Friday, July 29, 2016

ඩයනා කුමරිය හා ඇය ජනප්‍රිය වීමට බලපෑ ප්‍රධාන හේතු







               ඩයනා කුමරිය 20වන සියවස තුල වැඩියෙන්ම කථාබහට ලක් වූ චරිතය ලෙස හැඳින්විය හැකි අතර 1999 දී Times සඟරාව මගින් ඇය 20වන සියවසේ වැදගත්ම පුද්ගලයින් 100 දෙනාගෙන් කෙනෙක් ලෙස නම් කරන ලදී. ඩයනා කුමරියගේ ජනප්‍රියත්වය ප්‍රධාන කොටස් 2ක් යටතේ සාකච්ඡා කළ හැකිය.එනම්

  • ඩයනා කුමරිය ජීවත්ව සිටි කාලය තුල ලද ජනප්‍රියත්වය
  • ඩයනා කුමරිය මියගිය පසු ලද ජනප්‍රියත්වය


ඩයනා කුමරිය ජීවත්ව සිටි කාලය තුල ලද ජනප්‍රියත්වය

            1961 ජූලි 01 දින උපත ලද ඩයනා කුමරිය 1997 අගෝස්තු 31 වන මිය යනවිට සමස්ථ ලෝක ප්‍රාජාව තුල නොමැකෙන මතකයන් රැසක් ඉතිරි කරමිනි. ඇය ජීවත් වූ කාලය තුල විවිධ හේතු සාධක නිසාවෙන් ඇය ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබුනි-එම හේතු සාදක පහත පරිදි විග්‍රහ කල හැකිය.එනම්,

රාජ්‍යත්වය හා ගෞරව නාම

             ඩයනා කුමරිය ජනප්‍රිය චරිතයක් බවට පත් වීමට මූලික වශයෙන් බලපෑ කරුණක් ලෙස මෙම රාජ්‍යත්වය හා ගෞරව නාමයන් ලැබීම හැඳින්විය හැකිය. චාල්ස් කුමරු සමඟ විවාහ වීමෙන් පසුව රාජ්‍යත්වය හා පහත සඳහන් ගෞරව නාමයන් ඇය වෙත හිමිවිය.
  • Princess of Whales
  • Duchess of Cornwall
  • Duchess of Roth say
  • Countess of Chester
  • Baroness of Renfrew



රූපසම්පත්තිය

             ඩයනා කුමරිය ජනප්‍රිය චරිතයක් බවට පත් වීමට මූලික වශයෙන් බලපෑ තවත් කරුණක් ලෙස ඇය සතු කරගෙන තිබූ රූපසම්පත්තිය හැඳින්විය හැකිය- 20වන සියවසේ වැඩිපුරම ජායාරූප වලට හසු වූ කාන්තාව ( The world most photographed woman ) යන විරුදාවලිය ඇයට හිමි වන්නේ ඇය සතුව පැවතියා වූ රූපසම්පත්තිය නිසාවෙනි.චාල්ස් කුමරු සමඟ විවාහ වීමට මෙන්ම ලෝක ජනයා වෙත සමීප චරිතයක් වීමටද ඇය සතු කරගෙන තිබූ රූපසම්පත්තිය හේතුවක් විය.

විවාහ මංගල්‍යය

        ඩයනා කුමරිය 1981 ජූලි 29 දින එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරාව විවාහ කර ගන්නා ලදී. එම විවාහය 20 වන සියවසේ විවාහය ලෙසද මාධ්‍යය වාර්ථා කලේ එහි තිබූ ජනප්‍රියත්වය නිසාවෙනි. මෙය විවිධ රූපවාහිනී නාලිකා මගින් ලොව පුරා සජීවීව වාර්ථා කල අතර එය ප්‍රේක්ෂකයන් මිලියන 750කට අධික සංඛ්‍යාවක් සජීවීව නරඹා තිබුනි.

තවද විවාහයේදී  ඩයනා කුමරිය පළදිනු ලැබූ මුදුවද ඉතා ජනප්‍රිය මෙලමක් බවට පත්විය.එය දියමන්ති 14ක් හා කැරට් 12 නිල් මැණිකකින් සමන්විත වූ අතර කැරට් 18 සුදු රත්තරන් වලින් නිමවා තිබිනි.මෙම මුදුව ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය මෙලමක් බවට පත්විය. ඒ ලොව පුරා රන්කරුවන් මෙම මුදුව අනුකරණය කිරීමට ආරම්භ කිරීමත් සමඟය.

