  මුළුගැන්වීම නැතහොත් කොන්කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. මේ අතරතුර නව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන විදේශීය මැදිහත්වීම් වලින් තොර අභ්‍යන්තර යුධ අපරාධ පරීක්ෂණයක් සඳහා ඉඩකඩ වෙන් කරන බව ප‍්‍රකාෂ කර සිටියේය. මෙහිදී ජනාධිපති ලේකම්වරයා ප‍්‍රකාෂ කර සිටියේ නිශ්චිත යුධ අපරාධ සම්බන්ධයෙන් අධිචෝදනා ගොණුකරන බවයි.  එහිදී ඊනියා සුදු කොඩි සිද්ධිය මූලික වේ. එනම් යුද්ධය පැවති අවසාන දිනයේ රජයේ හමුදාවන්ට සුදු කොඩි සහිතව භාර වීමට පැමිණි දෙමළ නායකයින් වරදකාරී ලෙස ඝාතනය කිරීමයි. මෙය ඉතා ඉහළින් සැළකිය යුතු දරුණු ගණයේ ප‍්‍රකාෂයකි. මන්ද ශී‍්‍ර ලාංකිකයින් මෙන්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව       සඳහන් කළ පරිදි එවකට හමුදා ප‍්‍රධානියා ප‍්‍රකාෂ කරන ලද්දේ සියළුම දෙනා මරා දමන්නයනුවෙන්  ගෝඨාභය රාජපක්ෂ හමුදාවන්ට අණ ලබා දුන් බවයිතවද ඔහු මෙම ප‍්‍රකාෂය  ඕනෑම යුධ අපරාධ සම්බන්ධ පරීක්ෂණයකදී සිදුකිරීමට සූදානම් බවද ප‍්‍රකාෂ කළේය.
නමුත් පත්වූ නව රජය ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තනිව කි‍්‍රයා පටිපාටියකට යොමුවීම, තවමත් දේශපාලනික වශයෙන් අවදානම් සහගත කි‍්‍රයාවකි. මෙහිදී නව රජයට සහයෝගයක් ලෙස ඇමරිකා එක්සත් ජනපද රජය මගින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යුධ අපරාධ සම්බන්ධ චෝදනා යටතේ අධිකරණමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය. මෙමගින් නව රජයට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවස්ථාවක් ලැබෙනවා මෙන්ම පාර්ලිමේන්තුව තුළ යුක්තිසහගත ලෙස කටයුතු කිරීමේ හැකියාවක්ද ලැබේ. මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය නිසාවෙන් අන්‍ය ජාතීන්ගේ ගැටළු වෙත ඇ`ගිලි ගැසීමේ චෝදනාවන්ට ඇමරිකාව ලක්වන්නේද නැත.

ශී‍්‍ර ලංකාව වෙත උදාවූ මෙම නව ප‍්‍රතිස්ථාපන අවස්ථාව තුළ මේ පිළිබඳව තීරණයක් නොගෙන ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යුධ අපරාධ සම්බන්ධ චෝදනා ගොණු කළ යුතුයි යන්න මෙම අවස්ථාවේ ඔබාමා පාලනය විසින් පොදුවේ ප‍්‍රකාෂ කළ හැකිය. මෙම සංඥාව මගින් රට තුළ උදාව ඇති මෙම තීරණාත්මක අවස්ථාවේ රාජපක්ෂවරුන් ඊට බාධා නොවන ලෙස දේශපාලනිකව මුළුගැන්විය හැකිය. එපමණක් නොව ජනපති සිරිසේන පාලනය යටතේ, විනාශ වූ අතීතය වෙනුවට ගෞරවයෙන් පිරි සෞභාග්‍යයක් උදාකර ගැනීමේ අවස්ථාවක්ද ජනතාවට ලැබෙනු ඇත. නමුත් මේ අවස්ථාවේදී ඇමරිකානු එක්සත් ජනපදය තම වගකීම නිසි ලෙස ඉටුකළ යුතුය. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව හුදෙක් ශී‍්‍ර ලාංකිකයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පමණක්ම සඳහාය

පරිවර්තනය - අයේශ් මධුශංඛ විජයසිංහ

මෙම ලිපිය 2015.03.01 දින "ඇත්ත" පුවත් පතේ පළ වූවකි

No comments:

Post a Comment