එපමණක් නොව විවාහයේදී  ඩයනා කුමරිය අඳිනු ලැබූ මංගල ඇඳුමද ඉතා ජනප්‍රිය මෙලමක් බවට පත්විය. මෙම ඇඳුම ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය මෙලමක් බවට පත්විය. ඒ ලොව පුරා ඇඳුම් නිර්මාණකරුවන් මෙම මංගල ඇඳුමද අනුකරණය කිරීමට ආරම්භ කිරීමත් සමඟය.

ලබාගත් ජයග්‍රහණ

        ඩයනා කුමරිය ජනප්‍රිය චරිතයක් බවට පත් වීමට ඇය ලබාගත් ජයග්‍රහණද විශාල පිටිවහලක් විය. ඉන් ප්‍රධානතම ජයග්‍රහණය වන්නේ 1997 දී ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමි වීමයි. දෙවන ලෝක යුද්ධ සමය තුල හා 20 සියවසේ විවිධ රටවල ඇති වූ සිවිල් යුධ තත්වයන් නිසාවෙන් වල දමන ලද බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ලෝක ජනමතයක් සකස් කිරීම වෙනුවෙන් බිම් බෝම්බ ඉවත් කිරීමට තම ස්වේච්ජා දායකත්වය උපරිමයෙන් ලබා දිම වෙනුවෙන් ඇයට මෙම නොබෙල් සාම ත්‍යාගය හිමි විය. මෙමගින් ඩයනා කුමරිය ලොව තුල ඉතා ජනප්‍රිය චරිතයක් බවට තම ස්ථානය වෙන් කරගත්තේය.

         තවද ඇය ලබාගත් නම්බු නාම හා Times සඟරාව මගින් ඩයනා කුමරිය 20 වන සියවසේ කීර්තිමත්ම චරිතය(Eminent celebrity in 20th century) ලෙස නම් කිරීමද ඇය ලබාගත් ජයග්‍රහණ ලෙස නම් කල හැකිය- එමනිසා ඩයනා කුමරිය ජනප්‍රිය චරිතයක් බවට පත් වීමට ඇය ලබාගත් ජයග්‍රහණද විශාල පිටිවහලක් වූ බව ප්‍රකාෂ කල හැකිය.


පැපරාසි ජායාරූපකරණය

          ඩයනා කුමරිය 20වන සියවස තුල වැඩියෙන්ම කථාබහට ලක් වූ චරිතය ලෙස මෙන්ම ඔසපැි සඟරාව මගින් ඇය 20 වන සියවසේ කීර්තිමත්ම චරිතය( Eminent celebrity in 20th century )  ලෙස නම් කිරීමට බලපෑ ප්‍රධානතම හේතුවක් වූයේ ඇය 20වන සියවසේ වැඩිපුරම ජායාරූප වලට හසු වූ කාන්තාව ( The world most photographed woman ) යන විරුදාවලිය ඇයට හිමි වීමයි. එසේ ඇය වැඩි වශයෙන් ජායාරූප වලට හසු වූයේ පැපරාසි ජායාරූපකරුවන් නිසාවෙනි. ඩයනා කුමරිය සහභාගී වන සියළුම උත්සව, මාධ්‍ය සාකච්ජා,  නිල සංචාර, සමාජ සත්කාර පමණක් නොව ඇය ලොවට හොර රහසේ ගිය ගමන් බිමන් පවා ඔවුන්ගේ කැමරා කාච වල සටහන් විය. මේ නිසාවෙනි ඇය දිනෙන් දින පුවත් මවන්නියක් බවට පත් විය. 1981 සිට ඇයගේ ජනප්‍රියත්ව වර්ධන වේගය 47% එම වර්ධන තත්වය ඇයට අත්කර දීමට මෙන්ම ඇය මිය යාමට පවා පැපරාසි ජායාරූපකරුවන් හේතුවිය.

ආදර සබඳතා

ඩයනා කුමරිය 20වන සියවස තුල වැඩියෙන්ම කථාබහට ලක් වූ චරිතය බවට හැඳින්වීමට ඇය පවත්වාගෙන ගිය ආදර සබඳතාද ඉවහල් විය. චාල්ස් කුමරු කැමිලා පාකර් සමඟ අනියම් සබඳතාවයක් පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයද තම අශ්ව පුහුණුකරු වූ මේජර් ජේම්ස් හෙවිට් සමඟ අනියම් සබඳතාවයක් 1985දී ඇති කරගත්තේය. නමුත් මේ පිළිබඳව කිසිඳු කරුණක් 1992 වසර වන තුරු හෙළි නොවූ අතර 1992 දී ඇන්ඩෘ මෝටන් විසින් රචිත Diana: Her true story කෘතියෙන් හා ඊට සමගාමීව පළ වූ Sunday Times  පුවත්පතින් ප්‍රථම වරට මෙය හෙළි කරන ලදී. ඉන් අනතුරුව 1994 දී Princess in Love කෘතියෙන් හා ඒ ආශ්‍රිතව 1996දී නිර්මාණය කරන ලද චිත්‍රපටය මගින්ද මෙම අනියම් සබඳතාවය පිළිබඳව හෙළි කරන ලදී- මෙමගින් ඇය පුවත් මවන්නියක් බවට පත්විය.

1996දී පාකිස්ථානු ශල්‍ය වෛද්‍යවරයෙකු වූ හස්නාත් ඛාන් සමඟද අවුරුදු 2ක ප්‍රේම සබඳතාවයක් පැවැත් වූ ඇය එය 1997 ජූනි මස නවතා දමන ලදී- අනතුරුව ඉන් මාසයක් ගතවත්ම එනම් 1997 ජූලි මාසයේදී ඇයගේ අවසාන පෙම්වතා වූ කෝටිපති ව්‍යාපාරික ඩොඩී අල් ෆායඞ් සමඟ ප්‍රේම සබඳතාවයක් ආරම්භ කරන ඇය 1997 අගෝස්තු මස 31 දින මිය යන තුරුම ඔහු සමඟ සිටියාය- ඇය මියයාමට හේතුවද මෙම ඩොඩී අල් ෆායඞ් සමඟ ඇතිකරගත් ප්‍රේම සබඳතාවය බව පසුකලෙක කථාබහට ලක් විය
 
ඩයනා කුමරිය මියගිය පසු ලද ජනප්‍රියත්වය

ඩයනා කුමරිය ජනප්‍රිය චරිතයක් බවට පත් වීමට බලපෑ තවත් කරුණක් ලෙස ඇය අඩු වයසකින් එනම් අවුරුදු 36ක් වැනි කෙටි කාලයක් තුල මියයාම හැඳින්විය හැකිය. ඇයගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත වීම ඊට ප්‍රධාන වශයෙන් බලපාන ලදී- ලොවක් හැඬවූ ඩයනා කුමරියගේ අවමංගල්‍ය උත්සවය ලොව වටා ප්‍රේක්ෂකයන් බිලියන 2-5ක් සජීවීව නරඹන ලදී. එයම ඇය කෙතරම් ජනප්‍රියත්වයත්වයක් ලබා සිටියේද යන්න පසක් කරණ කරුණකි.

ඩයනා කුමරිය මරණින් පසුවද ජනප්‍රිය චරිතයක් ලෙස හඳුන්වනු ලබන්නේ පහත සඳහන් කරුණු නිසාවෙනි. එනම්,

  • 1999 - Times සඟරාව මඟින් ඇය ඇය 20වන සියවසේ වැදගත්ම පුද්ගලයින් 100 දෙනාගෙන් කෙනෙක් ලෙස නම් කිරීම.
  • 2002 - BBC ය මගින් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම බි්‍රතාන්‍යයන්100 දෙනාගෙන් කෙනෙක් ලෙස නම් කිරීම.
  • 2006-07-03 දින ඉතාලියානු Chi සඟරාව මඟින් ඇයගේ මියගිය ජායාරූපයක් පළ කිරීම හා එය ආන්දෝකනාත්මක ලෙස ජනප්‍රියවීම.
  • 2013-03-19 දින පවත්වන ලද වෙන්දේසියකදී ඇය විසින් පරිහරණය කරන ලද ඇඳුම් 10ක් ඉතා ඉහළ මිල ගණන් වලට වෙන්දේසි වූ අතර ඇය විසින් 1985 දී ධවල මන්දිරයේදී ජෝන් ට්‍රැවෝල්ටා සමඟ නර්ථනයේ යෙදුනු Midnight Blue Velvet  ගවුම පසුකලෙක Travolta dress ලෙස හැඳින් වූ එය ෆෑන්ක් 800,000 වෙන්දේසි විය.
  • 2013 දී OCAD University of  Toronto Canada මඟින් නව කලා ආයතනයක් ආරම්භ කල අතර එය Princess of Whales Visual Arts Center  ලෙස නම් කරන ලදී.

      ඉහත සඳහන් කරන ලද කරුණු මගින් පැහැදිලි වන්නේ ඩයනා කුමරිය මරණින් පසුවද ජනප්‍රිය චරිතයක් ලෙස ලෝකවාසී ජනයාගේ සිත් තුල රැඳී සිටි බවයි.

අයේශ් විජයසිංහ

No comments:

Post a Comment